(යොහාන් භාසුර)
පස්වැනි ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (28) සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු විස්සයි20 ක්‍රිකට් ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර පැවැති ආසියානු කුසලාන විස්සයි20 කාන්තා තරගාවලි හතරේදී ශ්‍රී ලංකාව 2022 වසරේ පමණක් අනු ශූරියන් බවට පපත්විය.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 8 කින් ප්‍රබල ඉන්දීය පිල පරාජය කිරීමට සමත් වූහ.
හර්ෂිතා සමරවික්‍රම ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කාරියක් බවට පත්වෙමින් පන්දු 51 කින් හතරේ පහර 6 ක්සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස්කරමින් ජයග්‍රහණය දක්වා රැගෙන ආවාය.
හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි තෙවැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 73 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
කවීෂා දිල්හාරි පන්දු 16 කින් හතරේ පහරක් සහ හයෙ පහරක් සමගින් නොදැවී ලකුණු 30 ක් රැස්කිරීමට සමත් වූවාය.
චමරි අතපත්තු පන්දු 43 කින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 61 ක් රැස්කරමින් ජයග්‍රහණයට අනගි අඩිතාලමක් දැමීමට සමත්වූවාය.
ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 165
(ශෆාලි වර්මා 16, ස්මිත්‍රි මන්දානා 60, ජෙමීමා රොද්‍රිගස් 29, රිචා ගෝෂ් 30, කවීෂා දිල්හාරි 36/2)
ශ්‍රී ලංකා කාාන්තා ක්‍රිකට් පිල ඕවර 18.4 කදී කඩුලු 2 ට 167
(චමරි අතපත්තු 61, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 69, කවීෂා දිල්හාරි නොදැවී 30)
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිස
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද නව වසරේ වැඩ ඇරැඹීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලක් කෙල්ලෝ ආසියාවම දිනයි
Chandima Sunday, 28 July 2024 07:27 PM
බලන්න අපේ ගරු ජනපතිතුමාගේ ආණ්ඩුව යටතේ අපි කිුකට් ශුරතාවය ලබාගත්තානේ
Prabha Sunday, 28 July 2024 09:58 PM
කෙල්ලෝ ටික ඔය තැනට ආවේ දුක් විඳලා. නැතිව පිනට නෙවෙයි.
රාලහාමි Sunday, 28 July 2024 11:13 PM
බැට් එකවත් උස්සගන්න බැරි, කලිසම උස්ස උස්ස යන එකා කරපු මගුලක් නැහැ යකෝ.මෙතනට ජරා දේශපාලනය ගේන්න එපා.
Nimal Fernando Sunday, 28 July 2024 07:29 PM
සුබ පැතුම් කෙල්ලනේ
සෝමසිරි Sunday, 28 July 2024 07:34 PM
සුබ පැතුම් කෙල්ලනේ
saman Sunday, 28 July 2024 08:09 PM
යකෝ ගැහැව්වා යකෝ ඉන්දියාවට... එල කිරි වෙන්න කෙල්ලෝ ටික
NANDALAL DE SILVA - France Sunday, 28 July 2024 10:42 PM
මාර ගේමක්නේ අපේ කෙල්ලන් ඉන්දියාවේ කෙල්ලන්ට දීලා තියෙන්නේ !!! කඩුලු අටක ජයක් කියන්නේ සුළු පටු ජයග්‍රහණයක්ද? මෙන්න අපෙන් ඔයාලට උම්මා ගොඩාරියක්...!
විජිත් Sunday, 28 July 2024 11:09 PM
කණ්ඩායමේ තිබු " ටීම් ස්පිරිට් " එක නියමයි, එය දිගටම පවත්වාගන්නතෙක් ජයග්‍රහණය ඔබ සමගමයි. වර්තමානයේ "ශ්‍රී ලංකික ක්‍රිකට් කතාන්දරය "ඉතිහාසයේ ලියමින් " සැබෑවූ අනාගත ක්‍රිකට් සිහිනයත් " ඔබම වන්න. චමරි ඇතුළු මුළු කණ්ඩායමටම සුබ පැතුම්...!!!
Kanishka Sunday, 28 July 2024 11:23 PM
අපිට ඇත්තටම දක්ෂ කණ්ඩායමක් ලැබිලා තියෙනවා.මේ හැම නරක ආරංචියක්ම ශ්‍රී ලංකාවේ පිටාර ගලනවත් එක්කම මේ වගේ දෙයක් අහන්න ලැබීමත් අපි වාසනාවන්තයි.සුභ වේවා මගේ ආදරණීය සහෝදරියනි.හොඳයි.
රංබොඩ Sunday, 28 July 2024 11:43 PM
නිකම්ම ගැහුවා නෙවෙයි ඉන්දියාව අසරණ වෙන්නම ගැහුවා. දැනට ලෝකෙ ඉන්න හොඳම ක්‍රිකට් කණ්ඩායමකට මෙහෙම ගැහුුවම කාටද සතුටු නැත්තෙ !! සතුටු කඳුළු හෙළ හෙළා අපි බැල්වෙ
මඩුගල්ලේ Monday, 29 July 2024 12:16 AM
අපේ සුබ පැතුම් කෙල්ලනේ. ක්‍රිකට් එපාවෙලා හිටිය වෙලාවේ සුපිරි ගේමක් ගැහුවේ ඉන්දියාවට. සුපිරිම තමයි.
Perera Monday, 29 July 2024 06:01 AM
කාන්තා ක්‍රිකට් පිලේ ඉන්න මේ කෙල්ලන්ව ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට දාලා ඒකෙ දැනට ඉන්න එවුන්ව ශ්‍රීලංකා පිරිමි ක්‍රිකට් පිලක් හදලා ඒකට දාන්න කාලේ ඇවිල්ලා
Che Monday, 29 July 2024 07:00 AM
පිරිමි කණ්ඩායමට ගෙවන පඩිය කාන්තා කණ්ඩායමට ගෙවනු.කාන්තා කණ්ඩායමට ගෙවපු පඩිය පිරිමි කණ්ඩායමට ගෙවනු.
Asanga thiththagalla gamage Monday, 29 July 2024 09:43 AM
ජය වේවා...
fairoos Monday, 29 July 2024 11:16 AM
සුභ පැතුම් කෙල්ලනේ
nimal Monday, 29 July 2024 06:37 PM
පිරිමි ජාතික ටීම් එකේ මාසික පඩිය බාගෙකින් කපාදාන්න. උන් කරන මගුලක් නැහැ.ඉඳලා හිටලා කනා පාරක් ගහලා මැච් දිනනවා විතරයි. බොරු ශෝබන දානවා එත් උන්ට පන නැහැ.