IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ලංකාවේ වගා කළ කොළ ඇපල් ජනපතිට පිළිගන්වයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතා  ගල්ගමුව, තඹුත්තේගම  ප්‍රදේශයේ අක්කර දෙකක මෙම ඇපල් වගාව සිදු කර තිබේ.

ගොවි මහතාගෙන් ඇපල් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේදී එම ඇපල් වගාව බලන්නට එන බව  පැවසීය. 

ලක්ෂ්මන් කුමාර ගොවි මහතා සඳහන් කළේ ඇපල් බීජ මෙරටට ගෙන්වා නව පරීක්ෂණයක් සිදු කර වගාව ආරම්භ කළ බවත්, අක්කර දෙකක සරු ඵලදාවක් මේවන විටත් ලැබී ඇති බවත්ය.

මෙම වගාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය බීජ නිෂ්පාදනය කර ලබාදීමට හැකියාව පවතින බවද ලංකාවෙි ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි අයුරින් මෙම බීජ නිපදවා ඇති බවද ඔහු සඳහන් කළේය.

කොළ ඇපල් පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි රස බැලීමට ද අමතක නොකළේය. 

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, හිටපු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වී  සිටියහ.



අදහස් (29)

ලංකාවේ වගා කළ කොළ ඇපල් ජනපතිට පිළිගන්වයි

ගමේ එකාලා Thursday, 20 October 2022 01:36 PM

අපේ රටේ මොනතරම් දේවල් කරන්ඩ පුලුවන්ද ?නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු දූෂිත දේසපාලුවෝ මුලුරටම බන්කොලොත් කෙරුවා .

:       5       50

BamunuarachchiThursday, 20 October 2022 02:18 PM

මේ හාදයා මොනවද මේ කතාකොරන්නේ ? කතකොරනවා ඇපල් ගැන. ඔතරම්ම දේශපාලනය බොකුවල දුවනවානම් කතා කොරනවකෝ රටෙන් 2/5 ප්‍රභාකරන් යටත් කරගෙන හිටපු කාලය ගැන. මම හිතුවා ජොනි කොල්ලා විතරයි මාළුවා ගැන. කතාව පටන් අරන් මැක්කාගෙන් ඉවර කරන්නේ කියලා.

:       38       9

bisonThursday, 20 October 2022 09:58 PM

බලන්න රනිල් සර් ඇවිත් මාස දෙක තුනට කොළ ඇපල් හිටවලා ගෙඩිත් හැදිලා.

:       1       1

Surathslaa Thursday, 20 October 2022 01:41 PM

පිටරටවල් වලින් දෙන උපදෙස් පිළිනොගත්තොත් වගාව සාර්ථක වේවි

:       2       44

කල්පනා Friday, 21 October 2022 05:45 AM

මෙපමණ කලක් වගාව කලේ ඔබතුමා වගාව තමන්ගෙ දැනුමෙන් පමණක් නම් ඉදිරියේත් කාගේවත් උපදෙස් ගන්න එපා මහත්තයෝ ඒවාගේම කියන්න ඕන දෙවේලේ දකින කුකුලගෙ කරමලේ සුදුයි කියන ලංකාවෙ මිනිස්සු කියාවි රටින් ගේන ඇපල් තරම් රසක් නැහැ කියලා තවත් පිරිසක් කියාවි ලංකාවෙ ඇපල් කිසිම ගුණයක් නැහැ කියලා තවත් පිරිසක් කියාවි රේගු ආදායම් අඩුවුනා කියලා කොහොම වුනත් විවිධ සංවිධාන කණ්ඩායම් ලෙසට බලන්න ඒවි ඒවාට ඉඩක් දීම නම් එතරම් හිතකර නැහැ

:       0       3

thushara Thursday, 20 October 2022 01:41 PM

ඇපල් ගෙඩියට වහ ඩින්ගක් දාන්න කෙනෙක් නැති උනානේ

:       43       29

කිරිපුතා Thursday, 20 October 2022 01:43 PM

නුවරඑළියේ හෝ බණඩාරවෙල සාර්ථක ඇපල් වගාවකට උදව් කරන නියායෙන් දරුනු වෛරසයක් එවා බටහිර රටක් විසින් එම වගාව නැත්තටම නැති කළ පුවතක් ගැන යම් මතකයක් තියෙනවා. මේ ගොවි මහතාත් එවැනි දේවලින් පරිස්සම් විය යුතුයි.

:       2       46

"පාට ඇපල්" Thursday, 20 October 2022 01:48 PM

ඇපල් කොල පාට වුන නිසා " රනිල්ට" දුන්නා,,,, ඉදිලා කහ පාට වුනානම් "සජබයට" දෙනවා,,,, ඉදිලා රතු පාට වුනානම් "ලපයට" දෙනවා...

:       37       23

chandima Thursday, 20 October 2022 01:53 PM

පලවෙනි පලදාව නිසා කීයක්වත් දුන්නේ නැතිද?ස්තුතියි කියලා නිකන් ගත්තද ?

:       23       15

amilaThursday, 20 October 2022 06:52 PM

ජනාධ්පති උනත් ලංකාවෙනෙ. පිණට කාලා පුරුදුවෙලා තියෙන්නේ.

:       1       0

ගොවිරාළ Thursday, 20 October 2022 01:55 PM

ජයවේවා මෙහෙම අයට රජයෙන් උපරිම සහයෝගය දෙන්න ඕන ටික කලක් යනතුරු ජනාධිපතිතුමා ගියත් බදු කට්ටිය නොගියොත් වගාව සාර්ථක වේවි (ලංකාවෙ බොහොමයක් අලුත්ම නිශ්පාදන සාර්ථක නොවුනේ බදු කට්ටිය නිසා කියලා හිතෙනවා )

:       1       23

Prase Thursday, 20 October 2022 02:01 PM

වෘර්තිය සමිති උද්ඝෝෂණ කරයිද ඇපල් ලංකාවේ හදන්න එපා.ජනතාවට අසාදාරනයක් සිද්ධ වෙනවා කියලා

:       8       27

jayasekara Thursday, 20 October 2022 02:09 PM

මම දන්නා විදියට ඒ ඇපල් නෙවෙයි .පෙයාස්

:       28       5

kamalThursday, 20 October 2022 03:25 PM

Green apple පෙයාස් නෙවෙ.

:       1       19

KulrThursday, 20 October 2022 05:03 PM

ග්‍රීන් ස්මිත් ඇපල්

:       1       1

ලසන්ත Thursday, 20 October 2022 05:48 PM

ජයසේකර හිතාගෙන ඉන්නෙ රනිල් මහත්තෙයා ඇපල් අදුනන්නෙ නැති කෙනෙක් කියලද.තමුන්ගෙ පක්ෂයේ නායකයො ඇපල් හදුනන්නෙ නැති වුනාට හැමෝම එහෙම නැහැ කියලා මතක තියාගන්න

:       2       11

Ranjan Thursday, 20 October 2022 02:37 PM

අපේ රටේ වැවෙන නොයෙකුත් හොද පලතුරු වලට සහාය දී ඒවා පිටරට වලට යවා වැඩි විදේශ විනිමයක් ලබා ගන්න හැකියාව තිබෙද්දී මෙවැනි දේ වලට ආධාර කිරීමෙන් ඇතිවන් ඵලය කුමක්ද? ලංකාවේ ජනතාවට ඇපල් අවශ්‍යම පළතුරක් ද? නොවේ ඇපල් ගන්න පිටරට කිසිවෙකු නැහැ.

:       32       5

siri Thursday, 20 October 2022 02:37 PM

මෙච්චර රස ගුණ පළතුරු තියෙන රටේ කොළ ඇපල්. අපට මෙහෙම වෙලා මදි.

:       25       6

ගජමිතුරු Friday, 21 October 2022 05:51 AM

කොච්චර රසවත් පළතුරු තිබුනත් අපේ එවුන්ට රටින්ම ගේන දේවල් තමයි රස. ඒක නිසානෙ අතමිට හිග කාලයේ වුනත් රටින් ඇපල් ගේන්නෙ මේවා මෙහිම වගාව කලොත් විදේශ විනිමය ටිකක්වත් ඉතිරි වෙනවා කියලා තේරුම් ගන්න බැරිද.?

:       0       3

dayananda Thursday, 20 October 2022 03:29 PM

තවමත් බැරිඋනා ලංකාවේ මිනිසුන්ට මේ ගතානුගතික බොරු සිරිත් වලින් මිදෙන්න.. ඕක අරගෙන යන්න තිබුනේ පළාතේ වගා නිලදාරියා ලගටනේ.. මේ පුස්සා ලගට ගිහින් මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. පලවෙනි පලතුර හාල්ටික උස්සගෙන මහනුවර යනවා මුන්ට පිස්දුද වෙනස් වෙයල්ලා මිනිසුනේ සත පහකට වටිනා මිනිහෙක් ලගටද මේ වටිනා පලදාව පිළිගන්වන්න ගියේ

:       13       16

ලසන්ත Friday, 21 October 2022 06:00 AM

අඩුම තරමින් මොන්ටිසෝරියකට වත් ගියේ නැද්ද.? නැත්නම් මාළිගාවෙ කුඹුරු වතුපිටිවල මුල් අස්වැන්න මාලිගාවට නොදී වෙන කාට දෙන්නද .

:       0       3

sharm warn Thursday, 20 October 2022 03:54 PM

ඇපල් මාටින් කියල ප්‍රසිඩ්ද වෙච්ච කෙනෙක් හිටිය. එයා බොගොම සාර්තක වගාවක් කලා. එවකට ඇපල් අපනයනය කරමින් හිටපු ඔස්ට්‍රෙලියව මිතුරු ලීලාවෙන් ඇවිල්ලා වගාව නරඹලා වැඩි යහපතක් කරන්නම් කියලා වයිරසයක් සහිත ඇපල් පැල තොගයක් එව්වා. අපේ වගාව මලා. ඒක පරණ කතාව. මේ මහත්තයට ආදරෙන් කියන්නෙ. පලවෙනි පලදාව දුන්නෙත් හොරෙකුට. අනෙ පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න. නැතිනම් ඔයාටත් වෙන්නෙ ඇපල් මාටින් ට වෙච්ච දේ තමයි. (බමුනෙකුට රිදෙනව පෙනුනා උඩහා හරියෙදි. . )

:       9       25

jayasiri amarasekara Thursday, 20 October 2022 03:58 PM

අපිනම් කරන්නෙ මුල් පලය අග්ග්‍ර පලය බුදුන්ට පූජ කරන එක.

:       3       11

Dharmatileke Thursday, 20 October 2022 05:31 PM

Apple a day won’t keep the ARAGALAYA Away, Sorry

:       2       4

nimal Thursday, 20 October 2022 05:41 PM

ඔබේ ඇපල් ගොවිපල තරුණ පරම්පරාවට හඳුන්වා දෙන්න. ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ අස්වනු වැඩිපුර ලබදෙන විවිද වර්ගයේ ඇපල් සහ පෙයාස් වර්ග තිබේ.

:       0       9

FAIROOS Thursday, 20 October 2022 07:30 PM

මුල් ඵලදාව පිළිගන්වන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද?

:       2       0

Kumara Thursday, 20 October 2022 09:15 PM

වහල්ලු තවමත් මේකේ ඉන්නවා.

:       1       0

පැරකුම් Thursday, 20 October 2022 09:56 PM

ලෝකයේ ඇපල් සදහා ඇති ඉල්ලුම සංතෘප්ත වී ඇති බැවින් මේ සදහා විදේශ ඉල්ලුමක් නැති තරම්ය. අපනයනය සදහා සුදුසු දේශීය පලතුරක් තෝරාගෙන එය ප්‍රවර්්‍ධනය කිරීම නේද වඩා සුදුසු.

:       1       1

සුමනසේන Friday, 21 October 2022 08:13 AM

පාට ඇපල්ගෙ අදහස දැක්කම මට අතීතයේ කතාවක් මතක් වුනා අපි ඒකාලෙ පාසැල් යනවා අපිට වාහන පහසුකම් නැහැ කිලෝමීටර් හයක් පමණ අපි පයින්ම යනවා කට්ටිය එකතුවෙලා යනකොට අපි විවිධ විෂයයන් ගැන කතා කරනවා අපි සමග යන පොඩි අයගේ අධ්‍යාපන ගැටලු විසදා දෙනවා ඉතින් දවසක් යනවිට ගුවන්විදුලියේ උදෑසන ආරම්භය සදහා ජාතික ගීය වාදනය වෙනවා ඒ කාලයේ තිබුනෙ මැතිණියගේ සමගි පෙරමුණු රජය .ඉතින් ජාතික ගීය ආරම්භ වෙන්නෙ ශ්‍ර්‍රිලංකා මාතා කියලනේ. අපිත් එක්ක හිටපු පේමරත්න කියලා පොඩ්ඩෙක් කියනවා යූ ඇන් පී ආණ්ඩුවක් ආවොත් යූ ඇන්පී මාතා කියලා ජාතික ගීය වෙනස්කරන්න වෙනවා නේද කියලා අපි ශ්‍ර්‍රිලංකා කියන්නෙ රටේ නම කියලා කිව්වට කොල්ලා පිලිගත්තේම නැහැ එහෙම මිනිසුන්ටත් රජයන් පත්කරන්න ඡන්ද බලය දීමෙන් තමයි මේ රටේ මෙතරම් විනාශයක් ඇතිවුණේ

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1014 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2141 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1633 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1584 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1051 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 778 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25703 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site