(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ එම් සුසිල් ප්‍රියන්ත)
රුපියල් ලක්ෂ 20ක මුදල් කොන්ත්‍රාත්තුවක් මිතුරකුට ලබාදෙන බවට පොරොන්දු වී ඔහු ලවා බිරිඳ කැබ් රථයකට යටකර ඝාතනය කිරීමට සැලැස්වූ බව කියන එම කාන්තාවගේ 24 හැවිරිදි සැමියා පිටිගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුගේ බිරිඳ ලක්ෂ පනහකට ජීවිත රක්ෂණ හතරක් ලබාගෙන තිබූ අතර එම රක්ෂණ වන්දිය ලබාගැනීමට මෙවැන්නක් සිදු කර ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
හිතාමතාම කැබ් රථයට යට කර මෙම කාන්තාව ඝාතනය කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින 24 හැවිරිදි සැකකරුගේ හොඳම මිතුරා අත්අඩංගුවට ගැනීමට පිටිගල පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.
බිරිඳ හදිසි රිය අනතුරකට ලක් වී මිය ගිය බව ඒත්තු යන ආකාරයට ඇය ඝාතනය කිරීමට සැකකාර සැමියා සහ ඔහුගේහොඳම මිතුරා සැලසුම් කර ඇතැයි කියති.
අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳ ඇඟලුම් කම්හල් සේවිකාවක් බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පිටිගල පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. ඇයජීවිත රක්ෂණ හතරක් සිදු කරගෙන ඒ සඳහා ඔප්පු හතරක් ද ලබාගෙන තිබිණි යැයි පොලීසිය කියයි.
බිරිඳවාහනයකට හිතාමතාම හප්පා ඝාතනය කර එය හදිසි අනතුරකින් සිදු වූවක් බවට රක්ෂණ සමාගමටඔප්පුකර පෙන්වාඇයගේ රක්ෂණ වන්දි මුදල් ලබාගැනීමට සැමියා මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ තල් ගස් වල, වත්තහේන ,දියකිතුල්කන්ද්ප්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් හැවිරිදිවන්නිආරච්චිලාගේ නිරෝෂා උදයාංගනී නැමැති ඇඟලුම් කම්හල් සේවිකාවකි.
අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකරු ගාල්ලප්‍රදේශයේ පදිංචි රැකියා විරහිත තරුණයෙකි.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලක්ෂ 50 රක්ෂණය ගන්න යාළුවා ලවා බිරිය මරයි
Perakum Thursday, 04 May 2023 02:05 PM
40යි 24යි රැකියා විරහිතයි…! හේතුව අමුතුවෙන් කියන්න ඕනද? සමහර ඇඟලුම් කම්හල් සේවිකාවන්ට තියන අමුතු උණක් මේක. මේ ලෙඩේට මෙතෙක් බෙහෙතක් සොයාගෙන නැත.
මංජුල Thursday, 04 May 2023 09:00 PM
මේකා මනු යක්ෂයෙක්... ඇය හීනෙන්වත් හිතන්න නැතිව ඇති.
bamunuarachchi Friday, 05 May 2023 09:22 AM
රක්ෂණ හතරක් තිබුනාට වන්දිය ලැබෙන්නේ එකරක්ෂණයකින් කියලා මොවුන් දන්නේ නැද්ද?