(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල ඊයේ (21) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.
ලොකු ලූනු කිලෝවක් රුපියල් 100 කින්, රතු කව්පි කිලෝවක මිල රුපියල් 52 කින්, සුදු කව්පි කිලෝවක මිල රුපියල් 50 කින්, බාස්මතී සහල් කිලෝවක මිල රුපියල් 20 කින්, රතු ලූණු කිලෝවක මිල රුපියල් 10 කින්, සුදු සහ දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 5 බැගින්, සෝයාමීට් කිලෝවක මිල රුපියල් 5 කින් සහ රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 2 කින් මිල අඩු කළ බව සතොස සඳහන් කරයි.
ඒ අනුව ලොකු ලූණු කිලෝවක නව මිල රුපියල් 550 ක් ද, රතු කව්පි කිලෝවක නව මිල රුපියල් 998 ක් ද, සුදු කව්පි කිලෝවක නව මිල රුපියල් 1,100 ක් ද, බාස්මතී සහල් කිලෝවක නව මිල රුපියල් 650 ක් ද, රතු ලූණු කිලෝවක නව මිල රුපියල් 350 ක් ද, සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 265 ක් ද, දුඹුරු සීනි කිලෝවක නව මිල රුපියල් 425 ක් ද, සෝයාමීට් කිලෝවක නව මිල රුපියල් 595 ක් ද, රතු කැකුළු සහල කිලෝවක නව මිල රුපියල් 168 ක් ද, බව සතොස වැඩි දුරටත් සඳහන් කරයි.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංකා සතොස භාණ්ඩ 9 ක මිල තවත් අඩු කරයි
Pradeep Kumarasinghe Friday, 22 March 2024 04:19 PM
උදාරයි.
ලසන්ත Friday, 22 March 2024 04:47 PM
විවෘත වෙළදපොලේ රුපියල් 1200/= ක් වන රතු කව්පි වලින් පාරිභෝගික ජනතාවට රුපියල් 202 ක ලාභයක් ලැබෙනවා සුදු කව්පි නම් වගාබිම් ආශ්‍රිතව තියෙන මිලට රුපියල් 500 /= වැඩියි
Nimal Friday, 22 March 2024 07:25 PM
අපි ඔක්කොම පවු බන්...!
ජලවානේ කිරියා Saturday, 23 March 2024 05:49 AM
හොඳම ලොකු ළූනු වෙළඳ පලේ 500 ක් 300යි.. රතු සීනි 400යි... රතු සහ රෝස කැකුළු 160....