IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලක්ෂ 40 ක හෙරොයින් සමඟ තිදෙනකු මාට්ටු

( බී.ජී.චතුරංග)

හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් මෝටර් රථයක් සමග අද (14) දහවල් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය පවසයි.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 147 මිලි ග්‍රැම් 800ක් සමග මෙම සැකකරුවන් අනුරාධපුර ශ්‍රාවස්තිපුර 'තුරුලිය සෙවන' අසලදී  පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එහි වටිනාකම ලක්ෂ 40 කට ආසන්න වටිනා කමකින් යුක්ත බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 38 වන කාන්තාව මෙම මත්ද්‍රව්‍ය  ජාවාරමේ ප්‍රධාන සැකකාරිය වන අතර, 28 හැවිරිදි සිය අනියම් සැමියා සමඟ මෝටර් රථයකින් කොළඹ සිට අනුරාධපුරයට කුඩු රැගෙන එමින් සිටින අතර තුර,ශ්‍රාවස්තිපුර  ප්‍රදේශයේ දී පදිංචි වයස අවුරුදු 23 ක ගැණුම්කරුවෙකු හට මත්කුඩු ලබා දීමට යාමේදී අත්අඩංගුවට පත් වූ බව පොලීසිය පවසයි. 

අත්අඩංගුවට  ගත් සැකකාරියගේ නීත්‍යානුකූල  සැමියාද මත්කුඩු ජාවාරමේ නිරත වන්නෙකු බවත්,  සැකකාරියගේ  අනියම් සැමියා  මීට පෙර  අනුරාධපුර  ලෝලුගස්වැව ප්‍රදේශයේ සිට පැමිණ  ඔහුගෙන් මත්කුඩු මිලදීගත්  අයකු බවත් පොලිසිය පවසයි .

පසුව මෙම ජාවාරම්කාරිය  නීත්‍යානුකූල සැමියාගෙන් වෙන්වී සැකකරු සමඟ  අනියම් සබඳතාවයක් පවත්වා ගනිමින් වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටිමින්  කාලයක සිට  අනුරාධපුරයට මත් කුඩු බෙදා හැර ඇති බව පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

මෙම සැකකරුවන්ට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා යටතේ මහාධිකරණයේ නඩු කිහිපයක්ම විභාග වන බවත් පොලිසිය පවසයි. සැකකරුවන් මත්කුඩු ප්‍රවාහනය  සඳහා යොදාගත් මෝටර් රථය බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ගෙන් දිනකට රුපියල් 2,500ක කුලී පදනම මත ලබාගත් ලබා ගත් එකක් බව සැකකරුවන්ගෙන් සැකකරුවන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට  ගැනීම සිදුකර ඇති අතර  සැකකරුවන් අද(15)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති  ලංකා ගීගනගේ මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාශ අපරාධ කාර්යංශයේ ස්ථානාධිපති බණ්ඩාර විජේකෝන් මහතාගේ  මෙහෙයවීමෙන්, අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පො.ප ආර්.එම්.ඒ.ඒ අලුත් ගෙදර  මහතා , පොලිස් සැරයන්වරුන් වන මංජුල (53403), වික්‍රමසිංහ (54904), ධනපාල(61500), පො.කො. මධුසංක(71531), සේනාරත්න(68493), විජේරත්න(66935), තිලකරත්න(36896), රියාල් (85752), කා.පො.කො.නිරංජලා (33285),පො.සැ.රි.ධනපාල (33826) යන නිලධාරීන් වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ 



අදහස් (0)

ලක්ෂ 40 ක හෙරොයින් සමඟ තිදෙනකු මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 199 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 152 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 336 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1380 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 3031 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 2359 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1921 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site