අප්‍රිකාවෙන් පිටත ආදි මානවයාගේ දුනු හී භාවිතය පිළිබඳ පැරණිම සාධක ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමත් සමඟ මේ වනවිට මානව පරිණාමයේ නව පිටුවක් පෙරැළී තිබේ. එය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ආඩම්බර විය හැකි කරුණකි. මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවියේ පළ විය.
එම වාර්තාවට පාදක වූයේ, ‘සයන්ස් ඇඩ්වාන්සස්’ විද්‍යා සඟරාවේ පළ වූ විශේෂ අධ්‍යයන නිබන්ධනයයි. මෙම පර්යේෂණය සඳහා ජර්මනිය, ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව යන රටවල විද්‍යාඥයෝ බොහෝ දෙනෙක් සම්බන්ධ වූහ. ඔස්ට්‍රේලියාවේ මිචෙල් ලෑන්ලි, පැට්රික් රොබට්ස්, ජර්මනියේ නොයෙල් අමානෝ, බනිකොලි බොයිවින්, මයිකල් ඩී.පෙට්‍රලියා ඇතුළු විද්‍යාඥයෝ ඒ අතර සිටිති. ශ්‍රී ලංකාවෙන් ඊට එක් වූයේ ශිරාන් දැරණියගල, ඔෂාන් වෙදගේ, එම්. එම්. පත්මලාල් හා නිමල් පෙරේරා යන විද්‍යාඥයන් ය.
පුරා විද්‍යා සාධක අනුව, මුලින්ම දුනු හී භාවිතයට ගනිමින් දඩයම් කළේ අප්‍රිකා මානවයා ය. නව පර්යේෂණයෙන් හෙළි වී තිබෙන්නේ, අප්‍රිකාවෙන් පිට දුනු හී භාවිතයට ගෙන ඇත්තේ අප ආදි මානවයා බවය. ඒ අනුව, අප්‍රිකාවෙන් පිටත ආදි මානවයාගේ දුනු හී භාවිතය පිළිබඳ පැරණිම සාධක ශ්‍රී ලංකාවෙන් හමුවී තිබේ. මේ බව තහවුරු වූයේ මෙරට විසූ ආදි මානවයා විසින් භාවිත කරනු ලැබුවේ යැයි විශ්වාස කළ හැකි දුනු හී තුඩුවලට යොදා ගෙන තිබූ අස්ථි කැබලිවල කාල නිර්ණය කිරීමෙනි.
ඒ අනුව, එම අස්ථි කැබලි වසර 45,000 ක් පැරැණි යැයි හෙළි විය. ඒ අනුව, අප්‍රිකා මහද්වීපයේ සිට මෙහි සංක්‍රමණය වූ හෝමෝ සේපියන් ආදිමානවයා විසින් දුන්න හා ඊතලය මුල්වරට නිපදවා ගෙන භාවිතයට ගනු ලැබ ඇතැවයි ද තහවුරු වී තිබේ. අප ආදි මානවයා, මේ දුනුහී තල තනා ගෙන ඇත්තේ වල් ඌරන්ගේ, ගෝනුන්ගේ හා ආදි වානරයන්ගේ අස්ථි කැබලිවලිනි. දුනු හී යොදා ගෙන ඇත්තේ අප රටේ වැසි වනාන්තරවල රුක්වැසි සතුන් දඩයම් කිරීම පිණිස යැයි විද්‍යාඥයෝ නිගමනය කරති. තුරු වියනේ ඉහළ අතුපතරින් වේගයෙන් එහා මෙහා යන වඳුරන් හා දඬු ලේනුන් දඩයම් කිරීමට මේ උපක්‍රමය යොදා ගන්න ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. මේ පිළිබඳව පර්යේෂණය කළ අන්තර්ජාතික විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දී ඇත්තේ, මේ හී තල කොටස්, යුරෝපයේ දැනට හමුවී ඇති, මේ හා සමාන තාක්ෂණයට අදාළ ඒවාටත් වඩා බොහෝ පැරණි බවය.
මේ සියල්ල හමුවී තිබෙන්නේ බුලත්සිංහල පාහියන්ගල පිහිටි පාහියන් ලෙනෙහි කරන ලද කැණීම්වලදීය. ඒවාට අමතරව වළං කැබිලිති, සතුන්ගේ අස්ථිවලින් තැනූ විදුම් කටු ද සොයා ගෙන තිබේ. ඒ විදුම් කටු, අලිස් කටුවලට සමාන අතර ඒවා සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ රෙදි හෝ දැල් විවීම සඳහාය. කැණීම් බිමෙහි තිබී හමුවුණු අනෙක් කෞතුක භාණ්ඩ අතර, පාට මිණි කැට අතුළු ඛනිජ ද්‍රව්‍ය, වර්ණවත් කිරි කවඩි ඇතුළු වෙරළෙන් ගෙනෙන ලද විවිධ අලංකරණ ද්‍රව්‍ය ද ඇතුළත්ය. මේ අනුව, පැහැදිලි වන්නේ හෝමෝ සේපියන් මානවයා ලෝකය පුරා ව්‍යාප්ත වෙද්දී වෙනස් වෙනස් පරිසර තත්ත්වයන්ට හැඩ ගැසීමට සමත් වී ඇති බවය. කෙසේ නමුත්, වැසි වනාන්තරවල සම්පත් ප්‍රයෝජනයට ගන්නට හා වඳුරන් හා ලේනුන් වැනි වේගයෙන් එහා මෙහා යන සතුන් අල්ලා ගන්නට උපක්‍රම යොදන්නට පෙළඹුනේ කෙසේ ද යන්න තවමත් හෙළිදරවු වී නැතැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
‘ශ්‍රී ලංකාවෙන් ලැබෙන සාක්ෂිවලින් තහවුරු වුණු දුනු හී නිපදවීම, රෙදි විවීම ආදිය ආසියාවේ ඝර්ම කලාපීය වනාන්තර ඇතුළු වෙනත් විවිධ තැන්වලින් ද හමුවී තියෙනවා’ යැයි මෙම අධ්‍යයනයෙහි සම-කර්තෘ වූ මයිකල් පෙට්‍රග්ලියා පැහැදිලි කර තිබේ. මොහු ජර්මනියේ විද්‍යාත්මක මානව ඉතිහාසය පිළිබඳ මැකස් ප්ලෑන්ක් පර්යෙක්ෂණායතනයේ විද්‍යාඥයෙකි. ‘ශීතලෙන් ආරක්ෂාවීමට අමතරව, රෙදි හෝ දැල් වියා ගැනීම, ඒ පරිසරයේ ඉන්නා මදුරුවන්ගෙන් බේරීමට යොදා ගත්තා වෙන්නත් පුළුවන්’ ඔහු වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සංස්කෘතියේ ආරම්භය ගැන, විශේෂයෙන් ම නව දඩයම් ක්‍රම ගැන, කතාබහේදී ආසියාව, ඕස්ට්‍රලේසියාව හා ඇමරිකා මහාද්වීපය කෙරෙහි වැඩි අවධානයක් යොමු වන්නේ නැත. අවධානය යොමු වන්නේ අප්‍රිකාවේ තණ බිම්වලට හා වෙරළබඩ ප්‍රදේශවලට හෝ යුරෝපයේ සමශීතෝෂ්ණ පරිසර කෙරෙහිය. එහෙයින්, ආසියාවේ ඝර්ම කලාපීය වැසි වනාන්තර වැනි වඩාත් දුරින් පිහිටි පරිසර විශාල වශයෙන් මඟ හැරී යයි. එහෙයින්, මානව ජනාවාස පිහිටුවීම පිළිබඳව ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබුණත් ඒ ගැන පවා සැලකිල්ලට ගැනීමක් සිදු නොවෙයි. කෙසේ නමුත් මෙම පර්යේෂණයේ දී අප මානවයා කෙරෙහි අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් පර්යේෂණයට සම්බන්ධ සැම පැසැසුමට ලක් විය යුතුය. ඔවුන්ගේ සොයා ගැනීම්වලට මුල් වූ පාහියන්ගල ලෙන, ප්ලයිස්ටෝසීන යුගයේ අග භාගයේ මානව අස්ථි පොසිල ලෙසින් හමු වූ ස්ථානයකි. කාන්තාවකගේ ඇට සැකිල්ලක් පවා එහි දී මතු කර ගනු ලැබ තිබේ. පොසිල අස්ථි කොටස් සොයා ගැනීම සිදුවූයේ 1960 ගණන්වල හා 1980 ගණන්වලදිය.
‘පාහියන් ලෙන 1980 ගණන්වල පටන් දකුණු ආසියාවේ ඉතා වැදගත් පුරවිද්‍යා භූමියක් ලෙස පතළ, විශේෂයෙන් ම අපේ ආදීමයන්ගේ අවශේෂයන් හා ඔවුන් භාවිත කළ මෙවලම්, ඔවුන් ආහාරයට ගත් දේවල් සුරැකිව පැවති, නිවර්තන කලාපීය තැනක්’ යැයි මෙම අධ්‍යයනයෙහි සම කතුවරයකු වූ ඕෂාන් වෙදගේ පෙන්වා දී තිබේ. ඔහු ජර්මනියේ විද්‍යාත්මක මානව ඉතිහාසය පිළිබඳ මැක්ස් ප්ලෑන්ක් ආයතනයට හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයට සම්බන්ධ විද්‍යාඥයෙකි. පාහියන්ගල ලෙනෙහි කළ කැණීම්වලින් ලබා ගත් මෙම කෞතුක වස්තු සොයා ගනු ලැබුවේ 2009 ත් 2012 ත් අතර කරන ලද කැණීම්වලිනි. අලුතින් ආරම්භ කරන ලද පර්යේෂණයේ දී මේ සියලුම කෞතුක වස්තු ස්ටීරියෝ මයික්‍රස්කෝපයක් යොදා ගෙන පරීක්ෂා කරනු ලැබුණි. එම මයික්‍රස්කෝපයට ඇක්සියෝකැම් 105 කැමරාවක් සවි කෙරුණි. එමගින් ඒවායේ මුල් පාවිච්චියේ දී කෙළින් ම ඇති වූ සීරීම් මතු කර ගත හැකි විය.
‘අස්ථි පුපුරා ගිය තැන්වලින් පෙනී ගියේ ඒවා තද පහරවලට ලක් වීමෙන් ඇති වූ ඒවා බවයි. ඒවා සාමාන්‍යයෙන් ඇති වන්නේ දුනුහී යොදා ගෙන කරන සතුන් දඩයම් කිරීම්වලදියි.’ යැයි පර්යේෂණයට නායකත්වය දුන් මිචෙල් ලෑන්ලි පවසන්නීය. මිචෙල් ලෑන්ලි යනු ඔස්ට්‍රේලියාවේ කවීන්ස්ලන්තයේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයට අනුබද්ධ මානව පරිණාමය පිළිබඳ පර්යේෂණ ආයතනයේ මහාචාර්යවරියකි.‘මේ සොයා ගැනීම, මීට පෙර මේ හා සම්බන්ධව සොයා ගෙන තිබුණු දකුණුදිග ආසියාවේ වසර 32,000 ක් පැරණි වාර්තාවට වඩා පැරණියි. මෙය තමා දැනට සොයා ගෙන ඇති, අප්‍රිකා මහාද්වීපයෙන් පිටත දුනුහී භාවිතය කළ බවට විද්‍යාත්මකව තහවුරු කළ පැරණිම වාර්තාව’ ඇය පැහැදිලි කර තිබේ.
මෙම මයික්‍රොස්කොපි තාක්ෂණයම, අනෙක් අස්ථි මෙවලම්වලටත් යොදා කරන ලද නිරීක්ෂණවලින් සොයා ගත හැකි වූයේ ලෙන අසල දියපාරවල මසුන් ඇල්ලීමටත්, රෙදි හෝ දැල් විවීමටත් භාවිත කළ ඒවා විය හැකි බවය. සිරුර ශීතලෙන් ආරක්ෂා කර ගැනීමට වඩා ලැබුණු සාක්ෂි අනුව පෙනී ගියේ රෙදි තනා ගනු ලැබ ඇත්තේ මදුරුවන්ගෙන් බෝ වෙන රෝගවලින් ආරක්ෂා වීම සඳහා යොදන වැස්මක් ලෙසය. එයින් අදහන් වන්නේ මදුරුවන්ගෙන් රෝග බෝවන බවත්, එයින් ආරක්ෂා වීමට උපක්‍රම සෙවීමට අප ආදි මානවයා මනස වෙහෙසා ඇති බවත් ය. මෙම නව අධ්‍යයනය සලකනු ලබන්නේ පේලියෝලිතික යුගය අවසානයේ දී ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් මතු වූ සුවිශේෂ වූත්, සංකීර්ණ වූත් නව තාක්ෂණයන් පිළිබඳව දැනුම වර්ධනය කර ගැනීමේ එක් පියවරත් වශයෙනි.
(*** ලුසිත ජයමාන්න)
‘ඩේලිමේල් ඇසුරිනි’
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝකය මවිතකළ අපේ මානවයා
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 16 June 2020 10:21 AM
අපට අප ගැන සිතෙන්නේ පුදුම අභිමානයකි. මදුරුවන්ගෙන් ආරක්ෂා වීම ගැනත්, අපේ මුතුන් මිත්තන් ගැන සිතලා. හරිම පුදුමයි..! ඒත්, ඊයේ මේ හා සම්බන්ධ පුවතට සමහර දෙනා නාසරුප් ආකාරයේ දේ ලියා තිබුණා. උගත්කමේ මහිමය ගැන ඔවුන් ඒ තරම් තැකීමක් නැහැ. එය කණගාටුවට කරුණක්.. ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසි හා සොළීන් ආදී ආක්‍රමණ නිසා අපේ තිබූ සමාජය උඩු යටිකුරු වෙන්නට ඇතැයි සිතන්නට පුළුවන්... බෙන්තොට ගලපාත විහාරයට ගිය වෙලාවක බලන්න, අපූරු පුරාණ වතුර ෆිල්ටරයක් ඔබට දැක බලාගැනීමට පුළුවන්... අපි ඒ තරම් පුරාණ අගයක් ඇති මිනිසුන්...
විජිත් Tuesday, 16 June 2020 01:16 PM
ඔව් සමිත, පුරාවිද්‍යාව කියන්නේ නිමා නොවන දීර්ඝ ගමනකදී අපට හමුවෙන "සැබෑ කතන්දර පොතක්". හැබැයි මේ ගමන අපි යන්නේ අනාගතයට නොවෙයි. අතීතයට... පුරාවිද්‍යාව හදාරද්දී අපිට කලාව, ඉතිහාසය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය.. මේ ආදී සියලුම විෂයන් අපේ සහායට එනවා. කාල නිර්ණය වැනි සංකීර්ණ ප්‍රශ්නවලදී අපිට න්‍යෂ්ටික රසායන විද්‍යාව වැනි ඉසව් කරාත් යොමු වෙන්න වෙනවා. මට මතක් වෙනවා කතාවක්.. අපේ බලන්ගොඩ මානවයා එයාගේ " ගර්ල් ෆ්‍රෙන්ඩ් " ට තෑගි කරන්න බෙලිකටුවලින් හදපු මාලවල කොටස් පවා හමුවුණා නේද..? තවත් විශ්මිත, නමුත් සත්‍ය හෙලිදරව්වක් වුනේ අපේ කඳුකර ප්‍රදේශවල කරපු කැණීම්වලදී සිප්පි කටු, තල්මසෙකුගේ කොටස් ආදිය හමුවීමයි.. ඉතින් එවැනි සාක්ෂිවලින් නැවතත් ඔප්පු වෙනවා අපේ රටෙන් කොටසක් මුහුදට යටවී තිබුණු බව. එතකොට හෝර්ටන් තැන්නේ කරපු කැනීම් වලදී හොයා ගත්තා " අපේ මානවයා " ඒ යුගයේදීත් තිරිඟු වැනි ධාන්‍ය ආහාරයට අරගෙන තිබෙන බව. එතකොට " සිංහ දත..." ? අද අපේ රටේ කැලෑ වල සිංහයින් නැති වුණත් එක යුගයකදී සිංහයින් අපේ කැලෑ වල සිටි බව කියවෙනවා නේද? සමහර විට ඒ අපි "ගොඩ්වානා ලන්තයට" අයිති කාලේ වෙන්න ඇති..
සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 16 June 2020 03:11 PM
විජිත්, ඔයා නිවැරදියි. අපේ පැරැන්නන්ගේ පුදුම දැනීම ගැන මං දන්නා දෙයක් කියන්නම්... ඇමරිකාවේ සිටිනවා හොවර් ෆ්ලයි කියා ලස්සන මැස්සෙක්. මෙයා ලංකාවේ දුර්ලභයි. මං මෙයාගෙ ලස්සන මැක්රෝ ෆොටෝ එකක් ගෙන නව මී මැස්සෙකු ලෙස ජාත්‍යන්තරයට දුන්නා. ප්‍රංශ ජාතික ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙකු වන මගේ හිතවත් මිතුරෙකු පැවසුවේ මෙයා මී මැස්සෙක් නොව හොවර් (හුවර්) ෆ්ලයි කියලා. අපේ රටේ කෙනා ඇමරිකාවේ කෙනාට වඩා ලස්සනයි. මට එයා විශේෂ වරප්‍රසාද ගැනීමට උපකාර වුණා. ඒක නෙමෙයි වැදගත්ම දේ. අපේ පැරැන්නන් මෙයාව හඳුන්වලා තියෙන්නේ ගිගුම් මැස්සා යනුවෙන්. ඒ අය බොහෝ කල් සිට මෙයාව දැන සිට තියෙනවා. ඔයා දන්නවාද විජිත්, මේ සතා ඉගිලෙන්නේ ර්ම් .. යනුවෙන් හඬක් නගමින් වටයක් එකහමාරක් කැරකෙමින්. අපේ පැරැන්නන් ගැන මට ඇතිවුනේ පුදුම ගෞරවාදරයක්. මං මෙය කිව්වාම ලොව මගේ උගත් මිතුරු මිතුරියන් කීවේ අප ඔවුන්ට වඩා පැරණි ඉතිහාසයක් ඇත්තන් බවයි. මං මහත් අභිමානයට පත්වුණා.
Kamal Tuesday, 16 June 2020 12:03 PM
අවුරුදු දහස් ගානකට කලින් පෙනිසිලින් ගැන පවා දැන සිටිය අපේ ආදී මුතුන් මිත්තන් ගැන මෙවැනි විස්තර මතු වන්නේ ඉතා සෙමින්. යුද්ධයට යනකොට පෙනිසිලින් අඩංගු කරපු කැවුම් වලට සමාන බෝල විශේෂයක් රැගෙන ගියේ යුද්ධයේ තුවාල සනීප කිරීමට බව ඉතිහාසය සාක්ෂි දරනවා. ඉතින් දුනු ඊතල පාවිච්චිය මෙවැනි අති දියුණු සමාජයකට මොන කජ්ජක්ද?
සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 16 June 2020 01:03 PM
කමල් මහතා නිවැරදියි. අපේ පැරැන්නන් තුවාලවලට පරණ පාන් බැන්දා. මෙහි නිපදවෙන්නේ පෙනිසිලින්... මෙය වෙනත් අය සොයාගත්තාට අපේ අය මේවා ප්‍රායෝගිකව දැනසිටියා...
kap Tuesday, 16 June 2020 12:34 PM
දැනුත් අපේ සමහර මානවයින්, මුලු ලෝකෙම මවිත කරනවා...
chandimaTuesday, 16 June 2020 12:54 PM
කතාව මුලුමනින්ම ඇත්ත. ලෝකය විතරක් නොවෙයි... ලංකාවේම ඉන්න අපිත් විලම්භීත වෙලා වගේ ඉන්නේ...
පූජා Tuesday, 16 June 2020 04:06 PM
ලෝකය මවිතකළ අපේ මානවයා ගැන, ඉතාමත් රසවත් තොරතුරු ටිකක් දැන ගන්නට ලැබීම ගැන ඉතාමත් සතුටට පත් වෙනවා... මෙහි පලවූ කමන්ට් ඊටත් වඩා ආකර්ශනීයයී ...
Binkunndaa Tuesday, 16 June 2020 06:23 PM
දැන් ඉන්න ලංකාවේ මිනිස්සු මේ ආදී මිනිසුන්ගෙන් පැවත එන අය නොවේ, එකිනෙකාට උගුල් අදින ඉරිසියා කරන පිරිසක්.
ආනන්ද Wednesday, 17 June 2020 04:42 AM
හොඳ වෙලාවට ඒකාලෙ සත්ව හිංසා විරෝධි තිබී නැත්තේ!!. නැත්නම් ඉතිං සොරි තමයි!!!
sharm warn Wednesday, 17 June 2020 06:43 AM
මේ විශ්ලේෂණයට මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාවත් එකතු කර ගත්තානම් මුතු මාලෙකට මැණිකක් ඇමිණුවා වගේ තියෙන්න තිබුණා. එතුමාගේ දැනුම අති මහත්.