(අංජුල මහික වීරරත්න)
උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලාංකීය උපාධිධාරී සිසුන් සඳහා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව අවස්ථා ලබා ගැනීම ඇතුළු උසස් අධ්‍යාපනික සහයෝගීතාවන් ඇති කර ගැනීම උදෙසා, ගෝලීය විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතර ප්‍රමුඛ ස්ථානයක පසුවන සිංගප්පූරු ජනරජයේ සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා කර තිබේ.
යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම මඟින් ශ්‍රී ලාංකීය සිසුන්ට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි ඇතුළුව පශ්චාත් උපාධි හැදෑරීමටත්, ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගි වීමටත්, ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමටත් අවස්ථාව හිමි වනු ඇත. එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලංකා සිසුන්ට සිංගප්පූරු උපාධි ගන්න ගිවිසුමක්
දුකා Tuesday, 29 April 2025 12:41 PM
කී දෙනෙක් සියදිවි නසා ගනීවිද දන්නෙ නෑ. මහ අමානුෂික රටක්. පවු අහිංසක ළමයි, මුකුත් දන්නෙ නැතිව ආචාර්ය උපාධි කරන්න යනවා. ශ්‍රේණිගතකිරීම් වැඩි වෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න. දන්න නිසා කියන්නේ, පුදුමාකාර විෂාද තත්ත්වයක් ඇති කරන මහ තක්කඩි රටක්. දරුවන්ට ආදරය තියෙනවා නම් ඔය මර උගුලට අසු වෙන්න එපා
ගුණරත්න Tuesday, 29 April 2025 02:16 PM
කාලෙකට ඉහතදී ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල ලංකාවේ ශාඛා විවෘත කරලා අධ්‍යාපන අවස්ථා වැඩි කරන්න ආවම ඒකට මාරාන්තික උද්ගෝෂණ කරලා වැඩේ හබක් කරපු උදවියම ඒ විශ්ව විද්‍යාල වලම වෙනත් රට වල ඇති ශාඛා වලට සිසුන් යවන්න ගිවිසුම් අස්සන් කරනවා. ඕස්ට්‍රේලියන් විශ්ව විද්‍යාල ශාඛා මෙහෙ ඇති කළා නම් ඉන්දියාවෙන් අප්‍රිකාවෙන් දාස් ගානක් ශිෂ්‍යයන් ගෙන්වාගෙන මුදලට අධ්‍යාපනය දෙන්න තිබුන. කොටි දාස් ගානක් ජාතික ධනය ඉතුරු වෙන්නත් විදේශ විනිමය ලැබෙන්නත් තිබුන.
Neel Tuesday, 29 April 2025 06:49 PM
පුදුම කුහක කමක් තියෙන්නේ. ලංකාවේ ඉන්න ළින් මැඩීයෝ..