(විමුක්ති එස්. රුද්‍රිගු)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රසිද්ධ ලෝක නායකයන් සහ තාක්ෂණික ලෝකයේ දැවැන්තයන්ගේ රුව යොදා ගනිමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද විලාසිතා දැක්මක වීඩියෝවක් ටෙස්ලා සමාගමේ නිර්මාතෘවරයකු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ද වන ඊලෝන් මසක් ඔහුගේ එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ලෝකයා සමග බෙදා හදා ගත්තේය.
නව අදහස් ක්‍රියාත්මක කිරීමට කිසිම විටකත් බිය නොවන ඊලෝන් මස්ක් "කෘත්‍රිම බුද්ධි විලාසිතා දැක්මකට මේ වේලාවයි" ලෙස පවසමින් ඔහු එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව බෙදා හදා ගෙන තිබූ අතර එම වීඩියෝව ලක්ෂ 350 කට වැඩි පිරිසක් නරඹා තිබිණ.
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මාර්ක් සකර්බර්ග්, චීන ජනාධිපති ෂි ජින්පින්, ෆ්‍රැන්සිස් පාප්තුමාගේ රුව සහ ඊලෝන් මස්ක් ඔහුගේ රුව ද මෙම විලාසිතා දැක්ම සඳහා යොදාගෙන ඇත.
අනාගතයේදී ඔවුන් ඇඳ පැළඳ සිටි හැකි ඇඳුම් ආයිත්තම් උපකල්පනය කර කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කෙරුණ විලාසිතා දැක්මේ වීඩියෝව නිර්මාණය කර තිබිණි. විනාඩි එකයි තත්පර විසි තුනක් පුරා දිවෙන වීඩියෝවේ ඔවුන් එම ඇදුම් වලින් සැරසී වේදිකාවේ ඇවිද එන අයුරු දැකගත හැකියි.
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි
පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය
ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෝක නායකයෝ විලාසිතා දැක්මක....
තරිඳු Tuesday, 23 July 2024 01:41 AM
එන්න ඉදිරියට ඇවිත් හඬ නගන්න මේ ආර්ථික ඝාතකයා, හාදයා ගැන
Chathuri Tuesday, 23 July 2024 04:55 AM
අනේ අපේ අය ලෝක නායකයෝ නෙමේදා. ලෝකේ කාලා වතුර බීපූ කට්ටියනේ අපේ අය ගොඩක් අදින්නෙ චිත්‍ර. මල් වට්ටියයි නියම ලතා. ලා
Lakvidu Tuesday, 23 July 2024 06:58 AM
අපේ එකා නරියට අන්දාවි මගෙ හිතේ!
PATTA hora Tuesday, 23 July 2024 09:28 AM
"සමනලයෙක්" ට අඳින එකා නැතිද ?
රංබොඩ Tuesday, 23 July 2024 09:28 AM
ඔහුට උවමනා වී ඇත්තේ රුසියන් ජනාධිපති වරයාට ගැසීමට වග අන්දවා තිබෙන ගැහැණු ඇඳුමෙන් පැහැදිලියි . බටහිරයන් එහෙමයි.
Perera Tuesday, 23 July 2024 10:32 AM
කෝ අපේ මිස්ටර් බීන් නැහැනේ
BamunuaracchiTuesday, 23 July 2024 03:45 PM
රටවල්වල මහ බැංකු කඩලා සුද්ද කරපු නායකයින්ගේ විලාසිතා දැක්මක් පසුව පවත්වනවාලු...
Saman Tuesday, 23 July 2024 01:35 PM
"මහජනතාවගේ දේපල හොරා කාපු නායකයෝ" විලාසිතා දැක්මකට නං අපේ අය ඉන්නවා
Ruwan De Silva Tuesday, 23 July 2024 04:55 PM
රනිල් උතුමාණන් අමුඩය ඇඳන් ඉන්න පින්තූරය නැත්තේ ඇයි?