(අංජුල මහික වීරරත්න)
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පිළිබඳ ප්‍රකාශයක් කරමින් ලංකාදීපයට පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට සමු දෙන්නේ ජාතිය වෙනුවෙන් යුතුකම ඉටුකළ අභිමානවත් නායකයකු ලෙස බව කී විජයවර්ධන මහතා ඔහු කළ මෙහෙය සමස්ත ජාතියේම ගෞරවාදරයට ලක් විය යුතුව තිබෙන බව කීය.
ඉතා අසීරු අඩියක තිබී ගොඩ ගෙන යම් ස්ථාවර තත්ත්වයකට ගෙන ආ ලංකා ආර්ථිකය නැවත අස්ථාවර නොකොට ඉදිරියට ගෙන යාමට අනුර දිසානායක මහතාට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.
ජනතා තීන්දුවට හිස නමන බවද රුවන් විජයවර්ධන මහතා කීය.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රුවන් නව ජනපතිට සුබපතයි
Praba Sunday, 22 September 2024 06:16 PM
රනිල්ට ඕන කලේ සජිත්ව පරද්දන්න. ඔහු ඒක කලා