IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


’’ලක්ෂ ගාණක් බඩගින්නේ’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මේ රටේ ලක්ෂ ගණනක් බඩගින්නේ සිටින බවත්  එවැනි පිරිස් කොළඹ නගරයේද සිටින බවත්  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තුන් වේලෙන් එක වේලක් හෝ ලබාගත නොහැකි ජනතාව සිටින බවට තොරතුරු වාර්තා වන්නේ යැයිද ඔහු සඳහන් කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේද එවැනි පිරිස් සිටින බව ඔහු කීවේය.

මේනිසා  මූලික වශයෙන් කළ යුත්තේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම බවත් ගොවි ජනතාවට සහන නොදී ආහාර නිෂ්පාදනය වැඩි කළ නොහැකි බවත් සිරිසේන මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා නව මැතිසබය  විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කරපු කතාවට අමතර දේවල් මන්ත්‍රීවරුන්ට දීපු කතාවේ නැතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා  එතකොට මන්ත්‍රීවරුන් පිළිගන්නේ කුමන කතාවදැයි ප්‍රශ්න කළේය.

මේ රට ගොඩනැගීමට නම් නැවැත්විය යුත්තේ වංචාව දූෂණය සහ හොරකම බවද  ඔහු කීවේය.

රටේ ආදායම් විෂමතාවය අඩු කළ යුතු බව පැවසූ  මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ අධිකරණයක් පත්කර මහ බැංකු  චූදිතයන් නිදහස් කිරීමකට කටයුතු කළේ ඇයිදැයි  තමා ප්‍රශ්න කරන  බවත්  ප්‍රකාශ කළේය.

ඒ පරීක්ෂණ අද අතරමග නතර වී ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

වන අලි ගහණය ගොවි ජනතාවට අද බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවත්  ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.



අදහස් (6)

’’ලක්ෂ ගාණක් බඩගින්නේ’’

Nimal Friday, 09 February 2024 02:08 PM

කුසගිනි වැඩි හන්දා හඬන දරුවන් දකිමි .ලක්ෂ ගණනක් නොවෙයි ,කෝටි ගණනක් අද බඩගින්නේ .වසර 76 ක් මුළුල්ලේ ඔබ වැනි නායකයන් රටට දුන් මහඟු දායාදය එයයි

:       2       14

බද්රානි Friday, 09 February 2024 02:39 PM

මේ රට වෙනස් කරන්න ලැබුණු අවස්ථාවට පයින් ගැසූ නරුම මිනිසා.. දැන් මෙතන බොරුවට නාහෙන් අඬනවා. තරුණ පරම්පරාවේ බලාපොරොත්තු සුන්කළ මුග්ධ මිනිසා... පාස්කු ප්‍රහාරයට ඍජුවම වගකිව යුත්තා. එදා රාජපක්ෂලා අටවපු උගුලට හසු නොවී රනිල් වික්‍රමසිංහ සමහ එකට එකතු වී වැඩ කළා නම්, අදටත් මේ රටේ ජනාධිපති වෙලා ඉන්න තිබුණා. එදා රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් දහදාහකින් වැඩිකොට අත්‍යාවශ්‍ය භාණ්ඩ විසිපහක මිල අඩුකළා අපට මතකයි. ඒ කාලයේ ජනතාවට මෙතරම් ආර්ථික අහේනියක් නොතිබූ බවත් අපට මතකයි... බුද්ධියෙන් කටයුතු කළා නම් රන් අකුරෙන් ඉතිහාස ගතවෙන්න සිටි පුද්ගලයා, අද ජනතාවගේ ශාප ලබන්නෙක් බවට පත්වුණා. ඔබ වන්නන් මේ රටට පිළලයක්...!

:       0       18

pakeer Friday, 09 February 2024 03:04 PM

වංචාව, දූෂණය විතරක් නවත්තලා හරියන්නේ නැහැ. නිෂ්පාදනය කරන්න ඕනේ. වෙන රටවල්වල සේවාව ලබාදීලා ඒවායින් උපයන්න ඕනේ... නිකන් හිටියට හරියන්නේ නැහැ.

:       0       6

Hafeel Friday, 09 February 2024 03:11 PM

මෙයාලා සේරම දූෂිතයෝ කියලා මෙයාගේ කතාවෙන් ඉතා පැහැදිලියි. මෙයා කියනවා මහ බැංකු වංචා චූදිතයින් නිදහස් කරන්න කටයුතු කරනවලු. අනිත් පැත්තෙන් පාස්කු ප්‍රහාරයේ චූදිතයින්, Helping Hambantota අරමුදලේ චූදිතයින්, මිග් ගුවන්යානා වංචා චූදිතයින්, සොහොන් ඉදි කල වංචා චූදිතයන් නිදහස් කරනවා.

:       1       11

wimal Friday, 09 February 2024 05:10 PM

මෙයා තමයි ප්‍රධාන කෙනා මේ රට වට්ටන්න 2015, එකට කාලා පැනලා ගිය අනිත් පැත්තට. ගිහිල්ලා කළේ... එදායින් පස්සේ තමයි රට වැටෙන්න පටන් ගත්තේ, තවම මෙයාලාට ලැජ්ජාවක් නැහැනේ...!

:       4       6

ගමේ එකාලා Friday, 09 February 2024 06:01 PM

රට බන්කොලොත් කරන්න තමුනුත් වගකිව යුතුයි. ආප්ප කාලා පැනපු කෙනා අන්තිමට පස්ස දොරින් මහින්දට අගමැතිකම පුදලා රටම හිනැස්සුවා. තමුන්ගේ මල්ලි හාල් මාෆියා කාරයෙක් එයාගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ජනතාවගේ බඩගින්න මතක් වෙලා තියෙන්නේ දැනුයි...

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1031 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 680 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1839 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 357 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 602 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1579 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site