IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ලිංගික අල්ලස් ඉල්ලූ හෝටල් ප්‍රධානියෙත් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

වැටුප් වැඩිකර දීමට  තරුණ හෝටල් ලිපිකාරිනියගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටියේ යැයි කියන දඹුල්ලේ හෝටල් සමූහ ව්‍යාපාරයක 59 හැවිරිදි මානව සම්පත් කළමනාකාර ඝණකාධිකාරීවරයා ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (06) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනා කරගත වූයේ දිසානායක මුදියන්සේලාගේ දිසානායක නමැති සැකකරු වේ.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 47(5) වගන්තිය ප්‍රකාරව පුද්ගලික අංශයේ අල්ලස් ගැනීමක් සම්බන්ධව පවරන පළමු නඩුව ප්‍රකාරව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කරුණු දක්වමින් පැවසීය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සම්මත කළ මෙම පනතේ 162 වගන්තිය ප්‍රකාරව ලිංගික අනුග්‍රහය යන වරද සිදු කිරීමට එරෙහිව සැකකරු අත්අඩංගුවට ගත් බව කොමිසමේ සහකාර අධ්‍යක්ෂ සම්බන්දප්පෙරුම මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළාය.

සැකකරු තරුණ සේවිකාවට සියයට 75 ක දීමනාවක් ලබා දීමට සහ වැටුප් වැඩිකර දීමට ලිංගික අල්ලස් ඉල්ලා ඇති අතර හබරණ ප්‍රදේශයේ හෝටල් කාමරයක් වෙන් කරමින් පැමිණිලිකාරිය කැඳවූ අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බව කොමිසම කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.පැමිණිලිකාරිය ඒ වන විට එම හෝටලයේම තරුණයකු සමග විවාහ ගිවිසගෙන සිට ඇති අතර හෝටල් කළමනාකාරවරයාට දැනුම් දීමෙන් පසුව මෙම වැටලීම කළ බවද කරුණු ඉදිරිපත් කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කිරීමට ඇති බවත්,විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.



අදහස් (5)

ලිංගික අල්ලස් ඉල්ලූ හෝටල් ප්‍රධානියෙත් රිමාන්ඩ්

Prabha Tuesday, 06 February 2024 05:46 PM

නාකිවිසේ ගෙටත් උසේ කිව්වලු...!

:       0       1

අරවින්ද මොනරවිල Tuesday, 06 February 2024 06:22 PM

නියමයි ! රාජ්‍ය අංශයේ විතරක් නොවෙයි, පෞද්ගලික අංශයේත් නොයෙක් වංචා, දූෂණ සිදූවෙනවා. ඒවායේ බර දරන්න වෙන්නේත් ඒවායින් තමන්ට අවශ්‍ය සේවා සපයාගන්න යන මහ ජනතාවට හා සේවකයින්ටයි. ඒ නිසා ඒවා ගැනත් හොයන්න බලන්න ඕනෑ...!

:       0       49

de silva berlin Tuesday, 06 February 2024 07:25 PM

බටහිර රටවල මෙවැනි නීති අවුරුදු 100කට වැඩි කාලයක සිට ක්‍රියාත්මක වෙනවා. පමාවෙලා හරි අපි මේවා ක්‍රියාත්මක කරන එක ඉතා වැදගත්...

:       0       39

pakeer Tuesday, 06 February 2024 08:55 PM

හොඳ වැඩේ... කැමැත්තෙන් එනවා නම් කමක් නෑ... බලහත්කාරකම් කරන එක... හොඳ වැඩේ...

:       0       2

මැක්ස් Wednesday, 07 February 2024 08:13 AM

රාජ්‍ය අංශයට වඩා පුද්ගලික අංශයේ මෙවැනි දේ බහුලයි. බොහෝ විට සිදුවන්නේ දෙපාර්ශ්වයේම කැමැත්ත එකඟතාව මත. මෙවැනි නීති නිසා අකැමැත්තෙන් එවැනි හිංසනයකට ගොදුරු වන අයට අප්‍රමාණ සෙතක් සැලසෙනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 4 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 52 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1309 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 581 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 990 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 288 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38884 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site