IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ලංකාව එන චීන නැවක් ගැන ඉන්දියා මාධ්‍ය කතා කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යාන් 6 එළඹෙන ඔක්තෝම්බර් මස අගදී කොළඹ සහ හම්බන්තොට වරායන්හි නැංගුරම් ලෑමට සූදානම් වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

ඉන්දියාවේ ආරක්‍ෂාව සහ උපායමාර්ගික ගැටළු සම්බන්ධයෙන් තම රට සංවේදී වන බවට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සහතික වී මසකට පමණ පසු චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යාන් 6 එළඹෙන ඔක්තෝම්බර් මස අගදී කොළඹ සහ හම්බන්තොට වරායන්හි නැංගුරම් ලෑමට අදහස් කරන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.

එසේ නැංගුරම් දමනා ෂී යාන් 6 නොවැම්බර් මස දක්වා මසකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ සිටීමට බලාපොරොත්තු වන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව නිල වශයෙන් තවමත් කොළඹ සහ හම්බන්තොට වරායන්හි නැංගුරම් ලෑමට ෂී යාන් 6 ට අවසර ලබා දී නොමැති වුවත් ශ්‍රී ලංකාව ඉන්දියාවට ලබා දුන් පොරොන්දුව සම්බන්ධයෙන් මතක් කර දිය යුතුව ඇතැයි එම පුවත්පත වාර්තා කර තිබේ.

දිවයිනේ සහ දකුණු ඉන්දීය සාගරයේ සුවිශේෂී ආර්ථික කලාපය පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනයේ විද්‍යාඥයන් ෂී යාන් 6 නෞකාවට ගොඩවීමට නියමිත බව දැනගන්නට ලැබී ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.

 



අදහස් (3)

ලංකාව එන චීන නැවක් ගැන ඉන්දියා මාධ්‍ය කතා කරයි

Mo77 Sunday, 13 August 2023 11:29 PM

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්ද? ඉන්දියාවෙන් සියලු දේ සඳහා අවසර ගත යුතුද?

:       0       0

don Monday, 14 August 2023 02:43 AM

ඉන්ඩියව කවඩවත් ලන්කවට ගොඩ යන්න ඩෙන්නෙ නහ. එහෙම ලන්කව ඩියුනු උනොත් එක ඉන්දියාවට දරන්න බැරි තර්ජනයක්. ලොකයෙ සියලුම දියුනු රටවල් තම අසල්වැසි රටවල් දියුනු වෙනවට බලවත් වෙනවට කැමති නැහැ..

:       0       0

Bunny Preena Monday, 14 August 2023 01:17 PM

අපිට ඉතින් සිඟමන් දෙන ඉන්දියාව සහ චීනය කියන හැටියට නටන්න සිදුවන එක අරුමයක් නෙවෙයි. මෙයින් ගැලවීමට ඇති එකම මග තමයි වගා සහ කර්මාන්ත සංග්‍රාමය අවංකවම හැමදෙනාම කැපවීමෙන් ආරම්භ කරන්න ඕනේ... කොමිස් මුදල්වලට ඇති ආශාව අත්හරින්න ඕනෑ. මන්ත්‍රී, ඇමැති සහ අමාත්‍යාංශ ලේකම් වරුන්ගෙන් මෙම වැඩපිළිවෙළ පටන් ගන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 3222 1

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 14 335 0

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ


වැස්ස තවත් දීර්ඝ වෙයි
2024 ඔක්තෝබර් මස 14 1979 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින ගිගුරුම් සහිත තද වැසි එළැබෙන 16 සහ 17 යන දින දක්වා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ ජ්‍යෙෂ්ඨ කාළගුණ විද්‍යාඥ මලිත්


කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට ලිපියක් දෙයි
2024 ඔක්තෝබර් මස 14 3844 1

ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14)


සමාජ ශාලා වටලා රටබීම අල්ලයි
2024 ඔක්තෝබර් මස 14 955 0

සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබ


මැකෝ පක්ෂ ලේකම්වරුන් හමුවක් හෙට
2024 ඔක්තෝබර් මස 14 170 0

මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 397 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 448 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1409 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site