(බී.ජී. චතුරංග)
විජය පුවත්පත් සමාගම සංවිධානය කරන ලංකාදීප පොසොන් ආලෝක පූජාව 21 වැනි වරටත් මෙවර , ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පොහොය යෙදුන අද (21) ආරම්භ කෙරිණි.
උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක , මහවිලච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති , තන්තිරිමලේ රාජමහා විහාරාධිපති ,තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ , විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහත්වරු ආලෝක පූජාව විවෘත කලහ.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක , රුවන් විජයවර්ධන , ජනාධිපති උපදේශක සාගල රත්නායක , හිටපු අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන , පී හැරිසන් , පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් එක් වූහ.
ඉන් අනතුරුව දහම් පාසල් සිසුන් ඉදිරිපත් කරන බැති ගී සංදර්ශනය සහ එය අවසානයේදී එම සිසුන්ට වටිනා ත්‍යාග සහ සහතික පත් ලබා දීම මෙහිදී සිදු කෙරිණි.
තන්තිරිමලේ ආලෝක පූජාව හෙට (22) සහ ලබන (23) යන දිනවලදී ද පැවැත්වේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .
මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්
කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය බාරයට ගත් බව ශ්
කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක
කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ඒකාලෝක වේ