IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලෝක කරුමකයක් වූ ලෝක උරුමය

(කාංචන කුමාර ආරියදාස)

ලෝක උරුමයක් වූ සීගිරි නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට අසූචි මතින් සීගිරි නැගීමට සිදුව ඇතැයි නගර වාසීහු පවසති.

මේ නිසා දේශීය සංචාරකයන් සීගිරි නැරඹීමට පැමිණීමෙන් වැළකී සිටින බව ජනතාව පෙන්වා දෙති.

සීගිරිය ලෝක උරුමයක් වුවද සීගිරියේ නව නගරයේ පදිංචිකරුවන්ට මෙන්ම සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට ලෝක කරුමයක් බව ඔවුහු අවධාරණය කරති.

මෙවන විට පොදු වැසිකිලි පද්ධති දෙකම සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර දේශීය සංචාරකයන්ගේ සනීපාරක්ෂක කටයුතු හෝ සිදු කර ගැනීමට නොහැකිව පවතින බව ඔවුහු පෙන්වා දෙති.

මේ පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ උසස් නිලධාරියකුගෙන් විමසීමේදී කියා සිටියේ මේ පිළිබඳව අවස්ථා ගණනාවක සැලසුම් කළ ද වර්ෂාව ලැබෙන විටදී මෙම භූමිය ජලයෙන් යට වී වැසිකිළි වළවල් උතුරා ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ වී යෑම වළක්වාලීමට නොහැකි බවයි.



අදහස් (9)

ලෝක කරුමකයක් වූ ලෝක උරුමය

Rohana Saturday, 13 January 2024 09:08 PM

කාශ්‍යප රජතුමා මෙතන වැරැද්දක්කරල තියෙනවනෙ. බලකොටුව හදද්දි මේබිම වැසිවතුර නොයනසේ පොලව උස්සල හදන්ක තිබුන කියල බෝලෙ පාස්කරන්න කියලද කියන්නෙ.

:       0       0

චන්දන Saturday, 13 January 2024 09:37 PM

මේක ලෝක උරුමයක් කියන්නත්ලැජ්ජයි. සල්ලි හම්බ කරන්න විතරයි හදන්නේ. සංචාරකයන්ට කිසිම පහසුකමක් නැහැ. අභ්‍යන්තරපාරවල්ගන්න දෙයක් නෑ. වාහන නවත්වන්න තියෙන තැන්ගැන කතා කරන්න දෙයක් නැහැ. හැම තැනම කාක්කො. කිසි පිළිවෙලක්නැහැ.

:       0       2

Nihal Saturday, 13 January 2024 09:47 PM

වතුර ට යටවෙන නම් උස් තැනක හදන්න

:       0       0

C.K.Lankaputhra Saturday, 13 January 2024 11:32 PM

ඕවා කරන්න සල්ලි කොහෙද තියෙන්නෙ, නැවේ පාටියට ලක්ශ 50ක් 60 ක් වියදම් උනා. ලොකු මහත්තයත් ලොකු වැඩකට ඇමරිකාවට ගියා. ඒකටත් ලොකු වියදමක්. සීගිරියේ කක්කුස්සි ගැන මගුලක් කතා කරනවා. මලපහ කරන්න තැනක් නැත්තන් සුද්දන්ට ඔය කැලේ තියෙන්නෙ, බර සැහැල්ලු කරගන්ට ඕනැ නම් කැලේට යන්න කියන්න.

:       0       1

Siri Sunday, 14 January 2024 12:02 AM

සීගිරියේ පමණක් නොවේ අන් හැම තැනකමත් ඔය ප්‍රශ්නය තියෙනවා. සීගිරියට ගිය දවසක එතන තියෙන වැසිකිළි භාවිතයට තරම් සුදුසු තත්වයක නොමැති නිසා විදේශ සංචාරකයින් සමඟ පැමිණි මඟ පෙන්වන්නෙකු සංචාරකයින්ට " ගස්වලට මුවාවී අවශ්‍ය කටයුත්ත කරගන්නා ලෙසට" උපදෙස් දෙනවා අපි ඇස්දෙකෙන්ම දැක්කා. ඒ වගේ කටයුතු ඊට කලින් දැක ඇත්තේ අප්‍රිකානු රටවල මහා වනාන්තරයේ කරන සෆාරි සංචාරයන් වලදී පමණයි. ඒවගේ තැන්වල අවට වෙන කවුරුවත් බලාගෙන ඉන්නේ නැති නිසා අවුලක් නැතුව ඇති. එක අවස්ථාවක සීගිරියේ සිංහපාදය අසල වැසිකිළි පද්ධතියක් හදන්න උත්සාහ කළ අවස්ථාවේදී එයට විශාල විරෝධතාවක් එල්ල වුණු නිසා ඒ කටයුත්ත අත්හැර දමන්න සිදුවුණා අපට මතකයි. සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සකසා දෙන්න බැරි නම් " ලස්සන රට ඇවිත් බලපල්ලා" කියලා සංචාරකයින් ගෙන්වාගන්න එක අපරාධයක්. ප්‍රධාන පෙලේ හෝටල් වුණත් යුරෝපයේ මිලගණන් අයකරන නමුත් එවැනි පහසුකම් සපයන්නේ නැති බවටත් නැගෙන චෝදනා අහන්න ලැබෙනවා...

:       0       3

SAMAN Sunday, 14 January 2024 12:14 AM

ලෝක කරුමයක් වූ ලෝක උරුමය නැරඹීමට පැමිණෙන සංචාරකයින් මුහුණ දෙන්නා වූ ගැටළු පිළිබඳව සොයාබැලීම සංචාරක ඇමැතිවරයාට හෝ සංචාරක ප්‍රවර්ධන හෝ සංචාරක අමාත්‍යාංශයේ වගකීමක් නොවේ..

:       0       5

විජිත් Sunday, 14 January 2024 04:12 AM

සැලසුම් හදන " උගතුන් "ගේ අධ්‍යාපන මට්ටම, මින් ලස්සනට පිළිබිඹු වෙනවා. ඔය සැලසුම් හදන අයගෙන් දැනුම, පරිණත බව.. තිබෙන අය ඉතාමත් අල්ප ප්‍රමාණයක් පමණයි සිටින්නේ. ඒ අයටත් තම දැනුම නිවැරැදි ලෙස යොමුකිරීමට ඉඩ නොදෙන කාලකන්නි මෝඩ නූගත් රැසක් දේශපාලුවන්ගේ මාර්ගයෙන් ඔය රාජකාරිය කරන්න පත්කරලා තිබෙනවා. වැඩිය ඕනෑ නැහැ... ඔය වැසිකිලිය සලසුම්කළ මෝඩයාව වන්දි නැතිවම ගෙදර යවන්න වටිනවා. ඒවා කොහේද මේ ධර්මද්වීපයේ...

:       0       9

Premasiri Sunday, 14 January 2024 07:00 AM

වැසිකිළි අලුත්වැඩියා නොකළාම මොකෝ... ලොකු එකාද කලේ..? පොඩි එකාද කලේ කියලා... ගාන කපාගන්න පුළුවන්නේ... ඉස්සර මිනිස්සු කිව්වේ බළලා මැටියෙන් වුණත් මොකද මීයො අල්ලනවා නම් කියලා තමයි... ඉතින් සභාවේ ලොක්කෝ (ඕවායේ දැනට සිටින ලොක්කා ලේකම් තමයි) තමුන්ලා සැලසුම් හදනකොට ප්‍රදේශයට වහින කාලය දන්නේ නැද්ද? වතුරට යටවෙන තැන දන්නේ නැද්ද? අවශ්‍යතාව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ...!

:       0       8

Piyathissa Sunday, 14 January 2024 08:40 AM

ප්‍රාදේශීය සභාවෙ ටීඕලාට ආදායම් පරිපාලකට ලැබෙන මුදල් මදිඇති නැත්නම් තමන්ගේ ප්‍රදේශයේ අවලස්සන වීමවත් නවතන්න බැරිද? ඇත්තටම පළාත් පාලන ආයතන කියන්නේ හොර ගුහාවල් කිව්වාම වරදක් නැහැ... හරි නම් ඕවායේ සිටින සියලු දෙනාටම වැටුප් රජයෙන් නොගෙනාවා නම් ඔය ආයතන හැදෙන්න පුළුවන්.., රජයෙන් වැටුප් ලැබෙනකොට සේවකයින් වැඩ කරන්නේ නැහැ.. මම අත්දැකීම් ඇතුව කියන්නේ...

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 221 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 402 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 768 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 887 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 676 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 637 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site