(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ වල ආසන මාර්ගගත ක්‍රමය හරහා වෙන් කිරීමේ සමාරම්භක වැඩසටහන මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.
ඊට අදාළ sltb.eseat.lk වෙබ් අඩවිය විවෘත කිරීම 1315 mobile app එක හදුන්වා දීම හා ප්‍රවේශ පත්‍ර කවුළුව විවෘත කිරීම රාජ්‍ය ඇමැතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.
දිවයින පුරා පිහිටි ස්ථාන හතළිහක් හරහා ශ්‍රී ලංගම දුර ගමන් සේවා බස් රථ වල ආසන වෙන්කරවා ගැනීමට පහසුකම් සලසා ඇති අතර ඒ සඳහා 1315 ක්ෂණික දුරකථන අංකය 365 දවසේ පැය 24 පුරා භාෂා ත්‍රිත්වයෙන්ම සක්‍රීයව පවතී.
ඊට අමතරව sltb.eseat.lk වෙබ් අඩවියෙන් හා 1315 ජංගම දුරකථන app එක හරහාද මෙම පහසුකම සලසා ඇත .
ඒ අනුව කලින් ආසන වෙන් කරවා ගැනීම , තමන්ට කැමති ස්ථානයක ආසනයක් හෝ ආසන කිහිපයක් වෙන් කරවා ගැනීම , තමන්ට ළඟින්ම පිහිටි බස් නැවතුම්පළෙන් බසයට ගොඩ වීමේ පහසුකම , ආසනයක් වෙන්කර ගත් පසු එය වෙනත් දිනයකට මාරු කර ගැනීම , බස් රථය පිටත් වූ විගස කෙටි පණිවිඩයක් හරහා මගියා දැනුවත් කිරීම , 365 දවසේ පැය 24 පුරා ක්ෂණික දුරකථන සේවා මධ්‍යස්ථානය අමතා තොරතුරු ලබා ගැනීම , ආසන වෙන්කර ගත් බස් රථය පිටත් වීමට පෙර කොන්දොස්තර මහතාට දුරකථනයෙන් අමතා තොරතුරු ලබාගැනීම ඇතුළු පහසුකම් රැසක් මගියාට මේ තුළින් හිමිවේ.
මෙම පහසුකම් කල්මුණේ සමන්තුඩේ කාත්තන්කුඩි කින්නියා මන්නාරම මුලතිව් කඩුවෙල බණ්ඩාරවෙල තංගල්ල මාකුඹුර මීගමුව පොතුවිල් කලවංචිකුඩි එරාවූර් යාපනය කිලිනොච්චිය මහනුවර වැල්ලවාය බිබිලේ කතරගම පොලොන්නරුව මහියංගනය අක්කරේපත්තුව අම්පාර වාලච්චේන හැටන් කරේ නගර් මහරගම දෙහිඅත්තකණ්ඩිය ගාල්ල අම්බලන්ගොඩ අනුරාධපුර මඩකලපුව ත්‍රි - මලේ වව්නියාව පේදුරුතුඩුව මොනරාගල බදුල්ල මාතර නුවරඑළිය සහ කඩවත යන ප්‍රධාන බස් නැවතුම් පොළවල් හරහා ආසන වෙන් කිරීමෙන් ලබාගත හැකිය.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය HANDS GLOBAL HOLDINGS පුද්ගලික සමාගම හා එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මකය .
මෙම අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් , ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති එම්.ඩී.එල්.කේ.ඩී.අල්විස් , HANDS GLOBAL HOLDINGS පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ලියනගේ , බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) පී.රත්නායක , මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නාලක දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ .
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලංගම ආසන වෙන් කිරීම අන්තර්ජාලයෙන්
sachith Thursday, 16 March 2023 11:29 AM
ඉතාම හොඳ දෙයක් .සාර්ථකව කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .රේල්ලුවේ ඔන්ලයින් වෙන්කිරීම් වලට උන දේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Zoyza Thursday, 16 March 2023 12:15 PM
බන්දු මාමා නැත්තේ ඇයි ?
Mahesh Silva Thursday, 16 March 2023 12:53 PM
වැඩේ නම් හොඳයි... හැබැයි රජයෙන් සොෆ්ට්වෙයා ඇප්ලිකේෂන් කළොත් පට්ට ස්ලොව් ... පර්ෆෝමන්ස් ටෙස්ටින් එකක්වත් කරලා දාන්න මේවා...
Prabhath de Silva Thursday, 16 March 2023 01:05 PM
විශිෂ්ට සේවාවක්.
Damith Thursday, 16 March 2023 01:11 PM
හොඳ වැඩක් දිගටම කරගෙන ගියොත් තවත් හොඳයි.
ජයේ Thursday, 16 March 2023 01:50 PM
ආසයි! බයයි!!
හරිපිය Thursday, 16 March 2023 03:05 PM
ඇනවුම් කරන විට අදාල මුදල අවකල යුතු ය. නැතිනම් හිස් ආසන ඇති බස් රථ වුවද අතර මගින් මගීන් නන්වා ගත නොහැකි ය. මගියෙකු ගමන් අවලංගු කරන විට යම් දඩ මුදල් පැනවීම හා ඉතිරි මුදල් දිය යුතුයි. එවැනි අවස්ථාවක හිස් වන ආසන ගැන කොන්දොස්තර මහතා දැනුවත් කරන ක්‍රමයක් තිබිය යුතුය.
චන්දන Thursday, 16 March 2023 03:48 PM
හොඳ වැඩක් . කොච්චර කල් යයිද දන්නෙ නැහැ .
බදීෂා ගොඩමහ කුඹුර Thursday, 16 March 2023 04:08 PM
IKTAR සම්බන්ධව නැති නිසා මේක දුවයි. උන් ගෑවුන තැන අවුල්.