IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ලක්ෂ අටක වෙනිවැල් කන්නෙලියෙන් අල්ලයි

(සුසිල් ප්‍රියන්ත , පියරත්න ජයවික්‍රම සහ  ඩි.ජේ.විජේසිංහ)

කන්නෙලිය රක්ෂිතයෙන් හොරට කපා අලෙවි කිරීමට සූදානම් කොට තිබූ වෙනිවැල්ගැට කිලෝග්‍රෑම් 1581 හා ඒවා ප්‍රවාහනය කිරීමට පැමිණි ලොරි රථ දෙකක් සමග පුද්ගලයන් සිව්දෙනකු අද (28) අළුයම කන්නෙලිය රක්ෂිතයේ සිදු කරන ලද විශේෂ වැටලීමකදී අත් අඩංගුවට ගත් බව තවලම වන අඩවි නිලධාරී කාර්‍යාලය කියයි.

අත් අඩංගුවට ගැනුනු එක් ලොරි රථයක තිබී වෙනිවැල්ගැට කිලෝග්‍රෑම් 1324ක්ද අනෙක් ලොරි රථයේ තිබී වෙනිවැල්ගැට කිලෝග්‍රෑම් 257ක් ද අත් අඩංගුවට ගෙන තිබේ.

ඒවායේ වටිනාකම  රුපියල් ලක්ෂ අටක් පමණ වන බව වනජීවි නිලධාරීහු පවසති.

මේ සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා වයස 25ත් 35ත් අතර පසුවන්නන් බව තවලම වන අඩවි නිලධාරී කාර්‍යාලයේ ප්‍රකාශකයෙක් කීවේය.

ගාල්ල යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මේ වැටලීම සිදු කළ බවද එම කාර්‍යාලය කියයි.

 



අදහස් (0)

ලක්ෂ අටක වෙනිවැල් කන්නෙලියෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 132 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 240 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 2359 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 422 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 1823 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 410 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 287 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1714 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site