IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලංකාවේ තැන් 20ක සූර්ය බලාගාර හදයි

(අංජුල මහික වීරරත්න)

මෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165 ක මුළු ධාරිතාවකින් සමන්විත භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අම්පාර, අනුරාධපුර, අතුරුගිරිය, බෙලිඅත්ත, දෙනියාය, ගාල්ල, හබරණ, හොරණ, කොස්ගම, කුරුණෑගල, මාදම්පේ, මහියංගනය, මහව, මාතර, මතුගම, පන්නල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනතිව් හා වේයන්ගොඩ යන ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 165ක ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා තරගකාරී යෝජනා කැඳවා ඇත.

එක් එක් ස්ථානය සඳහා ලංසුකරුවන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇගයීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ. 

එකී නිර්දේශ මත පදනම්ව  ප්‍රතිචාරාත්මක සාර්‌ථක ලංසුකරුවන් වෙත කොන්ත්‍රාත්තු පිරිනැමීමට  විදුලිබල හා බලශක්ති  අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (3)

ලංකාවේ තැන් 20ක සූර්ය බලාගාර හදයි

Lakmal - katunayaka Tuesday, 03 September 2024 12:41 PM

විනිවිද භාවයකින් කලොත් ලංකාව වගේ ගර්ම කලාපීය රටකට අතිශය වැදගත් ව්‍යාපෘතියක් .දේශපාලන මතවාද පසෙකලා ජාතික ප්‍රතිපත්තියක් අනුව සංවර්ධන වැඩ කටයුතු සිදුවිය යුතුයි

:       0       70

Nuwan Tuesday, 03 September 2024 10:11 PM

ඇත්ත .... අවුරුද්ද පුරාවටම උදේ හයට ඉර පායලා හවස හයට ඉර බැහැලා යන රටවල් තියෙන්නේ ටිකයි....

:       0       1

prabash Tuesday, 03 September 2024 04:42 PM

ගොඩක්ම තියෙන්නේ සුදුසු පළාත් නෙවෙයි... පළමුව හොඳින් සූර්ය ආලෝකය වැටෙන පළාත් තෝරාගෙන සිටින්න. හැමදාම වැසි සහිත පළාත් ගොඩක් මේ ලැයිස්තුවේ තියෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 274 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 295 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 7473 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2888 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3579 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6041 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19251 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 94 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 284 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 148 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site