IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලංකාවට ’’Starlink’’ ගේන්න අවසර දෙයි

 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා "ස්ටාර් ලින්ක්" (Starlink)වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබා දුන් බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

විධිමත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට  (7) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

ලංකාවට  "Starlink" සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැති සමුළුවක් අතරවාරයේ ඊලෝන් මක්ස් සමග සාකච්ඡා පැවැත්වීය.



අදහස් (14)

ලංකාවට ’’Starlink’’ ගේන්න අවසර දෙයි

End Game Thursday, 06 June 2024 02:07 PM

අපේ රටේ ඉන්න අයිඑස්පී ලා ලෙඩේ අදී.. උන්ගේ ව්‍යාපාර එක නැති වෙන නිසා

:       17       35

de silva Thursday, 06 June 2024 02:49 PM

අනිවාර්යයෙන් මේක වෙන්න ඕනේ, ලංකාවේ ඉන්ටර්නෙට් ගාස්තු ඉතා ඉහළයි.

:       40       30

AshokaThursday, 06 June 2024 02:59 PM

ද සිල්වා ඔයා ස්ටර්ලින්ක් වල ගණන් හොයලා බැලුවාද? ඒක තමයි මිල අධිකම ඉන්තර්ජාල සම්බන්ධතාවය.

:       8       62

Tharindu Thursday, 06 June 2024 02:56 PM

එක වැඩසටහනක විද්වත් කෙනෙකු Starlink ගැන පැවැසූ පරිදි මෙය මිල අධික සේවාවක් වෙන අතර ලෝකයේ අන්තර්ජාල පහසුකම් සේවා ගාස්තු අඩුම පළවෙනි රටවල් 20 ට ශ්‍රී ලංකාව ද ඇතුළත්ය..

:       1       44

Samitha S. Aluthgamage Thursday, 06 June 2024 03:10 PM

අන්තර්ජාල ඒකාධිකාරයේ අසීමිත බලය බිඳ දැමීමට මෙය විශාල රුකුලක් වුවහොත්,ඉතා අගනේය...!

:       15       21

නිහාල් Thursday, 06 June 2024 05:09 PM

නිතර වැසි වසින ලංකාව වගේ රටකට චන්ද්‍රිකා මගින් අන්තර්ජාල පහසුකම් සැපයීමේදී ගැටලු ඇතිවෙනවා...

:       27       2

Rata Perata Thursday, 06 June 2024 06:15 PM

සල්ලි තියෙන කෙනෙක්ට ඕන කුණු ගොඩක් ලංකාවට ගේන්න අවසර තියෙනවා. අපි කුණු නැව් ගෙනැල්ලා.., ඒවා ආපහු යවලා, ඒවට ඩොලර් මිලියන 6.5ක් ගෙවපු මිනිස්සු.

:       0       0

sanath Thursday, 06 June 2024 06:26 PM

ලංකාවේ කොහෙද ඉන්ටර්ෙනට් ගාස්තු අඩු, ජර්මනියේ මගේ අන්ලිමිටඩ් ෆයිබර් ඉන්ටර් සබඳතාවය (GB සීමාවක් නැති), ජර්මනිය තුළ සියලුම දුරකථනවලට නොමිලේ කතාකිරීමේ පහසුකමද සමග මාසෙකට යූරෝ 19,99 කි. එනම් ලංකාවේ රුපියල් වලින් 6700-7000 අතර ප්‍රමාණයකි. ලංකාවේ අන්ලිමිටඩ් කියලා දෙන එකට (දවසට GB 10 කි) රුපියල් 10000 ට වැඩියි. කෝල්වලට වෙනම ගෙවන්න ඕනේ. ජර්මනියේ සහ ලංකාවේ ආදායම සමග සන්සන්දනය කළාම, මෙහේ ඉතා අඩුයි. අනිවාර්යයෙන් ලංකාවට ස්ටාර්ලින්ක් එන්න ඕනේ, එතකොට තරඟයක් ඇතිවේවි... ලංකාවේ හැම ප්‍රදේශයකටම ෆයිබර් නැහැ.. සිග්නලුත් අඩුයි. ලොකු සමාගම් වලට මේවා අවශ්‍ය වෙනවා... වලාකුළු සහ කාලගුණ ප්‍රශ්න මගහරින්න නවීන, බලවත් ග්‍රාහක ඇන්ටනා සහ උපකරණ දැන් ලෝකයේ තිබෙනවා...

:       3       12

Tharindu Friday, 07 June 2024 03:08 AM

සනත් Starlink සේවා සදහා මසකට අමෙරිකානු ඩොලර් 120 පමණ මුදලක් වැයවන බව පැවසේ..දළ වශයෙන් රුපියල් 36000 මුදලක්.මෙය සාකච්ඡා කොට අඩු කර ගැනීමට හැකි නම් එය අගනේය. අතරමැදි සමාගම් තව කොපමණ ප්‍රමාණයක් එකතු කරයිද දන්නේ නෑ. විදුලිබල වතුර බිල ගෙවා ගන්න බැරිව අසරණ වෙලා ඉන්න අපේ දුෂ්කර ග්‍රාමීය ජනතාවට නම් මෙය වැදගත් වෙන එකක් නෑ. නගරබද බහුජාතික, දේශීය අන්තර්ජාලය හරහා ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු කරන සමාගම් වලට මෙය වැදගත් වේවි

:       0       4

බද්රානි Thursday, 06 June 2024 06:51 PM

මේ මොහොත වෙනතෙක් දෙපාර්ශවයම මේ සම්බන්ධව කිසිඳු නිල නිවේදනයක් සහ නිල එකඟතාවයක් නැහැ.. ඒ නිසා දැනට, මේ සම්බන්ධව කාලය නාස්ති කරගෙන අප කතා කළයුතු නැහැ. මේවා පත්තරවල යන හෙඩ්ලයින් පමණයි.. කට්ටියට මතක ඇතිනේ ෆ්‍රී වයි ෆයි..?

:       0       0

senaka Thursday, 06 June 2024 08:31 PM

ඉලෝන් මස්ක් කරන්නේ ඉන්ටෙර්නෙට් බිස්නස් පමණක් නොවේ. ඔහුට ඕනේ තරම් මුදල් තිබෙනවා. ඔහු ලංකාවේ ජනප්‍රිය වෙන්න ඉදිරියට ඔහුගේ අනෙක් ව්‍යාපාරත් ලංකාවේ ප්‍රචලිත කරන්න හිතාගෙන රුපියල් 5000 කට පමණ අන්ලිමිටඩ් ඉන්ටෙර්නෙට් සබන්ධතාවයක් දුන්නොත් මොකද වෙන්නේ? 90 දශකයේ විනාඩියක් සෙලියුලර් ෆෝන් එකෙන් කතා කරන්න රුපියල් 10 පමණ වුණු, එන ඇමතුම්වලටත් ගෙවන්න වුණු දැන් රුපියල් 600 ක පැකේජ් එකෙන් පුළුවන් මාසෙම අන්ලිමිටඩ් කෝල් ගන්න... රට දියුණුවෙන්න නම් ඒකාධිකාරය බිඳ දමන්න ඕනේ..., රුපියල් 20000 වුණත් කමක් නැහැ... නියම ස්ටර්ලින්ක් අන්ලිමිටඩ් සම්බන්ධතාවයක් මම ගන්නවා මගේ ව්‍යාපාරයට...

:       0       1

සමිත් Friday, 07 June 2024 11:04 AM

ආරම්භක ගාස්තුව එක්ලක්ෂ අසූදාහයි. මාසික ගාස්තුව තිස් දාහයි. තුන්වේල කන්න නැති ශ්‍රී ලාංකිකයන්ට ගැලපෙනම අන්තර්ජාල සම්බන්දතාවය මෙයයි.

:       1       1

Nimal Friday, 07 June 2024 11:06 AM

මෙහෙම දෙයක් වෙන්නේ නැ එක නිසායි බොරුවක් අල්ලගෙන මෙච්චර කාලයක් නාස්ති කලේ

:       1       3

de silva Friday, 07 June 2024 12:57 PM

එලෝන් මස්ක් දක්ෂ ව්‍යාපාරිකයෙක් . ලංකාවට ගැලපෙන ගාස්තුවක් ඉදිරිපත් කරවී , ඔහු දන්නවා අධික මිලක් අයකරොත් මිනිස්සු මිලදී ගන්නේ නැහැ කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2521 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 434 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1734 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5090 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3414 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3764 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site