(විමුක්ති එස් රුද්‍රිගු)
ඕස්ට්‍රේලියාවේ ට්‍රැන්මියර් නගරෙයේ වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.
එරට වේලාවෙන් පස්වරු 1.40 ට පමණ ප්‍රදේශවාසියකු පොලිසියට ලබා දුන් ඇමතුමකින් ලද තොරතුරු මත පොලිසිය මෙම මළ සිරුර සොයාගෙන තිබේ.
මෙම අවස්ථාවේ මෙය සැකසහිත මරණයක් බවට විශ්වාස නොකරන බවත් මරණයට හේතුව සොයා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදු කරන බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය පවසා ඇත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 18-25 ත් අතර ශ්‍රී ලාංකිකයකු බවට විශ්වාස කරන බව පොලිසිය පෙන්වා දී තිබේ.නමුත් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්වී නොමැති අතර ඒ සඳහා මහ ජනතාවගේ උදව් ඉල්ලා ඇත.
මෙම පුද්ගලයා වෙනත් ස්ථානයකදී මුහුදට වැටී ගසා ගෙන එන්නට ඇතැයි විශ්වාස කරන බව පොලිසිය පවසා තිබේ.කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව ඕස්ට්‍රේලියානු පොලිසිය ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 04
781
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලාංකිකයකු බව කියන තරුණයකුගේ සිරුරක් ඕස්ට්‍රේලියා වෙරළේ
සාර්කැස්ටික් Monday, 22 May 2023 07:19 AM
පව් ලංකාවේ කොල්ලෝ...
Sampath Monday, 22 May 2023 01:37 PM
කාලකණ්ණි දේශපාලකයෝ රට උලාකාලා... අහිංසක කොල්ලෝ නාඳුනන රටවල බල්ලන්, බළලුන් වගේ මැරිලා යනවා.
Sam Monday, 22 May 2023 05:55 PM
ඔය කතාව හරියටම එහෙමයි කියන්නේ කොහොමද? ලංකාවේ සමහරු රට ගියේ අද ඊයේ නොවේ. 1960-70 ගණන්වල ඉඳලාම රජයේ ශිෂ්‍යත්ව ලබාගත් අයත් ගිහින් නැවතුණා. තව සමහරු දේශපාලන හයියෙන් පිට රට යන්න පාර හදාගත්තා. ඒ අතරේ සරණාගත ලේබල් එක අවභාවිතය දිගටම සිදුවෙනවා. අනික මේ අනුමානයක් මිසක් තවම ස්ථිර ලෙස දන්න දෙයක් නොවෙයි.
hesa Monday, 22 May 2023 06:10 PM
එදා මෙදා තුර යුද්ධය කාලයේ සරණාගතයන් ලෙස පිට රටට හොරෙන් රටින් පැනපු අය කොපමණ නම් අතර මගදි මැරිලා යන්න ඇත්ද? මහ මුහුදේ බෝටටු වලින් යන ගමන ලේසිද? මහ මුහුදට වැටෙන අය වගේම, වට්ටන අය..?
Nihal Monday, 22 May 2023 10:55 PM
මේ මරණය ගැන නොදනිමි, හැබයි වර්ණ භේදය ඉහවහ ගිය රටක්
Bamunuarachchi Tuesday, 23 May 2023 04:05 PM
ඔයිට වඩා ලෙහෙසියෙන් මෙයා මුස්ලිම්ද වෙන ආගමිකයෙක්ද කියා කියන්න තිබුණා...