IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ලක්ෂ 80ක කප්පම් ඉල්ලූ දෙදෙනෙක් මාට්ටු

(කේ. බුද්ධික කුමාරසිරි)

ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධකරුවකු වන රණාලේ ඌරැ ජුවා නැමැත්තාගේ කණ්ඩායමේ සාමාජිකයකු ලෙස දුරකතන ඇමතුමක් ලබා දී අතුරැගිරිය ඔරැවල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ අසූවක කප්පම් මුදලක් ඉල්ලා මරණ තර්ජනය කළ විශ්‍රාමික නාවික හමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අතුරැගිරිය පොලිසිය පවසයි.

තමාට තිබෙන නඩු කටයුත්තක් සදහා ඉතා ඉක්මනින් රුපියල් ලක්ෂ අසූවක මුදලක් අවශ්‍ය බවත් එම මුදල ලබා නොදුන හොත් ව්‍යාපාරිකයාගේ බිරිද සහ දරුවන් මහමගදී මරා දමන බවද සැකකරු තර්ජනය කර තිබූ බවද පොලිසිය පවසයි.

ඒ අදාල දුරකතන ඇමතුම් විශ්ලේෂණයට ලක් කර සැකකරුවන් සිටින ස්ථානය පිළිබදව ලද තොරතුරක් මත අතුරැගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරධ ප්‍රනාන්දු මහතා  සැකකරුවන් අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අතුරැගිරිය ඔරුවල සහ මුල්ලේගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන විශ්‍රාමික නාවික හමුදා පාලක සුළු නිළධාරියකු වන 43 හැවිරිදි පුද්ගලයකු සහ 40 හැවිරිදි කම්කරුවෙකි.

ප්‍රධාන සැකකාර විශ්‍රාමික නාවික හමුදා සෙබලා අදාල ව්‍යාපාරිකයාට අයත් ආයතනයක් අසල කුලී ත්‍රීරෝද රැකියාවේ නිරතව සිටින අතර අනෙත් පුද්ගලයා සමග එක් වී වෙනත් නිවසකින් සොරකම් කල දුරකතනයක සිම් පතක් භාවිතා කරමින් මෙලෙස කප්පම් ඉල්ලා ඇති බවත් පොලිසිය පවසයි.

 



අදහස් (0)

ලක්ෂ 80ක කප්පම් ඉල්ලූ දෙදෙනෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

මහනුවරදී අත්අඩංගුවට පත් විදේශිකයන් ගැන විශේෂ විමර්ශනයක්
2024 ඔක්තෝබර් මස 15 49 0

කුණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පරිගණක මූල්‍ය වංචා සිදුකළ බවට සැකකරමින් අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් 130 දෙනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප


පානදුර නිවසක මළ සිරුරු දෙකක්
2024 ඔක්තෝබර් මස 15 272 0

පානදුර නිවසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කොටුව -මරදාන අතර දුම්රිය පීලි පැනීමක්
2024 ඔක්තෝබර් මස 15 111 0

මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර දුම්රිය අද (15) උදේ මරදාන හා කොටුව අතර පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


දුම්රිය එන්ජිමක ගින්නක්
2024 ඔක්තෝබර් මස 15 239 0

දකුණ කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියක එන්ජිමේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 10 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


අද වැස්ස ගැන අනාවැකිය
2024 ඔක්තෝබර් මස 15 412 0

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල,මාතර මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 425 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 458 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1426 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site