(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පශු සම්පත් අංශයේ සංවර්ධනය සඳහා බ්‍රසීලයේ තාක්ෂණික සහයෝගය ලබා දීමට එකඟතාවය පළ වී තිබේ.
කිරිගව කර්මාන්තය සඳහා ඉතා උසස් තාක්ෂණයක් භාවිතා කරන බ්‍රසීලයේ එම තාක්ෂණික සහයෝගීතාවය ලබා දීම සඳහා ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ගිවිසුමකට එළැඹීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
බ්‍රසීල සහයෝගිතා ඒජන්සිය හෙවත් ABC- Agency for Brazilian Cooperation හි නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙි පිළිබඳව සාකච්ඡා කළේය.
මෙම නියෝජිත පිරිසට ශ්‍රී ලංකාවේ බ්‍රසීල නියෝජ්‍ය මහකොමසාරිස් Monica Nasser බ්‍රසීලයේ Federal University Vicosa හි සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය Odilon Gomes Pereira, ABC හි නියෝජිත Andrea Von Rakiwisthe Tillmann, හා Nelci Peres Caixeta යන නියෝජිත පිරිස මෙන්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ වෛද්‍ය නිරෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
බ්‍රසීල තාක්ෂණික සහයෝගිතා ඒජන්සිය මගින් ලබා දීමට නියමිත තාක්ෂණික සහයෝගිතාවන් සඳහා සත්ව පෝෂණය, සත්ව අභිජනනය, ගොවිපල පරිපාලනය හා කළමනාකරණය මෙන්ම කිරි ප්රවාහණය, ගබඩා කිරීම හා කිරිවල ප්‍රමිතිය පවත්වාගෙන යාම යන කරුණු වලට අදාලව සිදු කෙරේ.
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාව -බ්‍රසීලය සමඟ සහයෝගිතා ගිවිසුමක්