(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අප අවට පරිසරයේ පවතින කොරෝනා වයිරසය විනාශ කර විනාශ කළ හැකි යන්ත්‍ර දෙකක් නිපදවීමට පිළියන්දල ප්‍රදේශයේ තරුණයකු සමත් වී ඇත.
පිලියන්දල දේවානන්ද පාර බුද්ධික පෙරේරා නැමැති විදුලි කාර්මික ශිල්පියකු මෙම යන්ත්‍රය දෙකක් නිර්මාණය කර ඇත.
පාසල් අධ්‍යාපනයේ සිටම කාර්මික ශිල්පයට හිත යොමු කළ මෙම තරුණයා කොවිඩ් වසංගතය අප රටට පැමිණි දා එම වයිරසයට අභියෝග කළ හැකි සෞඛ්යාරක්ෂිත පරිසර හිතකාමි නිර්මාණ සිදුකිරීමට අධිෂ්ඨාන කර ඇති මෙම තරණයා මේ වන විට කටයුත්ත සාර්ථක කරගෙන ඇත.
වාතයට මුසුවන වයිරසය සහ බැක්ටීරියා තප්පර කීපයකින් විනාශ කරන ( virus air burnable automatic machine ) අධි තාපයෙන් යුත් යන්ත්‍රය සහ මුදල් සහ ලිපි ලේඛන මත තැවරෙන වයිරස් සහ බැක්ටීරියා විනාශ කරන ,විසබීජහරණ ස්වයංක්‍රීය උපකරණය ඔහුගේ නිර්මාණයන්ය
බොරැල්ල සුසමවර්ධන මහා විද්‍යාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ සමාගමක මෝටර් කාර්මික පාඨමාලාවක් හැදෑරා ඇති ඔහු පසුව ජපානයට ගොස් මෝටර් කාර්මික සහ තාක්ෂණය පිළිබඳ පාඨමාලාවක් ඔහු හදාරා ඇත.
මැලේසියාවට යන්ත්‍ර සූත්‍ර පුහුණු පාඨමාලාවක් ද ඔහු ලබා ගෙන ඇත.
කොරෝනා වයිරසය අපේ රටට දැනෙන තරමට ව්‍යාප්ත වීමත් සමඟම සිය දැනුම සහ වෘත්තීය අත්දැකීම් එකතු කර වයිරසය පරාජය කළ හැකි යම් උපකරණයක් නිපදවන්න කටයුතු කළ ඔහු එහි ප්‍රතිඵලයක් ලෙස යම් පුද්ගලයකුගෙන් වාතයට මුසු වන බැක්ටීරියා සහ වයිරස් තප්පර කීපයේදී විනාශ කරන යන්ත්‍රයක් නිපදවීමට හැකියාව ලැබුණු බව ඔහු පවසයි.
යම් රෝහල් වාට්ටුවක, ආයතනයක මෙම උපකරණය ස්ථාපිත කර තිබුණොත් යම් පුද්ගලයකුට කැස්සක් හෝ කිවිසුමක් ගියොත් එම උපකරණයට හැකියාව තියෙනවා ක්ෂණිකව කැස්ස හෝ ගිවිසුම හඳුනාගෙන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා එහි වාතය සහිත වයිරස් විසබීජ එම උපකරණයට ඇදගෙන වයිරස් සියල්ල ලේසර් සහ අධික තාපය මඟින් පුළුස්සා විනාශ කරන්න මෙම උපකරණයට හැකියාව ඇතැයි ඔහු කියයි. මෙම යන්ත්‍රය නැවුම් පිරිසිදු වාතය පරිසරයට මුදා හැරීමේ ක්‍රියාවලියක් ස්වංක්‍රීය සිදුවන බව ද පවසයි.
අඩි හතළිහක් පනහක් පරාසයක් පමණ දුරට යන්ත්‍රය ස්වයංක්‍රීය ක්‍රියාත්මක වන ආකාරයට මෙම යන්ත්‍රය නිපදවා ඇත.
මෙම යන්ත්‍රයෙන් මුව ආවරණ විෂබීජ හරණය කර නැවත පැළඳීමේ හැකි තත්වයට ගෙන ඒමේ හැකියාවත තිබෙනවා. ඊට ගතවන්නේ තත්පර හයක් වැනි ඉතා සුළු වේලාවක්.
මුදල් සහ ලිපි ලේඛන යන්ත්‍රයේ සකස් කර ඇති කවුළුව මත තැන්පත් කළ විට ස්වයංක්‍රීයව එහි දොර වැසී තත්පර අටක් වැනි කෙටි කාලයක් තුළදී එම මුදල් හෝ ලිපි ලේඛන තුළ තිබෙන අභ්‍යන්තර බැක්ටීරියා හෝ වයිරස් විනාශ කිරීමේ හැකියාව මෙම යන්ත්‍රය සතුව තිබෙනවා යැයි ද බුද්ධික පෙරේරා මහතා පැවැසීය.
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලාංකික තරුණයෙක් කොරෝනා වනසන යන්ත්‍රයක් නිපදවයි
JAGATH Sunday, 05 September 2021 08:08 PM
ඔබ වැනි නිර්මාණශීලි තරුණයන් මුළු ලංකාව වටේම බිහි වේවා
lakvidu Sunday, 05 September 2021 08:44 PM
කිව්වට තරහ වෙන්නවත් ඩිස්ලයික් දාන්න ඉක්මන් වෙන්නවත් එපා. මේ දෙකම ප්‍රායෝගික නැහැ. ඒ පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් කළ පුද්ගලයෙකු ලෙසයි මම මෙහෙම කියන්නේ....
නුවන් වික්‍රමසිංහ Sunday, 05 September 2021 09:12 PM
කියන්න බලන්න ඔබ කරපු අධ්‍යයන විස්තර ටිකක්. රිසර්ච් පේපර් පබ්ලිෂ් කරලත් ඇතිනේ...
LakviduMonday, 06 September 2021 05:25 AM
මට කොවිඩ් නිපැයුම් කිහිපයකටම පේටන්ට් තියෙනවා, සමහර ඒවා මාධ්‍ය වලත් පෙන්නුවා. මට ඒවා කියා කියා ප්‍රසිද්ධ වෙන්න ඕන නැහැ.
reks Monday, 06 September 2021 05:59 AM
කිසිදු විචාර බුද්ධියකින් තොරව, සත්‍යය පෙන්වාදෙන පුද්ගලයන්ට ගැරහීම ඔබ වැනි බොහෝ ලාංකික යැයි කියාගන්නා පුද්ගලයන්ගේ කුහක ගතියක්.
රම්සිMonday, 06 September 2021 06:09 AM
ජනමාධ්‍ය වල දාන ඕනම එකක් ලාංකික වූ පලියට, විචාර බුද්ධියකින් තොරව පිලිගැනීමට තරම් ඔබ අනුවනද?
lakvidu Monday, 06 September 2021 09:15 PM
කාමරේ හතර කොනේ හදුන්කූරැ හතරක් දල්වා , හචිස් එකක් යවලා ඔබම පරීක්ෂා කර බලන්න.
RaveendraMonday, 06 September 2021 06:37 AM
ඇත්තෙන්ම ඔබ මෙම නිර්මාණය පිලිබදව දීර්ඝ අධ්‍යනයක් කල බව සදහන් කිරීම සතුටකි. ඒ පිලිබදව ඔබ කල කීදේ සදහන් කරන්නේ නම් එය මෙය සදහා උනන්දුවන අයට වැදගත් නොවන්නේද?
ගොබ්බසේනMonday, 06 September 2021 09:35 AM
පරගැති වහල් මානසිකත්වය තියෙන අයට තමන්ගෙ රටේ හදන ඒවා වහකදුරු වගේ වෙනවා නිදහසින් පසුවත් මෙරටේ කිසිම නිපදවීමක් කරන්න බැරිවුණා කොමිස් කාක්කොත් වෘත්තීය සමිති කාරයොත් එකතුවෙලා මෙරට තිබුන වානේ ටයර් කඩදාසි පරන්තන් රසායන කම්හල් වසා දැම්මා.
lakviduMonday, 06 September 2021 09:11 PM
නමටම ගැලපෙන ප්‍රතිචාරයක්!
Raveendra Sunday, 05 September 2021 09:22 PM
ඔබගේ උත්සාහය අප හදවතින්ම අගය කරන්නෙමු.
sampath Sunday, 05 September 2021 09:45 PM
කොරෝනා වයිරසය හඳුනාගන්න පුළුවන් සෙන්සර් එකක් තියෙනවද එහෙම තියෙනවානම් මේක හරි නැත්නම් මේක වායු දාරාවක් රත් කරන උපකරණයක් පමණයි.
නුවන් වික්‍රමසිංහ Monday, 06 September 2021 12:18 AM
යම් පුද්ගලයකුට කැස්සක් හෝ කිවිසුමක් ගියොත් එම උපකරණයට හැකියාව තියෙනවා ක්ෂණිකව කැස්ස හෝ ගිවිසුම හඳුනාගෙන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා එහි වාතය සහිත වයිරස් විසබීජ එම උපකරණයට ඇදගෙන වයිරස් සියල්ල ලේසර් සහ අධික තාපය මඟින් පුළුස්සා විනාශ කරන්න මෙම උපකරණයට හැකියාව ඇතැයි ඔහු කියයි. ඔබ සම්පූර්ණ ලිපිය කියවන්න.
ReksMonday, 06 September 2021 05:31 AM
කොවිඩ් ලෙඩා මේක ඇතුලට ඔලුව දාලා කැස්සොත් නම් වැඩේ හරියයි වගේ.
සම්පත් කුමාර Monday, 06 September 2021 12:19 AM
බොහොම වටිනා නිපයුමක් ඉතා කඩිනමින් ප්‍රචලිත කල යුතු පරිදි රජය කටයුතු කල යුතු ය.
Perera Monday, 06 September 2021 12:58 AM
වතුරෙන් දුවන් කාර් එකක් ගැනත් මීට කලින් අහන්න ලැබුනේ.
Sriland Monday, 06 September 2021 01:01 AM
හොඳ වැඩක්, ධම්මික වේදමත්මයට කරපු දේම කරයිද දන්නේ නැහැ. කල්පනාවෙන් වැඩ කරන්න.
P P Thilan Monday, 06 September 2021 06:37 AM
මෙවැනි දෑවල නිරතවී සිටින කාර්මික ක්ෂේත්රයේ සියලු දෙනාම ඉතා ඉහළින් අගයමු. මන්ද මේ සඳහා මුදල්, කාලය, දැනුම, ශ්‍රමය හා ඒ සඳහා වු ආශාව යන දෑ එක්වර ආයෝජනයක් කිරීමට අත්‍යවශ්‍ය බැවිනි.
Nuwa Monday, 06 September 2021 08:45 AM
දැන් මේකෙන් ඇත්තටම වෛරස මැරෙනවා කියල පර්යේෂණ කරල තියේද? මොකද විදුලි කාර්මික ශිල්පියෙක්ට එහෙම පර්යේෂණයක් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙයි කියල මම නම් විශ්වාස කරන්නෙ නෑ. අනිත් එක තමයි අර මේ ලිපියෙ තැනක තියෙනවා කිවිසුමක් ගියාම වෛරස සියල්ල යන්ත්රට ඇද ගන්නවා කියල ඒක කියෙව්වාම නම් නිකං පිස්සන් කොටුවටක ගියා වගේ හැඟිමක් ආවා.
මෝ Monday, 06 September 2021 08:51 AM
මෙවන් බොහෝ නිපැයුම් ගැන අසන්නට, ලැබුනත් ඒවාට අත්වූයේත් ධම්මික පැනියට අත්වූ ඉරනමමයි. මීට සමාන බැක්ටීරිය වනසන යන්ත්‍ර, මාකට් එකේ තියෙනවා. මෙය හොදින් පිරික්සා බලා කොරෝනා වාට්ටු වල අත් හද බලන්න සිරුරට හානියක් නැතිනම්. පේටන්ට් එක අරං නිපදවන්නන ගත්තොත්.
p.d goonawardena Monday, 06 September 2021 09:22 AM
ඔබගේ උත්සාහය අප හදවතින්ම අගය කරන්නෙමු.
Chamila Monday, 06 September 2021 01:20 PM
නියමයි මචන්... ජයෙන් ජයම වේවා...! තෙරුවන් සරණයි..!!!
එස්.ඒ.සදුන් සුදර්ශන Thursday, 16 September 2021 09:44 AM
මෙවන් මොල අපේ රටට ගානක් නැහැ පිලිගැනීමක් නැහැ. ජාතික සම්පත්. ආදරෙයි සහෝදරයා ඔබට ජය.,