IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ලංකාවට නව මූල්‍ය පහසුකම් දෙන්නේ නෑ - ලෝක බැංකුව

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු නව මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව ලෝක බැංකුව ඊයේ (28) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඒ සඳහා ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.එසේම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුල් වූ ව්‍යූහාත්මක හේතූන් ආමන්ත්‍රණය කිරීමද සිදු විය යුතු බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව සහ ඉන් ශ්‍රී ලාංකික ජනතාවට එල්ල වන බලපෑම පිළිබඳ දැඩි කණස්සල්ලට පත් ව ඇති බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

දුප්පත් සහ අවදානමට ලක් වූ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන උග්‍ර අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය මඟ හරවා ගැනීමට ඖෂධ,ගෑස්,පොහොර,පාසල් ළමුන්ට ආහාර සහ දැඩි අවදානමට ලක් වූ පවුල් වලට මුදල් ආධාර ලබා දීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට දැනටමත් අනුමත කර ඇති මූල්‍ය ව්‍යාපෘති වල සම්පත් නැවත සකස් කරන බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඊයේ(28) වන විට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක මුදලක් හදිසි අවශ්‍යතාවයන් වෙනුවෙන් නැවත සකස් කර නිදහස් කර ඇතැයි ලෝක බැංකුව පෙන්වා දුන්නේය.දුප්පත් සහ දැඩි අවදානමට ලක් වූ පවුල් වෙනුවෙන් අවශ්‍ය සහාය ලැබෙන බවට තහවුරු කිරීම සඳහා  ආයතන,සංවිධාන සමඟ සමීපව කටයුතු කරමින් ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යපෘති නිරීක්ෂණය කරන බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 



අදහස් (31)

ලංකාවට නව මූල්‍ය පහසුකම් දෙන්නේ නෑ - ලෝක බැංකුව

beau Friday, 29 July 2022 12:58 PM

හොඳ වැඩේ... දෙන්න එපා.. දේශපාලකයින් මකබෑවෙනකන්...

:       262       151

දිමුත් Friday, 29 July 2022 01:49 PM

අනේ එහෙම කරන්නෙපා.. අපේ ජනපතිට ගොඩක් ජාත්‍යන්තර සබඳතා තියෙනවා. එයා ආර්ථීක ඔස්තාර් කෙනෙක්...!

:       111       88

නාස් ලනුව Friday, 29 July 2022 01:51 PM

තිරික්කලෙන් යන යුගයක ආරම්භය..! පෙළපාලි ගිය අයට රස්සාවලට පළමු තැන ලැබේ..!

:       35       78

SUNIL MILANO Friday, 29 July 2022 02:03 PM

ආතක්, පාතක් නැති අය ඉන්නකන් රටට හරි යයිද? තමන්ගේ අම්මා, තාත්තා... සහෝදර සහෝදරියන් සහ අහිංසක, දුප්පත් මිනිස්සු බව... තමන් ඉපදුණු මව්බිමට කෙළවන හැටි බලා සතුටුවෙන අය...

:       27       134

SUNIL MILANO Friday, 29 July 2022 02:10 PM

ඉතා කණගාටුවෙන් වුණත් කියන්න වෙන්නේ මෙයාලට බම්බු ගහන්න කියලා රුසියාවට හෝ චීනයට මේ රට ටික කලකට පාවා දීමයි. තම මවුබිම විනාශ කරන අපතයින්ට පාඩමක් උගන්වන්න.

:       52       91

AkilaFriday, 29 July 2022 08:42 PM

ඉතාලියේ නේද ඉන්නේ? ලංකව චීනෙට දුන්නාම ඔය ඇවිල්ලා මෙහෙ ජීවත් වෙනවාද? නිකන් වැඩක් බලන් ඉන්න හලෝ...!

:       52       49

Manoj Friday, 29 July 2022 02:12 PM

පුළුවන් නම් මිනිස්සුන්ගේ අතටම දෙන්න. නැතිනම් ඔය කට්ටිය හොරා කනවා.

:       37       64

සඳුන් Friday, 29 July 2022 02:17 PM

හදිසි නීතිය යටතේ ලෝක බැංකුව බිඳින්න පුළුවන් කෙනෙක් හොයාගන්න බැරිද?

:       7       68

SenaFriday, 29 July 2022 07:09 PM

ඇයි ඔය ඉන්නේ රනිල්? එයාට පුළුවන් එයාගේ සිංගප්පූරු යාලුවත් එක්ක ගිහිල්ලා ඒ වැඩේ කරන්න...

:       7       57

Ruwan R Friday, 29 July 2022 02:30 PM

ලංකාවේ තක්කඩි දේශපාලනය ගැන ලෝක බැංකුවත් ‌මේ තරම් දැනුවත් කියලා නම් හිතන්නේ නැතිව ඇති‍. මෙහෙ මිනිස්සුන්ට දාන සෙල්ලම් ජාත්‍යන්තරයට හරි ගිහින් නෑ වගෙයි‍...

:       5       66

Asela Friday, 29 July 2022 03:05 PM

තියෙන සතුට. මේ කාලකණ්ණි ආණ්ඩුව යනතුරු කිසිම ණයක් දෙන්න එපා...

:       66       79

prince janak Friday, 29 July 2022 03:07 PM

හොඳයි...!

:       55       44

සෑම් Friday, 29 July 2022 03:15 PM

කිසිම හේතුවක් නැතුව හදිසි නීතිය දාගෙන පාදඩ හොර, තක්කඩි, මිනීමරු දේශපාලුවන් ආරක්ෂා කරන්නටම හදපු සදාචාර විරෝධී ආණ්ඩුව බලයෙන් ඉවත් වී මහමැතිවරණයක් පවත්වා නව මහජන රජයක් පත්වෙනතුරු ලංකාවට කිසිම මුදල් ආධාරයක් කරන්න එපා. ඔබ දැනටමත් අරගෙන ඇති තීරණය අප ඉහළින්ම අගය කරනවා. මහජන අරගලයට ජයවේවා... !!!

:       137       108

dm Friday, 29 July 2022 03:48 PM

ලෝක බැංකුව ණය නොදෙන්නේ මේ කමෙන්ට් කරන අය කියන හේතු හින්දා නෙමෙයි. මේ රටේ රාජ්‍ය ආයතන නඩත්තු කරන්න තවදුරටත් කවුරුත් ණය දෙන්නේ නැහැ. අපි ණය ගෙවාගන්න බැරි බංකොළොත් රටක් කරලා රාජපක්ෂලා. ගෙවල් 80ක් ගිනිතියපු මංකොල්ල කාපු මහපාරේ මිනීමරපු අය අල්ලන්නේ නැතුව මල් තියලා වඳින්නැයි.

:       32       98

lakvidu Friday, 29 July 2022 03:49 PM

එයාලා රනිල් රාජපක්ෂලාගේ හැටි දන්නේ නැතිවයි ඔය සෙල්ලම් දාන්නේ...!

:       60       37

samanFriday, 29 July 2022 04:02 PM

මේ මොනවා කියනවද? අද ඇමෙරිකාව වැඩ කරන්නෙත් රනිල් රාජපක්ෂගෙන් අහලා තමයි...

:       5       40

reks Friday, 29 July 2022 07:18 PM

ඉන්න මම ඔය බැංකුවටත් අර්ජුන් මල්ලිව එවනකන්... මීට රනිල්.

:       4       23

ramsi Friday, 29 July 2022 03:56 PM

රනිල් රාජපක්ෂ, රාජපක්ෂ නඩය සමග අපේ රට හිඟාකන්නවත් බැරි තත්වයකට පත්කරලා...

:       60       62

Hafeel Friday, 29 July 2022 04:03 PM

ඔන්න බලන්න ලෝක බැංකුව ඉතා පැහැදිලිව කියා තියන්නේ "ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුල් වූ ව්‍යූහාත්මක හේතූන් ආමන්ත්‍රණය කිරීමද සිදුවිය යුතු බව". ඒ කියන්නේ හොරකම් කළ ඩොලර් සහ මුදල් නැවත අයකළ යුතුයි සහ එම හොරුන්ට දඬුවමුත් දියයුතුයි. රනිල්ට මේ හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන්ද? සහ රනිල්ට එම හොරකම් කළ ඩොලර් නැවත ගන්න පුළුවන්ද? රනිල්ගෙන් ඕවා බලාපොරොත්තු වෙන්න බැහැ. රනිල්ව පත්කළේත් හොරුන් තමයි, ඒ වගේම රනිල්ගේ පැවැත්මත් තියන්නේ හොරුන්ගේ අතේ... හොරුන් නැත්නම් රනිල් අද බලයේත් නැහැ. ඒ නිසා දැන්වත් අවබෝළ කළයුතුයි.. රනිල් ජනාධිපති ධුරයේ හිටියට වැඩක් නැහැ කියලා...

:       75       57

විපරමා Friday, 29 July 2022 04:48 PM

දූෂිත බලලෝභී පවුල් පාලනේ අය, දූෂිත දේශපාලුවන් මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ කරලා ජනතාව මහපාරට ඇදලාදාපු රටක් කියලා ලෝකෙම දන්නවා.. දැනටමත් දූෂිත දේශපාලුවන් ලංකාව ණය උගුලක හිර කරලා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා හමාරයි...

:       48       45

Lal Silva Friday, 29 July 2022 05:24 PM

ඒකෙ තේරුම, ලංකාව තාම රජයේ ආයතන පුද්ගලීකරණයට එකඟ වී නැති බව! රජය ඒකට කැමති වුණත් මහජනතාව අකමැතියි! ප්‍රතිඵලය අපි බඩගින්නෙ මියයාම! රජයේ දෙපළ විකිණීම වැරැදියි යන්න සමාජගත කරලා විශාල කාලයක් වෙනවා. වමට බරපක්ෂ වැඩිපුරම...! ඒකෙ යටි අදහස ඡන්ද, ඡන්ද...! රජයේ රැකියා දීමට තියන ඉඩ ඇහිරෙන නිසා...!

:       3       88

සුරංග Saturday, 30 July 2022 07:26 AM

සිල්වා උන්නැහේ එක්දහස් නවසිය අසූගණන්වල ටෙලිෆෝන් අයිතිය තිබුනෙ තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යටතේ .පසුව එය පුද්ගලික කලා දැන් මොකද තත්වය .අසාර්ථක නැහැ නේද? එයට පෙර විදුලි දෙපාර්තමේන්තුව මණ්ඩලයක් කළා.දැනට හොද නැද්ද .දෙපාර්තමේන්තුව තිබුනා නම් සොච්චම් පඩිය, මණ්ඩලය නිසා ලක්ෂ ගණන් පඩි ගන්නවා. ඒ කාලයේ පුද්ගලික බස් ඇතිකලා දැන් තරගටෙ දුවනවා.සර්ථක නැද්ද .විශ්ව විද්‍යාල පුද්ගලික කරණය නොකලත් පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකලා ඒවා රජයේ ඒවා වගේ අවුරුදු ගණන් කල්මැරීම් නොකර අධ්‍යාපනය කෙටිකලකින් දෙන්නෙ නැද්ද .ලංකාවෙ බොහෝ සංස්ථා හා මණ්ඩල පාඩු ලබනවා .ආදායම් උපයාගත හැකි ඒවාට වැටුප් ගෙවීමට රජයේ මුදල් වැය කරනවා.උදාහරණයක් ලංගම පාඩුනම් රජයෙන් ගෙවනවා නමුත් පුද්ගලික බස් පාඩු ලබන්නේ නැහැ .බලන්න ඉන්ධන ගැන සංස්ථාව පාඩුයි කියද්දී අයි.ඕ..සී ඒ මිලට ලාභ ලබමින් දෙනවා .ජනතාව පාඩු ආයතන පුද්ගලික කිරීමට විරුද්ධ නැහැ. විරුද්ධ ඒවායේ සිටින වෘත්තිය සමිති කාරයෝ පමණයි. මොකද නිකරුණේ වැටුප් ගන්න බැරිනිසා .ඒ නිසා පාඩු ලබන සියලු ආයතන පුද්ගලික අංශයට දීම කලයුතුය මොළයක් තිබේනම් විදුලි බල මණ්ඩලයේ,ටෙලිකොම් ආයතනයේ වැටුප් කොහොමද සොයා බලන්න.

:       0       14

chandima Friday, 29 July 2022 05:55 PM

සල්ලි දීලා මොකක්ද කරන්නේ කියලා පැහැදිලි වැඩපිළිවෙළක් නැතුව කවුද ණය දෙන්නේ?

:       0       55

චින්තක Saturday, 30 July 2022 07:08 AM

ඒකට චීන්නු ඉන්නවා ආයුබොවං .උන් එහෙම කරපු නිසානෙ අපිට මෙහෙම කෙලවුනේ.

:       1       5

මොට්ටපාල Friday, 29 July 2022 06:10 PM

හරිම කණගාටුයි ඔක්කොමලා කමෙන්ට් දාන්නෙ මේ ආණ්ඩුව නිසා එහෙම වෙනවා හිතලා. මෙම ආණ්ඩුව නොවෙයි මොන ආණ්ඩුව ආවත් ඔවුන් දෙන්නෙ නැහැ. මොකද ලංකාවේ ඉන්නේ රටට වඩා පක්ෂය ගැන බලාගෙන ඉන්න අය නිසා. රටේ ජනතාව හිතාගෙන ඉන්නේ වෙන ආණ්ඩුවක් ආවොත් ඔක්කොම හරි කියලා .කවදාවත්ම එහෙම වෙන්නෙ නැහැ .මේ අතර ලෝක බැංකුව කියනවා දුප්පත් හා අවධානම් පවුල් කියලා එහෙම පිරිසක් ඉන්නවා කියලා සිරස වගේ නාලිකාවල පෙන්වනවා නමුත් ඉන්ධන පෝලිම්වල සිටිමින් දිනපතා රුපියල් දසදහස් ගණනින් යතුරු පැදි හා ත්‍රීවීලර් කාරයින් ඉන්ධන ගන්නා ආකාරය අනුව කිසිවෙකුට අවදානම් බවක් ඇතැයි කියන්න බැහැ.. ඒ නිසා කිසිම ආධාරයක් නොදිය යුතුයි කියන පිරිස්ද ලංකාවේ සිටින බවද කිවයුතුයි. ආණ්ඩුව නිවැරැදි වීමට හිටපු නායකයින් ගත්තු ණය ගැනත් ගත්තේ මොන ජනාධිපතිද අගමැතිද?... සිදුකළ නිෂ්ප්‍රයෝජන කටයුතු ගැනත් ගෙවීමට ඉතිරි ණය ගැනත් ජනතාව වහාම දැනුවත් කළයුතුයි. එහෙම නොකරන තාක් මෙම ප්‍රශ්නය තව තවත් අවුල්වෙනවා.

:       1       89

Kumara Friday, 29 July 2022 07:43 PM

හොඳටම හොඳයි... බලමු කාඩ්බෝඩ් වීරයින් මොකද කරන්නේ කියලා..?

:       1       24

ashok Saturday, 30 July 2022 05:28 AM

දැන්වත් 225 ඔලුගෙඩි මත නැතිව ජනතා මතය ගැන හිතලා වැඩකරන්න. නැතිනම් රට අනතුරේ...

:       1       3

BamunuarachchiSunday, 31 July 2022 10:29 AM

ජනතා මතය මොකක්ද? ජනතා මතයට ලෝක බැංකුව ලංකාවට නව මූල්‍ය පහසුකම් දෙනවාද?

:       3       0

Anura Nanayakkara Sunday, 31 July 2022 08:32 AM

ලෝක බැංකුව ලංකාව ඇමෙරිකාව ලඟ දණනින් වැටෙන තුරු උදව් කරන්නේ නැත. අප අපගේ අඩුපාඩු සදාගෙන අලුත් ක්‍රමවේද වලින් විදේශ විනිමය උපයා ගමු. අපි තනිව නිගිටිමු.

:       1       1

Anura Nanayakkara Sunday, 31 July 2022 08:44 AM

ලංකාවේ දැන් ඉන්නෙ දේශපාලයෙන් දෙකට බෙදිලා රන්ඩු සරුවල් කරන අය. රට හැම අතින්ම පිරිහිලා. අප අපේ ක්‍රමයට කර්මාන්ත කර ජීවත් වෙමු. ලෝක බැංකුව යනු මහ උගුලක්.

:       2       1

fairoos Sunday, 31 July 2022 03:59 PM

අරගලය එපා කියපු අයට දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ...?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 849 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 17 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 882 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 15 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 518 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 315 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site