( බී.ජී. චතුරංග )
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි පන්සලක කුලී කාමරයක් තුළ ගබඩා කර තිබූ ලක්ෂ තුනකට ආසන්න පාවහන් තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
කුරුණෑගල, මී ගොල්ල, හිඳගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු, කුරුණෑගල පදිංචි තම හිතවතෙකු සමඟ පාවහන් නිෂ්පාදනය සිදු කරන බවත් ඒවා විකිණීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයකුට භාර දී තිබී ඇතැයි පොලීසිය කියයි.
පාවහන් හිමිකරු අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි එම පන්සලේ කාමරයක් කුලියට ගෙන පාවහන් තොග එහි ගබඩා කර තිබියදී මෙලෙස සොරකම් කර ඇති අතර එහි වටිනාකම රුපියල් 282500ක් බව පැමිණිල්ලේ සඳහන් ඇතැයි පොලිසිය කියයි.
එහි හිමිකරු විසින් එම කාමරයේ යතුර පාවහන් අලෙවි කරන පුද්ගලයාට ලබාදී කුරුණෑගල ප්‍රදේශයට ගොස් සිටියදී පසුගිය 8 දා රාත්‍රී මෙම සොරකම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
කාමරයේ දොර වසා, ඉබි යතුරු දමා එහි යතුර උළුවස්ස උඩ තබා ගොස්, පසුදා යළි පැමිණ කාමරයේ දොර විවෘත කර තිබෙන ආකාරය දැක සොයා බැලීමේදී, මෙම සොරකම පිළිබඳව අනාවරණය වූ බව එම සේවකයා සිදුකළ සිදු කළ පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු හෝ පිරිසක් අත්අඩංගුවට ගැනිම සදහා අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලක්ෂ තුනක පාවහන් අතුරුදන්: සොරා සොයා විමර්ශන