(අංජුල මහික වීරරත්න)
මහ කන්නය සඳහා මෙරටට ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර පිරිසිදු ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා තහවුරු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
කාබනික ගොවිතැන සඳහා මෙම පොහොර යොදා ගැනීම ඉතාම සුදුසු බව කෘෂිකර්ම අධ්යක්ෂවරයා නිර්දේශ කර තිබෙන බවද අමාත්‍යාංශය පවසයි.
ලිතුවේනියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබු මෙට්‍රික් ටොන් 30,000 ක ධාරිතාවෙන් යුතු පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර නොවෙි යැයි පළවන කරුණු වැරදි බවද කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය හා තිරසර කෘෂිකර්මය සඳහා වු අමාත්‍යාංශ කමිටුවේ සභාපති මහාචාර්ය වී.අයි.යාපා මහතා පවසන්නේ මෙරටට ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙරට එප්පාවල පොස්පේට් පොහොර මෙන් මහ පොළවේ ඛනිජ සම්පත්වලින් නිෂ්පාදනය කරන ලද්දක් බවයි. මෙි නිසා මෙම පෙහොර රසායනික පොහොරක් ලෙස හැදින්වීම වැරදි අවබෝධයක් නිසා සිදු කරන ප්‍රකාශයක් බවද මහාචාර්ය වී.අයි.යාපා මහතා කියයි.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාවට ගෙනාවේ කාබනික පොහොරමයි
පැරකුම් Friday, 15 October 2021 04:13 PM
කන්න හිතුණාම කබරයත්, තලගොයා වෙනවා…!
ගොවිරාළFriday, 15 October 2021 04:38 PM
දීකිරට බළල්ලුත් සාක්ෂිලු...
Prof. Jinsena Hewage Friday, 15 October 2021 04:43 PM
කාබනික නමින් අහිංසකයන් රැවටිල්ල... කාබනික ලුණුත් නොගෙනෙන මිනිස්සු නොවෙයි මෙයාලා... පොටෑසියම් ක්ලෝරයිඩ් යනු ශරීරයේ ද්‍රව සහ ලේ පරිමාව පාලනය කිරීමට ඉතා අවශ්‍ය ද්‍රවයකි. එය රුධිර පීඩනය අඩුකිරීමටත්, හෘද රෝග අඩුකිරීමටත් බලපායි. මෙය අයිතිවන්නේ අකාබනික රසායනික කුලයට. එය මෙයාලගේ වචනයෙන් කියනවා නම් රසායනික පොහොරකි. (සියලුම පොහොර වර්ග රසායනික වේ). අපි කණ ලුණු, සෝඩියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් ක්ලෝරයිඩ් වලට වඩා ශරීරයට අහිතකරයි. වැඩි වුණොත් අධික රුධිර පීඩනය, හෘද රෝග ඇතිවේ. එහෙනම් ඔක්කෝටම ඉස්සෙල්ලා කාබනික ලුණු ගේන්න වේවි. ඇයි මෙම නම ඉස්සරහින් කාබනික කෑල්ල දැම්මේ... ඕකට කියන්නේ උද්දච්ඡකම කියලා. නොදන්නා කාබනිකයක් ගැන මිනිස්සු රවටලා දැන් බයයි.. රසායනික කෑල්ලවත් ගෑවෙනවට...
සමන්තFriday, 15 October 2021 09:15 PM
රසායනික විද්‍යාවට අනුව සියලුම සංයෝග රසායනික ද්‍රව්‍ය වේ. ඒවා කාබනික හා අකාබනික ද්‍රව්‍ය ලෙස තවදුරටත් බෙදා වෙන්කරයි. ශාකවලට නයිට්රජන් ලබාදීමට යූරියාද, පොටෑසියම් ලබාදීමට මියුරේට් ඕෆ් පොටෑශ්ද, පොස්පරස් ලබාදීමට ට්‍රිපල් සුපර් පොස්පේට් නම්, රසායනිකව නිපදවූ පොහොර භාවිතා කළ නිසා මේවාට රසායනික පොහොර යන නාමයන් යොදන ලදී. රසායනික විද්‍යාවට අනුව යූරියා කාබනික ද්‍රව්‍යක්ද, පොටෑසියම් ක්ලෝරයිඩ් හා මොනොකැල්සියම් පොස්පේට් අකාබනික ද්‍රව්‍ය ලෙස සැලකේ. කාබනික ගොවිතැනට භාවිතා කළ යුත්තේ ඒ සදහා අනුමත ද්‍රව්‍යවන අතර රසායනිකව නිශ්පාදනය කළ ඉහත ද්‍රව්‍ය යෙදූවිට කාබනික ගොවිතැන යන නාමය භාවිතා කළ නොහැක. ඒනිසා ස්වභාවිකව ඒවා ඇති නිධිවලින් ගෙන යෙදීම අනුමත ක්‍රමය වන අතර කෘෂිකර්ම අධ්යක්ෂවරයා පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර ලෙස හදුන්වා ඇත්තේ කාබනික කෘෂිකර්මයට යෙදීමට අනුමත අර්ථයෙනි. මහාචාර්ය වූ පලියට සියල්ල නොදන්නා බව සියල්ලෝ තේරුම් ගනිත්වා.
චන්දන Saturday, 16 October 2021 07:53 AM
ඔබ සියලු දෙනාම වරද්දාගෙන. මේ කරන්න යන්නේ කාබනික කෘෂි කර්මාන්තය... ඊට කාබනික සහ අකාබනික පොහොර යොදනවා කියන එක වැරැදියි. එය ස්වභාවික සහ කෘත්‍රිම පොහොර කියලා භාවිතා කළ යුතුයි. ලංකාවේ පොස්පේට් නිධියත් ස්වාභාවික පොහොර හදන්න ගන්නවා. ලොකයේ බෙහෝ රටවල ඇති ස්වාභාවික ඛනිජ යම් වෙනස්කම්වලට භාජනය කරලා ජලයේ ද්‍රාව්‍ය තත්ත්වය වැඩිකරලා මීට භාවිතා කරනවා. යූරියා යනු කෘත්‍රිම පොහොරක්... එය කර්මාන්ත ශාලා තුළ පමණක් නිපදවනවා. එවැනි අවස්ථාවලදී අහිතකර විෂද්‍රව්‍ය පරිසරයට එකතු වීමට ඇති ඉඩකඩ ස්වභාවික පොහොර වලටත් වඩා වැඩියි.
pradeep Friday, 15 October 2021 05:04 PM
කාබනික පොහොර නොව කණිජ පොහොර...
Nuwan Friday, 15 October 2021 05:04 PM
අම්මේ මූණේ තියෙන පින්පාට...!!!
සෑම් Friday, 15 October 2021 05:54 PM
මෙයාගේ මුහුණත් කොම්පෝස්ට් වෙච්චි කාබනික මුහුණක්... අනේ අම්මපා මොවුන් මොකට ඉපදුණාද?
Saman Friday, 15 October 2021 06:22 PM
මේ මිනිස්සුන්ට අඩුම තරමේ නහින දෙහින කාලේවත් බොරු නොකියා ඉන්න බැරිද?
පිටිගල මිලානෝ Friday, 15 October 2021 07:17 PM
මෙයා මේ තටම තටමා කියන්න යන්නේ කාබනික පොහොරවලට පොටෑසියම් ක්ලෝරයිඩ් කවලම් කරපු පොහොර ගෙනාවේ කියලා නේද? පොටෑසියම් ක්ලෝරයිඩ් යනු ලුණු, ජලය, කෝස්ටික් සෝඩා වැනි අකාබනික රසායනික සංයෝගයක්. මෙය කාබනික දෙයක් ලෙස හඳුන්වනවා නම් ඔහු රසායන විද්‍යාව පිළිබඳ නොදන්නා කෙනෙක් වියයුතුයි. මෙය ලැජ්ජාවිය යුතු දෙයක් නොවේ. නමුත් මෝඩකම මෙය ප්‍රසිද්ධියේ කීමයි...
සෙනෙවිරත්න Friday, 15 October 2021 07:23 PM
මේ මහපොළවෙන් හාරන ඛනිජවල බැර ලොහ නොමැති බවට ඇමැතිතුමා තහවුරු කරනවාද? රසායනික පොහොර වල තිබුණු ප්‍රධාන ගැටලුව ඒකනේ. පොටෑසියම් ක්ලොරයිඩ් KCl , නැත්නම් මියුරේට් ඔෆ් පොටෑෂ් කියන්නෙත් දෙකම එකයි. එතකොට කලින් රසායනික පොහොර විදියට දුන්නේ මියුරේට් ඔෆ් පොටෑෂ් කියලා නේද? නම මාරු කළාම කාබනික වෙනවද? කවුද මේ රවටන්නේ? තමුන්නැහැලා වගේ අයත් එහෙයියන් කියන සා පෙළ සමත් නැති ඇමතිවරුත් රැවටෙයි ඕවාට..
සමන්තFriday, 15 October 2021 09:24 PM
බැරලෝහ සම්මත ප්රමාණයන්ට වැඩි නැති බවට රසායනාගාර පරීක්ෂණවලින් ඔප්පු කරලා තියෙනවා. මෙයට කාබනික යන නාමය භාවිතා කරලා තියෙන්නේ ලෝකයේ කාබනික ගොවිතැනට අනුමත කරලා තියෙන අර්ථයෙන්... ඔබතුමාට රසායනිකව නිපදවූ මියුරේට් ඔෆ් පොටෑෂ් ගේන්න කියලා ගොවියාව වර්ජන සඳහා මෙහෙයවන්න හොඳයි... ඒ වුණාට ස්වභාවිකව ඇති නිධිවල තියෙන කාබනික ගොවිතැනට යොදන මියුරේට් ඔෆ් පොටෑෂ් නරක් වුනේ කොහොමද? මෙතන තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ද මානසිකත්වය, හැම එකටම විරුද්ධවෙන ස්වභාවය...
Sambo Friday, 15 October 2021 08:12 PM
හුටා..! මෙයත් කඩේ යනවා...
Demuni Uduwara Friday, 15 October 2021 09:01 PM
ආනයනය කරන ලද පොහොර පිළිබඳව අප පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කරන අතර කරුණාකර මෙම කරුණ පැහැදිලි කරන්න. සමහර උගත් මහාචාර්යවරුන්ට අනුව පොටෑසියම් ක්ලෝරයිඩ් (KCl) අකාබනික ය!
Demuni Uduwara Friday, 15 October 2021 09:07 PM
අපි, උගත් අය කිසිවක් නොදන්නා අතර සඳහන් පොහොර අකාබනික නම් අපව නොමඟ යවන්න එපා!
Vipula Friday, 15 October 2021 11:13 PM
මෙතන කොමෙන්ට්ස් වල ගොඩක් අය හොඳ පැහැදිලි කිරීම් කරලා තියෙනවා, හැබැයි එක්කෙනෙක් මෝඩ අදහසක් දාල
Demuni Uduwara Friday, 15 October 2021 11:14 PM
අර්තාපල් කාබනේට් කාබනික ද අකාබනිකද යන්න ගැටළුවක්
de silva Friday, 15 October 2021 11:51 PM
කරුණාකර ගොවියන් දන්නා කියන පොහොර වර්ගයක් ඔවුන්ට ලබා දීලා ගොවිතැන කරගෙන යන්න අරින්න.
Perera Saturday, 16 October 2021 02:35 AM
කාබනික ග්ල්යිෆොසෙට් කාබනික බෙන්සීන් හෙක්සාක්ලොරයිඩ් එහෙමත් ගෙන්නන්න
beau Saturday, 16 October 2021 03:52 AM
කවුද මේ ලොක්කා..? මෙයා දන්න මගුලක් නෑ. කාබනික නොවන රසායනික ද්‍රව්‍ය කියන්නේ කෘතිම නිෂ්පාදන නොවේ... මහපොළවෙන් ගන්න කාබන් මූලද්‍රව්‍යයට සම්බන්ධ නැති මූලද්‍රව්‍ය සහ සංයෝගවලට... මෙයා මොන ඉස්කෝලෙකට ගියාද මම දන්නේ නැහැ. කාබන් වලට සම්බන්ධ නැති ද්‍රව්‍යයකට කාබනික කියන්න බෑ..
ලුම්බිණි Saturday, 16 October 2021 05:46 AM
පොටෑසියම් ක්ලොරයිඩ් (KCl) ස්වාභාවිකව ඇති වුවද එහි දියවන ද්‍රාව්‍යතාවය, ඉහළ විශ්ලේෂණය සහ ක්ලෝරයිඩ් ප්‍රතිශතය වැඩිවීම නිසා එය කාබනික පොහොරක් නොවේ...
swene Saturday, 16 October 2021 06:07 AM
එප්පාවල ෆොස්පේට් ඛනිජ නිධිවලින් ගත් නිසා ඒවා කාබනික ලෙස නම් කිරීම වැරදියි. ඛනිජ නිධිවලින් ගන්න දේවල් කාබනික ලෙස හඳුන්වන්නේ නම්, යකඩත් පොළොවෙන් ගන්නා නිධිවලින් නිස්සාරණය කරන නිසා ඒවාත් කාබනික ලෙස නම් කරන්න පුළුවනි. කාබනික පොහොර ලෙස සාමාන්‍ය ව්‍යවහාරය වන්නේ කොළ රොඩු, කෑම අපද්‍රව්‍ය, සත්ව අපද්‍රව්‍ය ගොම වැනි දෑ එකට දිරාපත් වීමෙන් ලැබෙන පොහොරයි. ඒකයි කාබනික පොහොර ආනයනය කරනවිට තිබිය හැකි බැක්ටීරියා.., වෛරස් වර්ග ගැන තදින්ම සොයාබැලිය යුත්තේ. එසේ ලබාගත් පොහොරවලට අවශ්‍ය නම් පමණක් මදි පාඩුවට රසායනික සංයෝගත් යොදන්න පුළුවන්... කාබනික පොහොර නිපයීම සඳහා දීර්ඝ කාලයක් යන අතර විශාල ජෛව ස්කන්ධයක්ද අවශ්‍යයි. විවිධාකාරයේ කර්මාන්ත අප ද්‍රව්‍යවල ඉතා විෂදායක දෑ තිබිය හැකි හෙයින් ඒවා එකතු කළයුතුද නැත. විවිධ කෙස් පැලෙන තර්ක ගෙනඒමෙන් මිථ්‍යාව ඔස්සේ යාම වැරැදියි. මේවා සමග සෙල්ලම් කිරීමෙන් රටට කොතරම් පාඩු සිදුවනවාද? ඒකයි ගහෙන් ගෙඩි එන්නා සේ එක පාරටම කාබනික පොහොර වලට 100%ක් මාරුවිය නොහැක්කේ...
Sunil Saturday, 16 October 2021 06:18 AM
මහාචාර්යවරයෙක් වුවත් ආණ්ඩුව කියන කියන විදිහට නැමෙනවා වගේ...
Rocky Saturday, 16 October 2021 06:29 AM
මෙතුමාත් කාබනික පොහොර මුට්ටියක් වගේ...!!!
සදිසි Saturday, 16 October 2021 07:33 AM
අපි ඉගෙනගෙන තියෙන රසායන විද්‍යාව අනුව ස්වභාවිකව පවතින්නේ පොටෑසියම් යන මූලද්‍රව්‍යය හා ක්ලෝරයිඩ් අයන වශයෙනි. මේ දෙක රසායනිකව සංයෝග කර පොටෑසියම් ක්ලෝරයිඩ් නිපදවයි. එවිට එය රසායනික සංයෝගයකි.
රනේ Saturday, 16 October 2021 07:55 AM
දාපල්ලකෝ ඔය දෙන එකක්...