(මනෝ ප්‍රිය ගුණසේකර)
රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටියදී ජනාධිපති සමාව ලබා දීමෙන් අනතුරුව රටින් පළා ගොස් සිටින ජූඩ් ශාමන්ත ජයමහ නමැත්තා මේ වන විට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (19)දැනුම් දුන්නේය.
එම වරදකරුට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා මේ බව දන්වා සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලීණ.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් රජයේ නීතීඥවරයා සදහන් කළේ මෙම විත්තිකරු රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා විමර්ශන ආරම්භ කර ඇති බවය.
එසේම ඔහුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද එහිදී සඳහන් කෙරිණ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස රජයේ නීතිඥවරයාට නියම කළේය.
මේ දක්වා භාර නොදුන් හා විගණනයට ඉදිරිපත් නොකල සියලුම බලපත්‍ර සහිත ගිනි අවි ජනවාරි මස 20 වන දිනට පෙර භාර දීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙය
කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය ගමනාන්තය අවසන් කර අංගනය වෙත ධාවනය කිරීමේදී රඹුක්කන දුම්රිය ස්ථානයේදී අද (19) සවස පිලී පැනීමකට ලක්වූ බව දුම්ර
ක්‍රීඩාවේ පරිපාලකයා ලෙස කිසිවිටෙක ක්‍රීඩාව සමඟ සෙල්ලම් නොකරන බවත් ක්‍රීඩාව සමග සෙල්ලම් කිරීමට කිසිවෙකුටත් ඉඩක් නොතබන බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් ක
පලතුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ 39 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී අද සවස පෙරළී අනතුරට පත්ව ඇතැයි මීරිගම අධිවේග
ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන රිට් ආඥාව නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභා
ඕස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී තම බිරිඳව පොරවකින් කපා කොටා ඝාතනය කර තම පුතුණුවන්ටද පහරදුන් 47 හැවිරිදි දිනුෂ් කුරේරා නම් ශ්‍රී ලාංකික ජාතිකයා
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
රෝයල් පාක් සිද්ධිය ජූඩි ගැන තොරතුරු හොයනවා