(යොහාන් භාසුර)
එංගලන්ත තරග සංචාරයේ ගිවිසුමට අස්සන් තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එකඟ වූයේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පවසයි.
එම ගිවිසුමට අස්සන් තබනවාද නැද්ද යන තීරණයට ගැනීමට ක්‍රීඩකයන්ට අද පස්වරු 4.00 දක්වා කාලය ලබාදුන් බවත් එසේ නොවුණ හොත් ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවන්නේ යැයි දැනුම් දුන් බවත් එම නිලධාරියා කියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ගිවිසුම සම්බන්ධයෙන් එංගලන්ත සංචාරයෙන් පසුව සාකච්ඡා කර විසඳුමක් ලබාගන්නා බවත් එම නිලධාරියා සඳහන් කරයි.
කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප
මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප
නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සංචාරක ගිවිසුමට එකඟ වෙති
Raveendra Monday, 07 June 2021 04:37 PM
එකා මෙන් තර්ජන ගර්ජන කිරීමට හැකිනම් එකා මෙන් ක්‍රීඩා කිරීමත් සියලුම පුරවැසියන් නුබලාගෙන් බලාපොරොත්තු වන බව අප "නුබලාට" සදහන් කරන්නෙමු. එසේ නොවී පරාජයම බරාගනිමින් ආපසු පැමිණියහොත් නුබලාගේ පවුල් වලටද " මහජනතාව හෙන ඉල්ලනු නියතය."...නිදහසට ගොන් කරුණු නම් මහජනතාව කිසිවිට බලාපොරොත්තු නොවන බවත් සදහන් කරන්නෙමු.
අනුහස් Monday, 07 June 2021 05:10 PM
යන්න අකමැති සියලුම දෙනා අතහැර දමා අවැසිවුවහොත් හැම වෙලාවේම තුන් වන පෙලක්ද සූදානම් කර තබාගන්න.
ලලිත් එම් Monday, 07 June 2021 05:55 PM
අපිට නම් ඉතින් කියන්න දෙයක් නෑ. ඔය රටට ක්‍රීඩාවට ආදරේ නැති පාහරයින් පන්නලා පොඩි එවුන් ටිකක් දාන්න. මැච් පරාද වෙන එක අවුරුදු දෙකක් විතර යයි...
ලලිත් එම් Monday, 07 June 2021 09:25 PM
මොන කරුමෙට ඔවුන්ට පීචං වෙනවද? කාලකන්නි හැත්ත එක්ක ගනුදෙනු අමතක කර ක්‍රිකට් අවුරුදු දෙකක් අමතක කරන්න. අලුත් කණ්ඩායමක් තෝරා ගන්න..
Raveendra Tuesday, 08 June 2021 07:03 AM
අප තමයි ලෝකේ ඉන්න හොඳම හොඳ ක්‍රිකට් ඔස්තාර්ලා යයි මෝඩයින්ට අප මෙසේ සැලකීමට කැමැත්තෙමු. අප රට නියෝජනය කිරීමට ලද අවස්ථාවෙන් තමන්ගේ බඩ ගැන පමණක් සිතීමෙන් නුඹලා මහජනතාවගේ සාපයට ලක්වීම කිසිසේත්ම වැළැක්විය නොහැක. එබැවින් කණ්ඩායම් හැඟීමෙන් බඩ ගැන නොසිතා එකා මෙන් ක්‍රීඩා කරපියව්.... නොඑසේ නම් නුඹලාගේ හත්මුතු පරම්පරාවටම අහිංසක මහජනතාව හෙන ඉල්ලනු නොඅනුමානයි. විශේෂයෙන් නුඹලගේ දෙමාපියන්ට නිදහසේ නිදාගැනීමටද නොහැකි වෙනු නියතය. මක්නිසාදයත් මහජනතාව ඒ අහිංසක දෙමාපියන්ව සෑම මොහොතේම අශීලාචාර ලෙස මතකරනා බැවිනි. මෙම අදහස් අප රට නියෝජනය කරන අපි තමයි හොදම වැඩකාරයින් යයි ඔලු උදුම්මාගත් උද්දච්ච, මෝඩ, බූරුවන්ට එලෙසම කියවීමට හැකි වේවා...!!!
de silva Tuesday, 08 June 2021 07:46 AM
මේ කාලකණ්ණි රැලේ ඉන්න වැඩිහරියකට කිසිම විනයක් නොමැත. රාත්‍රියට පාටි දමලා හොඳටම බිලා පාරේ වාහන එළවීම මොවුන්ගේ විනෝදාංශයකි. මේ අය පාවිච්චි කරන්නේ කෝටි 3.5ක් පමණ වන ජීප් රථ.. ෆිට්නස් එක බිංදුවටම බැහැලා... එක වරුවක් ෆීල්ඩ් කළොත් මොවුන්ට කෙණ්ඩ පෙරළීම වැනි රෝගාබාධ හැදෙනවා. මේ අය පගාව අරන් මැච් පරදින බවක් පේනවා. ලලිත් මහත්තයාගේ අදහස මමත් අනුමත කරනවා. මේ අය සෙට් එකම එළවලා දමලා අලුතින් කණ්ඩායමක් අරන්.. ක්‍රිකට් මණ්ඩලයේ ක්‍රීඩකයන්ගේ ගෙවීම් සම්බන්ධව ව්‍යවස්ථාවට ඇතුල් කරලා මුල ඉඳලාම හදලා ගත්තොත් තව අවුරුදු 5-10කින් නැවත ජාත්‍යන්තර තලයට එන්න පුළුවන්. ක්‍රීඩා ලෝලීන් වන අපිත් මේ මාෆියාවට විරුද්ධව පාරට බැසීමට කාලය පැමිණ තිබෙනවා.
RaveendraTuesday, 08 June 2021 02:45 PM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මෙම ක්‍රීඩාව ඉහළට ගෙනඒමට කැපවුණු අපේ ඒ පැරණි ක්‍රීඩකයන්ටත් ලැජ්ජාවක් මේ බූරුවන් හැසිරෙන ආකාරය. අප තරයේ විශ්වාස කරන්නේ මොවුන්ගේ මාෆියාවට කිසිවිට ඉඩදිය යුතු නැත යන්න. එකා මෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න බැරි නම් ඔක්කොම කොට්ට මෙට්ට අකුලාගෙන මකබෑවුණා නම් හරි මිනිසුන්ගේ බලාපොරොත්තු නැති නොකර.. විනයක් නැති තැන දියුණුවක් කොහෙත්ම නැත. ඇත්තෙන්ම පව් මොවුන්ගේ දෙමාපියන්... ඒ මිනිස්සුන්ට නිදහසේ නිදාගන්නවත් නැහැ කොච්චරවත් කිවිසුම් යනවා.. කියමනක් තියෙනවා හැදිච්චි අම්මලාගේ නැහැදිච්ච අය කියලා. බඩ ගැන නොහිතා රට ගැන හිතලා ක්‍රීඩා කරනවා නම් කරව්... නැත්නම් දැම්ම දාලා පලයව්...
Asanga Tuesday, 08 June 2021 07:59 AM
රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න කැමැති හොඳ ක්‍රීඩකයෝ ටිකක් තෝරගන්න. නැතිනම් ලංකාවේ ක්‍රිකට් නැත්තටම නැතිවෙයි.