(අංජුල මහික වීරරත්න)
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක්) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ.
මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊට අත්සන් තැබූහ.
මෙම ප්‍රදානය මගින් පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා කසල ප්‍රවාහනයට කම්පැක්ටර් රථ 28ක් සපයනු ලබන අතර, ඉන් බස්නාහිර පළාතට රථ 14ක්, නැගෙනහිර පළාතට රථ 08ක් සහ උතුරු පළාතට රථ 06ක් බැගින් ලබා දීමට නියමිතය.
වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ නිසා ලෝකයේ රටවල ආයෝජන ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත යොමු වෙමින් තිබෙන බව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය මෙහිදී සඳහන් කළාය. දූෂණ විරෝධී කටයුතු සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට ඉදිරියටත් ජපාන රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බවද උප අමාත්‍යවරිය සඳහන් කළාය.
ජපාන අගමැතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයද උප අමාත්‍යවරිය මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූවාය.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලංකාව ක්ලීන් කරන්න ජපානෙන් ලොකු තෑග්ගක්
Neel Monday, 03 February 2025 11:11 PM
මුලූ ලෝකෙම අනුර දිසානායක ජනාධිපතිට හොද කිව්වත් අපේ රටේ ඉන්න සමහර ජනතාව අපිට මොනවද කලේ කියලා අහනව හොරුන්ටමයි කැමැත්ත .
Nishan Tuesday, 04 February 2025 03:31 AM
ජපානේ අවුරුද්දකට සැරයක් ශ්‍රී ලංකාවට කුනු ලොරි දෙනවා, ඇම්බියුලන්ස් දෙනවා. මම හිතන්නේ ජපානය මේ ආණ්ඩුව රවට්ටනවා.
පුරවැසියා Tuesday, 04 February 2025 06:01 AM
ඒ කියන්නේ පෙර පැවති පාලනයන් අන්ත දූෂිතයි කියන එක විදේශ රටවලින්ද පිළිගෙන තියෙන එක නේද?
de silva berlin Tuesday, 04 February 2025 06:16 AM
ඔය ඔක්කොටම කලින් ක්ලීන් කරන්න ඕනේ අකාර්යක්ෂම , අල්ලස් ගන්න , නිකරුනේ මහජන මුදල් නාස්ති කරන රජයේ සේවකයෝ.
Kapila Tuesday, 04 February 2025 06:38 AM
ලොකුම තෑග්ග තමයි පච අල්ලන්න පුළුවන් මැෂුම. මිනිස්සු ඕවගේ කියද්දී ඒකෙන් හොයන්ඩ පුළුවන්.
ජගත් ලියනගේ Tuesday, 04 February 2025 06:51 AM
ජපානය හැමදාමත් අපේ රටට හරිම ආදරය කරපු, ඒ වගේම ව්‍යාපෘති සඳහාත් නොයෙක් අයුරින් උදව් උපකාර කළ රටක්.
අනුරුද්ධ ලියනගේ Tuesday, 04 February 2025 11:32 AM
හොඳම වෙලාව විශ්ව විද්‍යාලවලින් රැග් හෙවත් නවක වධය මුළුමනින්ම තුරන් කරලා ශුද්ධ කරන්න, ,ශිෂ්‍යයන්ට වධ හිංසා තර්ජන ගර්ජන හිරිහැර වලට මුහුණ නොපා අධ්‍යයන කටයුතු කර ගෙන යාමට සුදුසු හොඳ සාමකාමී සුන්දර පරිසරය සකස්කර දීමට හැකි නම් ඉතා අගනේ ය.
අමල් Wednesday, 05 February 2025 02:43 PM
කුණු ලොරි 28 ක් ඇතිද මන්දා, 159 කුයි තවත් එකෙක් එන ඡන්දෙන් පටවලා යවන්න ?