(අංජුල මහික වීරරත්න)
සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ 13 වන පාලක මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකා රජය 2024 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ වැඩසටහන් වෙනුවෙන් සාර්ක් පාලක මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී ඇත.
කොළඹ පිහිටි සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පාලක මණ්ඩල රැස්වීම පැවැති අතර සාර්ක් සංස්කෘති මධ්‍යස්ථානයේ මෙරට අධ්‍යක්ෂිකා රේණුකා ඒකනායක මහත්මිය විසින් මෙම හමුව සංවිධානය කර තිබුණි.
කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැති මෙම රැස්වීමට බංග්ලාදේශය, මාලදිවයින, පකිස්ථානය, භූතානය, ඉන්දියාව සහ නේපාලය නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවෝ එක්ව සිටියහ.
2023 වර්ෂයේ සාර්ථක ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාව අධ්‍යක්ෂිකා රේණුකා ඒකනායක මහත්මිය පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඔවුන් එය අනුමත කර තිබේ.
ඊට අමතරව 2024 වර්ෂය වෙනුවෙන් යෝජිත වැඩසටහන් ඉදිරිපත් කළ අතර චිත්‍රපට උළෙලක්, රෙදිපිළි හා විලාසිතා දැක්මක්, කලාකරුවන්ගේ වැඩසටහන්, පර්යේෂණ හා සම්මන්ත්‍රණ මාලාවක් ඊට ඇතුලත්ව තිබේ.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලාංකික වැඩකට සාර්ක් පාලක මණ්ඩල අනුමැතිය