IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ලෝක බැංකුවෙන් ලැබුණ බිලියන 30 ගැන ඕමල්පේ හිමියෝ විමසති

 

(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
 
කොරෝනා මර්ධනයට උපකරණ ලබාගැනීමට පරිත්‍යාගයක් ලෙස ලෝක බැංකුවෙන් ලැබුණ රුපියල් බිලියන තිහකින් සෞඛ්‍ය උපකරණ මිලදී ගන්නට කටයුතු නොකළේ කොමිස් මුදල් ඉන් නොලැබෙන නිසාදැයි ජනපති, අගමැති, සෞඛ්‍ය ඇමති ඇතුලු සෞඛ්‍ය බලධාරින්ගෙන් ගමන් වහන්සේ ප්‍රශ්න කරන බව දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සේභිත හිමියෝ අද (04) මාධ්‍ය සාකච්ඡාව දී ප්‍රශ්න කළහ.

 

ඇඹිලිපිටියෙ පැවති එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ:

කොරෝනා රෛස උවදුරින් විපතට පත් වි සිටින ජනතාවට සෙත සුව සැලසීම සඳහා ජනතාවට යහපත සැලසීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 167ක් අධාර ලෙස ලැබී තිබෙනවා. ලෝක බැංකුව මෙය මුදල් ප්‍රදානයක් ලෙස නොව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ උපකරණ මිලදී ගැනීමකටයි ලබා දෙන්නේ කියලා ජනමාධ්‍ය මගින් අපි දුටුවා.

ඩොලර් කෝටි 167ක් කියන්නේ රුපියල් කෝටි 3039ක්. එය රුපියල් බිලියන වලින් 30ක්. මෙය මෙවර අයවැයෙන් සෞඛ්‍ය අංශය සඳහා වෙන්කළ රුපියල් බිලින 63ක මුදලින් භාගයක් තරම් වූ ප්‍රමාණයක්.

මේසා විශාල පරිත්‍යාග මුදල් දීමට නියමිතව තිබියදී අදාළ සෞඛ්‍ය බලධාරීන් කිසිම පියවරක් නොගැනීම හේතුවෙන් ඒ මුදල අවලංගු වන ස්වරූපයක් පෙනෙන්න තියෙන්නෙ. කොරෝනා මඩින්න මේ මුදලින් මොනම පියවරක්වත් අරං නෑ කියලයි අවලංගු වෙන්න යන්නේ.

පීසීආර් ප්‍රමාණවත් යන්ත්‍ර නෑ. තියන ඒවා ක්‍රියා විරහිත වෙලා තියනවා. අයිසීයූ පහසුකම් ඉතාමත් අවමයි. පීසීආර් යන්ත්‍ර මිලදී ගැනීම, අයිසීයූ පහසුකම් වැඩිදියුණු කිරීම කළ යුතුව තිබියදී, මේ මුදල් ඊට භාවිතා නොකලේ ඇයිදැයි අපි සමස්ත මහජනතාව වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඇසිය යුතුයි.

මේ මුදල කිසිසේම පාවිච්චි වුණේ නැහැ කියලා ලෝක බැංකුවේ සෞඛ්‍ය කාර්යාංශයේ ශ්‍රීලංකා කාර්යාලයේ අධ්‍යක්‍ෂකවරයා වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහත්මයා ඒ සම්බන්‍ධයෙන් කරුණු දක්වලා තියනවා.  ඒ සමගම රසායනාගරවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහත්මයා ජනපතිතුමාට පවා පැමිණිලි කරලා තියනවා රටේ ජනතාව වෙනුවෙන් ඇයි මේ මුදල පාවිච්චි නොකළේ කියලා. 
 
ක්‍රමවේදයට අනුව, උපකරණ මිලදී ගත යුතුයි. එසේ කලොත් අයථා අකාරයෙන් ලබාගන්නා කොමිස් මුදල් අහිමිවන නිසාද මෙ සා විශාල ධනස්කන්ධයක් අතහැරලා දැම්මේ?

දිළිඳුකමින් දුප්පත්කමින් අපහසුතා රැසක් එක්ක  අපේ රටේ ජනතාව සෞඛ්‍ය ප්‍රශ්න වලදි එදිනෙදා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන්නේ. අපේ රෝහල්වල එක ඇඳේ ලෙඞ්ඩු දෙන්නා තුන්දෙනා ඉන්න අවස්ථා අනන්තවත් තියනවා. ප්‍රමාණවත් ගොඩනැගිලි නෑ. ප්‍රමාණවත් ඇඳන්ටිකවත් නෑ. වෛද්‍ය පහසුකම් නෑ. බෙත්හේත් නෑ. අවසානයේ පීසීආර් මැෂින් ඇත්තෙත් නෑ.  ඒ තියන ඒවත් ක්‍රියා විරහිතයි.

මෙතරම් ගැටලු රැසක් හමුවේ රුපියල් බිලියන තිහක් තරම් විශාල ආධාර මුදලක් පරිභෝගයට නොගත්තේ ඇයි.? නිසිලෙස පාචිච්චි නොකළේ ඇයි? කියන ප්‍රශ්නය අපි චනාධිපතිවරයාගෙන් අහනවා. අග්‍රාමාත්‍යතුමාගෙන් සහ සෞඛ්‍ය ඇමතිනියගෙන්, සෞඛ්‍ය බලධාරී සැම දෙනාගෙන් අපි ප්‍රශ්න කරනවා. ඇයි මේ සා විශාල අලාභයක් රටට අත්කර දුන්නේ. මෙය ජනතාවට සිදුවුන මහා අසාධාරණයක්, අපරාධයක් හැටියටයි අපි මතක් කරන්නේ.

මේ මුදල රටේ ජනතාව වෙනුවෙන් යලි යොදාගත හැකි ක්‍රමවේදයක් තිබේදැයි සොයා බැලිය යුතුයි. සාකච්ඡා කළ යුතුයි. රසායනාගාරවේදීන්ගේ සංගමය පෙන්වා දෙන හැටියට මහජනතාවට සාධාරණයක් ඉටු කළ යුතුයි.
කෝවිඞ් මර්දනයට අවංක ලෙස සෞඛ්‍ය බලධාරීන් උත්සාහ ගන්නවානම් මේ ලැබුණ ප්‍රතිපාදනය

මහා භාග්‍යයක්නේ. ඒක මහා වාසනාවක් නේ. ස්තුති පූර්වකව මේ මුදල අරගෙන වියදම් කළානම්කොරෝනාව මර්ධනය කරන්න තිබුණා නේද? සෝභිත හිමියෝ කීහ.



අදහස් (56)

ලෝක බැංකුවෙන් ලැබුණ බිලියන 30 ගැන ඕමල්පේ හිමියෝ විමසති

de silva Wednesday, 04 November 2020 09:35 AM

ඔබ වහන්සේ 100% නිවැරදියි. කොමිස් මුදල් නොලැබෙන කිසිම ව්‍යාපාරයක් කරන්න නිලධාරියෝ, දේශපාලකයෝ කැමති නැහැ.

:       0       9

Nuwan Wednesday, 04 November 2020 09:46 AM

අවුලක් නැහැ අපේ හාමදුරුවනේ 20 සම්මත කරගත්තනෙ.

:       0       9

සමීර Wednesday, 04 November 2020 10:00 AM

ඕව අහන්න තහනම් ප්‍රශ්ණ හාමුදුරුවනේ. රට බේරගත්ත එක ගැන කියල යුතුකම් ඉටුකරන්න ඡන්දෙ දෙන්න කියල විතරයි හාමුදුරුවරු කියන්න ඕනෙ කියලයි මේ අය හිතන් ඉන්නෙ. දැන් ඉතින් ඔබ වහන්සේලාට වෙන්නෙ දේශද්‍රෝහී හාමුදුරුවරු ගොඩට වැටෙන්න තමයි.

:       0       7

සුදම් හිමි - රත්නපුර Wednesday, 04 November 2020 10:00 AM

අනේ හාමුදුරැවනේ, ඕන නැතිඒවා සොයන්න යන්න එපා. පාඩුවෙ වැඩක් කරං ඉන්න. පාලකයො ඕවට කැමති නැහැ. හාමුරැවරැ මීට පස්සෙ දේශපාලනය කරන්න එපා. පේනවනේ වෙචේච දේ.

:       1       6

indika Wednesday, 04 November 2020 10:08 AM

ඔබ වහන්සේ නොදන්නවා වුනාට මුළු රටම දන්නවා ඔය සල්ලි වලට වුන දේ.

:       1       5

බම්බුආරච්චි Wednesday, 04 November 2020 10:28 AM

අනේ මෙහෙමත් අය!!! අවුරුදු 5ක් රට කාලා උඹලත් ගෙදර පලයල්ලා.

:       16       170

NMThursday, 05 November 2020 01:25 AM

එදා සුනාමියට ලෝකෙන් ලැබුණු කෝටි ගණනක් මුදල් පරිත්‍යග හරියට රුපියලටම රටේ ජනතාවට බෙදලා දුන්නු නායකයෝම තම දැනුත් රට කරවන්නේ. ලෝක බැංකුවෙන් ලැබුණ බිලියන 30 රටේ නායකයන්ට නොදෙන්නේ මන්ද කියා අපටත් ප්‍රස්නයක් හාමුදුරුවනේ,

:       0       7

Champa Wednesday, 04 November 2020 10:31 AM

දැන් මරක්කල ආණ්ඩුව ඕකට උත්තර දෙයි කියලද හාමුදුරුවෝ හිතන්නේ? බොරු කොරෝනා දෙවෙනි රැල්ලක් පිටින් දාල රට පාවල දෙනවා. මිනිස්සුන්ව මුලාකරලා ඊළඟට කරන්නේ බොරු කොරෝනාවෙන් බැට කෑව කියල තමන්ට හිතවාදී ධනපතියන්ට කොරෝනා ආධාර ලබා දීම... මුළු රටම විරුද්ධ වුනු කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දුන්නට මරක්කලයන්ට ලැබුණු කොමිස් එක කීයද? කොළඹ තියෙන ඇමරිකන් තානාපති කාර්යාලය හදල දුන්නු 20 වෙනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේ කරපු වෙනස්කම් ගැන මිනිස්සු දැනුවත්ද? ඊළඟට එන්නේ මරක්කල ව්‍යවස්ථාව... ඒක තාම හදනව කියන්නේ බොරු. ඇමරිකන් තානාපති කාර්යාලය ඒක හදල ඉවරයි. රනිල්ට හදල දීපු ෆෙඩරල් ව්‍යවස්ථාවමයි. එකම ඇමරිකන් න්‍යාය පත්‍රය...

:       20       47

Champa Wednesday, 04 November 2020 10:42 AM

කරන්න තියෙන පාවා දීම් ඔක්කොම කරන කම්, තමන් සිංහල බෞද්ධයන් කියල රටම රවටගෙන හිටපු තව රාජපක්ෂයෙක් පාර්ලිමේන්තු එනකම්, ද්විත්ව පුරවැසිභාවය ඉවත් කළා තවත් වංචාවක් කරනකම්, කොරෝනා දෙවෙනි රැල්ල රට වටේ යයි.

:       14       135

ChampaWednesday, 04 November 2020 11:57 AM

මේ ආණ්ඩුව සිංහල බෞද්ධ ආණ්ඩුවක් නෙමෙයි. අපේ හාමුදුරුවරු තෝරා ගත්තේ "නියම" සිංහල බෞද්ධයෙක් නෙමෙයි කියලා මම ජනාධිපතිවරණ කාලේ ඉඳන් ලියලා තියෙනව. සිංහලයෝ හැමදාම "බන්ධන" වලට අහු වෙලා ඉන්නේ නැහැ. මිනිස්සු දැනුවත් කිරීම සිංහල බෞද්ධ රට රැකගන්න තියෙන එකම විසඳුමයි.

:       0       3

Prasad Wednesday, 04 November 2020 10:52 AM

අප්පොච්චි, බාප්පොච්චි හා මිස්ටර් ටෙන් පර්සන්ට් ඛෙදාගෙන...

:       16       145

beau Wednesday, 04 November 2020 10:59 AM

කොහොමත් මෙයා එජාපයට කඩෙ යන කෙනෙක්නේ. දැක්කේ නැද්ද ගෝල්පේස් එකේදී මෙයාගේ තරාතිරම...? පැවිද්දෝ මොනවටද මුදල් ගැන මෙපමණ කරදර වෙන්නේ? යෝ චායං කාමෙසු කාම සුඛල්ලිකානුයෝගෝ හීනෝ, ගම්මෝ, පෝථුජ්ජනිකෝ, අනරියෝ, අනත්ථ සංහිතෝ....

:       249       15

assscharyaWednesday, 04 November 2020 11:32 AM

මේවා විහිළු.

:       1       2

චන්දන - AustraliaWednesday, 04 November 2020 11:41 AM

යහපාලන ආණ්ඩුව තියෙනකොට ඕමල්පේ හිමියෝ එයට විරුද්දව නෙවේද කතා කලේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමට මහා මැතිවරණයේදී කඩේ ගියේ නැත්ද? එතකොට ඔක්කොම හොදයි ඒත් වැරද්දක් පෙන්නලා දුන්නොත්... අඩු ගානෙ පොඩ්ඩක් හරි කඩේ යන එක නතර කරලා හරි දේ දකින්න/පිළිගන්න පුරුදු වෙන්න

:       1       9

A.B. SrilaWednesday, 04 November 2020 12:09 PM

අපේ රටේ මිනිස්සු කොච්චර වහල් නිවටද කියන්න මේ සමහර කොමෙන්ට් හොදටම ඇති. හොරකං කරනවට විරුද්දව කථා කරන්න කොන්දක් නෑ වගේම කවුරුන්හෝ හොරකමට විරුද්ධව කතාකරනවටද කැමතිනැති මෝඩ වහල්ලුන් රැලකි.

:       1       11

සෙනෙවිරත්න Wednesday, 04 November 2020 12:59 PM

පොහොට්ටුවට කඩේ ගියාට කමක් නැද්ද? ප්‍රශ්නයක් ඇහුවම හැ⁣ට නම ලක්ෂෙට කේන්ති ඇයි?

:       1       20

rangaWednesday, 04 November 2020 04:16 PM

ඔව් මෙක තමයි අද අපේ සංඝ ශාසනයේ යථාර්ථය... බුදුහාමුදුරුවොත් එක්ක ජීවිතය ගතකරනවට වැඩිය ආසයි එක එක්කෙනාට ගොට්ට අල්ලන එක... බුද්ධ ශාසනයත් විනාශ කරගෙන... ඉස්සරහට පැනගෙන ඉන්න එක...

:       66       13

ChampaWednesday, 04 November 2020 04:22 PM

මුදල් ගැන කරදර වෙන්නේ? ඇයි හාමුදුරුවන්ට අකැපද රටේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ලැබෙන ආධාර මුදල් ගැන කතා කරන්න? ඇයි මේ රට රාජපක්ෂලාට ලියලා දුන්නු රටක්ද? අමතක කරන්න එපා මේ ජනාධිපතියි ආණ්ඩුවයි පත් කලේ සිංහල බෞද්ධයෝ කියන එක සහ ඒ පත්වීම් තාවකාලික මිසක් සදාකාලික නැහැ කියන එක. ඒ හින්දා හැම හාමුදුරු කෙනෙකුටමත්, හැම සිංහල බෞද්ධයෙක්ටමත් නීත්‍යානුකූල අයිතියක් තියෙනවා කතා කරන්න.

:       11       84

පහන්Wednesday, 04 November 2020 04:43 PM

කවුරුන් හෝ යම් සිද්ධියක් පෙන්වා දීමට ඇඟිල්ල දික්කරාම ඇඟිල්ල ගැන කතා නොකර වෙලා තියන වැරැද්ද හදාගන්න එක නේද හරි ? මේ වගේ ආධාරයක් රටට ලැබිලා තියනවා නම් ඒ ගැන සොයා බලා රටේ යහපතට යොදවන්න.

:       3       85

beauThursday, 05 November 2020 10:50 AM

හාමුදුරුවන්ට මුල්‍යධර්මය ටිකක් උගන්වන විට නිගණ්ඨයින්ට පිස්සු ඇවිස්සිලා වගේ. රට රකින්න පෙර තමන්ගේ චීවරය රැක ගෙන ඉන්න හාමුදුරුවනේ. නීතීඥයෝ ටික තාමත් සජිත් පුතාණෝ සහ රනිල්ට වදින පුදන උදවිය. බෞද්ධ වෙසින් ඉන්න නිගණ්ඨයෝ ... ලැජ්ජා නැද්ද?

:       5       1

බද්රානි Wednesday, 04 November 2020 11:39 AM

නරින්ට කුකුල්ලු භාර දීලා ඊට පස්සේ අහනවා කුකුල්ලු ටික කෝ කියලා? අනේ මන්දා අපේ හාමුදුරුවනේ? අනික ඉතින් අපි ණයට ගන්න කැමති උනාට , ආධාර ගන්න ගන්න අකමැති මහා ජාතියක්නේ?

:       0       3

ගුණ්ඩා Wednesday, 04 November 2020 11:41 AM

හාමුදුරුවනේ, පැහදලිව වදාරන්න. මෙම මුදල ලැබුණාද, නොගෙන අවලංතු වෙන්න යනවාද, ගත්තෙ නැත්නම් කොමිස් ගහන්නෙ කොහොමද ?

:       0       2

Nandalal DE SILVA - France Wednesday, 04 November 2020 12:07 PM

ඔච්චර දැවැන්ත මුදලක් සමහරවිට කාටද අමතක වෙලා සේප්පුවට දමලා ඇති. මෙ කතාව ටිකක් කාටත් අමතක වුණාට පස්සේ හෙමින් හෙමින් සමහරවිට කීප දෙනෙකුගේ බැංකු ගිණුම්වලට ඇතුල් වෙන්න බැරිත් නැහැ. එහෙම නැතිනම් පිටරට වටිනා දේපළ මිලදී ගැනීමට අත් උදව්වක් වෙවි..!!!

:       0       7

සෙනෙවිරත්න Wednesday, 04 November 2020 12:09 PM

මෙන්න තවත් හද පෙන්නුවම ඇගිල්ල දිහාබලන මහත්මයෙක්... හාමුදුරුවරු ගැන අපිටත් විවේචන තියෙනව. ඒත් මේ කතා කලේ අප වෙනුවෙන් නොවේද?

:       0       6

සත්‍යාපාල මාතර Wednesday, 04 November 2020 12:29 PM

මොන පක්ෂයේ වුනන් ඇත්ත නම් ඇත්ත තමයි. අපිට කාගෙවත් පක්ෂ වැඩක් නැහැ.

:       0       4

dicksan rajapaksha Wednesday, 04 November 2020 12:37 PM

මමත් අප්පච්චිලාට කඩේ ගිය කෙනෙක්. නමුත් මේ ස්වාමින්වහන්සේලා රටේ ප්‍රශ්න ගැන කතා කරලා ගිහි පින්වතුන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.

:       0       3

prabha Wednesday, 04 November 2020 01:03 PM

හාමුදුරුවනේ බොහෝම සරලයි. උත්තරෙ කොමිස් නැත.

:       3       51

roshan Wednesday, 04 November 2020 01:29 PM

රට ඉවරයි තව අවුරුදු 5 කින් ..

:       4       48

Buddika Wednesday, 04 November 2020 01:52 PM

මෙ කියන්නේ නමක් නැති රාජපක්ෂලාට කඩෙ යන කෙනෙක්ද? සෝභිත හාමුදුරුවෝ හැමදාම සත්‍යය වෙනුවෙන් පෙනී හිටියා. එය භික්ෂුවගේ වගකීම. 69 ලක්ෂයක් ඡන්දෙ දීපු මිනිස්සු දැන් සතුටින්ද? රටෙ ධනය මන්කොල්ලකද්දීත් වුන්ම හොදයි කියන මිනිස්සු අතර කෙනෙක් විතරයි. මෙහෙම ගොන්නු ඉන්න තාක්කල් මැදමුලනට හොරකම, වංචාව පහසුයි.

:       5       49

de silva Wednesday, 04 November 2020 01:59 PM

ඔබවහන්සේ නිවැරැදිය. කොමිස් ලැඛෙන්නේ නැති නිසා ආධාර හරවලා යවලා, සියයට 10 පොලියට උපකරණ මිලදී ගන්න කිව්වා නම් අර නොරෙච්චෝලේ බලාගාරය වගේ කොමිස් දුන්නා නම් ඔනෙ කුණු ගොඩක් මෙයාලා ගනීවි..

:       4       48

කල්පනා ගමගේThursday, 05 November 2020 01:19 AM

කන්න ඕනෑ වුනාම කබරගොයාත් තලගොයා වෙනවා වගේ.

:       1       1

K Perera Wednesday, 04 November 2020 02:36 PM

දැන් ඔවා හොයලා වැඩක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස, රාජපක්ෂලාගේ හොරකම් ගැන මුලු රටම දන්නවා. සුනාමියෙන් පටන්ගත් ගැහිල්ල තවම නවත්තලා නැහැනේ. අනෙක් දැන් මොකටද නතර කරන්නේ? ජනතාවත් ඉඩදීලනේ තියෙන්නේ...

:       3       50

ranjith Wednesday, 04 November 2020 02:40 PM

මෙ වගේ දේවල් වලට හරියට පිලිතුරු දෙන්න ජනතා ඡන්දයෙන් බත්වෙලා මහජන මුදලින් වැටුප් ගන්න මහජන නියෝජිතයෝ කටයුතු කළ යුතුය. නොඑසේ කිපිලා මෙවගෙන් මගහරින්න මෙවගෙන් මගහරින්න කටයුතු කිරීම සුදුසු නැත. වැරැද්දක් ඇත්නම් අවංකව එය පිළිගෙන ඉදිරියට යා යුතුය. තමන් කරන දේ හරි කිය කියා මෙතෙක් කල් හැම පාලකයෝම කීවට රට තවම ඉදිරියට ගිහිල්ල නම් නැති බව තමයි පේන්න තියෙන්නේ...

:       1       28

Demuni Uduwara Wednesday, 04 November 2020 03:25 PM

හාමුදුරුවනේ, ඒ අයට අවවාද දෙන්න... `රාජා භවතු ධම්මිකෝ...` ඒ අය හොද බෞද්ධයින් නොවෙ....

:       1       30

Hafeel Wednesday, 04 November 2020 04:22 PM

හෙල්පින් හම්බන්තොට මතක් වෙනවා. සුනාමි අරමුදලට වෙච්ච දේ මෙයට නොවෙවා..!!!

:       5       40

chandima Wednesday, 04 November 2020 05:11 PM

ඒ සල්ලිවලින් පිරිකරට කීයක්වත් තියලා නැතිව වගේ..

:       33       9

Chandima Wednesday, 04 November 2020 05:15 PM

උන්නාන්සේලා මෙක විමසලා තියෙන්නේ මාද්‍යවලින්නේ...? සල්ලි හම්බවෙලා තියෙන්නේ මාධ්‍යවලට නෙමෙයි..... අපේ හාමුදුරුවනේ ආණ්ඩුවට... අහන්න ඔන ආණ්ඩුවෙන්... එහෙමත් නැතිනම් මහා භාණ්ඩාගාරයෙන්... හරියම මැරෙන්න ඉන්න කෙනාගේ අල්ලපු ගෙදර කෙනාට සෙත්පිරිත් කියනවා වගේ වැඩක්නේ මෙක?

:       19       10

chandana Wednesday, 04 November 2020 05:25 PM

ඔබ වහන්සේ වගේම මේකෙ අදහස් දාපු ගොඩක් අය සියල්ල දත් අය. වෛද්‍යවරුන්ට වඩා වෛද්‍ය විශේෂඥයන්. ආරක්ෂක අංශ වලට වඩා ආරක්ෂක විශේෂඥයන්. ආරථික විශේෂඥයන්ට වඩා ආර්ථික මහාචාර්යවරුන්. නීති විශාරදයන්ට වඩා නීති විශේෂඥයන්. වෙන එකක් තියා රහස් පරීක්ෂක විශේෂඥයන්. හැබැයි ප්‍රශ්ණෙ කියන්නේ පාස්කු ප්‍රහාරයේදී, එම්සීසී එකේදී, ඊනියා ව්‍යවස්ථා සම්පාදනයේදී. ස්වාධින එහෙත් මහජන විරෝධී, සාධාරණ එහෙත් අසාධාරණ සමාජ, තනිකර හොරු හිටපු බැංකු කොල්ලකන යහපාලනයේදී, ගෑස් ප්‍රවර්ධනය සඳහා චීවරධාරීන් රජයේ දීමනා ලබද්දී, බුද්ධපුත්‍රයන් හිරේ දමද්දී, භික්ෂූන් වහන්සේලාගේ අවසාන කටයුතු කරන එක වලක්වද්දී මේ එක විශේෂඥයෙක්වත් හිටපු නැති එකනේ. (තව ගොඩක් මේ වගේ උදාහරණ තියෙනවා)

:       34       18

abcThursday, 05 November 2020 12:14 AM

ඔය කියන දේවල් නිවැරැදි කරන්න තමයි බලය දීලා තියෙන්නේ. වහල් බව ප්‍රදර්ශනය කරන්න එපා.

:       0       5

PrasadThursday, 05 November 2020 02:19 AM

චන්දන, මේ රටේ රජයන් පිහිටුවන්නේ පාක්ෂික වහල්ලු නොවෙයි. හරි වැරැද්ද දකින මැදිහත් පුරවැසියන්.

:       0       5

chandanaFriday, 06 November 2020 05:02 PM

මැදහත් පුරවැසියන්ට හරි දේ වැරදි විදිහට පෙන්වලා ඔවුන්ගේ මැදිහත්කම අවුල් කරන මාධ්‍ය මෙහෙයුම් ඕනෑතරම්... එහෙම වෙලා තමයි මැදහත් මිනිසුන් 2015 දී රැවටුනේ. වැරදි ප්‍රචාරවලට විරුද්ධ වෙන්න තියෙන අයිතිය පාවිච්චි කරන එක වහල්කමක්වත්, බත්බැලකමක්වත් නොවෙයි. වත්මන් ජනාධිපති වැනි සෘජු චරිතයක් නැවත කලකට බිහිවීමක් ගැන සිතිය නොහැකියි. ඒක සමහරක්ට දිරවන්නේ නැති වුවත් අපහට නම් ජනාධිපති සහ රජය රැකගතයුතු තරම් වටී.

:       0       0

AkilaThursday, 05 November 2020 04:44 AM

වැරද්දක්, වංචාවක් පෙන්නුවහම පරණ ආණ්ඩුවේ එවැනි වැරද්දක් ගැන කියල ප්‍රශ්නෙන් මග අරින එක දැන් ආණ්ඩුවේ කට්ටියගේ වගේම..., බත් බැලයන්ගෙත් පුරුද්දක් වෙලා

:       1       8

Kamal KoyralaThursday, 05 November 2020 06:02 AM

ඔවට තාම පන්සලටම වඩම්මවලා ධාතු කරඩුව ඔලුවෙ තියලා අත පිරෙන්න පිරිත් නූල් බැන්දේ... නැ නෑ නෑ

:       0       6

WISHWA-P. Wednesday, 04 November 2020 05:33 PM

අපේ අය හරි දක්‍ෂයි, හඳ පෙන්නන කොට ඇඟිල්ල දිහා බලන්න. මේ ලැබුණු අති විශාල ආධාර මුදල් වලින් අතිශය පීඩාවට පත් වෙලා ඉන්න හුදී ජනතාවට, සහනයක් සලසා දෙන ක්‍රමයක් ගැන කථා කරලා ඒ අසරණ මිනිසුන්ට පිහිටක්, උපකාරයක් වෙන විදිහක් ගැන කල්පනා කරන්න. දියුණු රටවල් වල, අගතියට පත් ජනතාවට මොනතරම් නම් ආධාර උපකාර කරනවාද? අපේ අය දන්නේ නිකම් වාද කර කර ඉන්න විතරයි.. අසරණයා හැම පැත්තකින්ම තැලෙන එක විතරයි වෙන්නේ...

:       2       50

කපුරු හාමි Wednesday, 04 November 2020 06:24 PM

මට මේ වෙලාවේ සුනාමි ආධාර ගැන මතක් වුණා..

:       5       37

සුභාෂ් Wednesday, 04 November 2020 10:03 PM

මේ ගැන අගහරැවාදා පාර්ලිමේන්තුවෙදි සෞඛ්‍ය ඇමතිතුමිය පැහැදිලි කළා. අදාලා ණය මුදල ලැබී ඇත්තේ 2023 දක්වා බවත්, ඉන් දැනට වියදම් කළ ප්‍රමාණයන් හා වියදම් කළ අකාරය ගැනත්, ඉදිරියේදී වියදම් කරන්නට බලාපොරොත්තු වන ආකාරය පිළිබදවත් සවිස්තරාත්මකව තොරතුරැ ඉදිරිපත් කළා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාධ්‍ය ඉදිරියට එන්නට පෙර අදාල තොරතුරැ සොයා බැලුවානම් තමයි වඩා වටින්නේ.

:       4       2

Karuna Thursday, 05 November 2020 01:40 AM

අලුත්ම එජාප කොන්තරාත්තුව...

:       6       2

අබිලින් Thursday, 05 November 2020 01:46 AM

කපුරුහාමිට සුනාමි මතක් වෙනකොට මට පසුගිය කාලේ ඇතිකල මෙතෙක් සිදුූවූ කිසිවක් නොදන්නා කොවිඩ් අරමුදල ගැන මතක්වුනා.

:       0       3

wasantha Thursday, 05 November 2020 01:46 AM

හාමුදුරුවෝ පල්වෙනවා දකින්න මම කැමති නෑ. එත් බිලියන 30 (US $ 166 මිලියන) දෙන්න තරම් WHO ට සල්ලි නැති බව ඕනැ කෙනෙක්ට තේරෙන්න ඕනැ. දෙකක් තුනක් දුන්න වෙන්න පුළුවන්. මුළු බජට් එකම US $ 4 B.

:       4       2

ChampaThursday, 05 November 2020 01:45 PM

වසන්ත - හාමුදුරුවෝ නම් පල් වෙලා නැහැ. හාමුදුරුවෝ කතා කරලා තියෙන්නේ හොඳට කාරණා දැනගෙන. ඔබයි පල් වෙලා තියෙන්නේ, කාරණා නොදැන. හාමුදුරුවෝ කොහෙද කියලා තියෙන්නේ WHO මේ සල්ලි දුන්න කියල? හාමුදුරුවෝ කියල තියෙන්නේ ලෝක බැංකුව දුන්න කියල. මහත්මයා, ලෝක බැංකුවට කෙටියෙන් කියන්නේ WB කියල මිසක් WHO කියල නෙමෙයි.

:       1       2

kamal Thursday, 05 November 2020 04:53 AM

නැහැ මුකුත් ලැබුණේ නැහැ. ඔවා අපිට විරුද්ධ අධිරාජ්‍යවාදීන්ගේ .... එන්.ජී.ඔ වලින් යැපෙන දේශද්රෝහීන්ගේ බොරු කතා. බොරුනම් මගෙ මල්ලිගෙන් අහලා බලන්න.

:       0       4

විජේ Thursday, 05 November 2020 05:30 AM

ඇයි හාමුදුරුවන්ගෙ පංගුව හම්බ වුණේ නෑ... ආ, සොරි සොරි, මට අමතක උනා ඔබවහන්සේ විපක්ශෙ කියලා.

:       6       0

Rata Perata Thursday, 05 November 2020 07:19 AM

මැදමුලන ගෙදරට යන්න තියෙන කොන්ක්‍රීට් පාරෙ, ඒකට උඩින් දැන් කාපට් දානවලු. ඔවා තමයි අපේ සල්ලිවලින් මෙ අය කරන්නේ. මතකනේ සොහොන් හැදුවා අපේ සල්ලිවලින්..

:       1       5

Dayan Thursday, 05 November 2020 08:36 AM

ප්‍රශ්න නැතිකමත් ප්‍රශ්නයක්. මේවා දුර දිග නොබලා කරන මාධ්‍ය සාකච්ඡා.

:       5       3

kamal Thursday, 05 November 2020 07:47 PM

පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මට වටින්නේ මේ මාතෘභූමියයි අපේ හාමුදුරුවනේ...

:       0       0

Bamunuarachchi Saturday, 07 November 2020 12:47 PM

හාමුදුරුවනේ ඔය ගමන්ම 2015-2020 කාලයේ සංස්කෘතික අරමුදලේ කෝටි ගණනකට වෙච්චි දේත් සොයා බැලුවා නම් නේද හොඳ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්
2024 නොවැම්බර් මස 27 7 0

2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය


විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 649 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 799 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 362 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 215 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 316 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site