IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ලංගම දූෂණ වංචා රැසක් කෝප් කමිටුවේදී හෙළිවෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල්  කෝටි නවයකට ආසන්න මුදලක් 2018 වර්ෂයේදී   වැයකර ඇතැයි  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  (කෝප්) තොරතුරු හෙළිවී ඇත.

නියමිත ක්‍රමවේදයකින් බැහැරව මෙසේ මුදල් වියදම් කිරීම පිළිබඳව කෝප් කමිටුවේ සභාපතිවරයා  මෙහිදී  ලංකා ගමනාගමන මණ්ඩලයට සිය අප්‍රසාදය පළ කළේය.

දුප්පත් අහිංසක ජනතාවට සේවයක් කිරීමට ඇති මෙවැනි ආයතනයක් මෙසේ මුදල් වියදම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද  හෙතෙම වැඩිදුරටත්  පැවැසීය

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව පරිගණක 139 ක් හා ලැප්ටොප් යන්ත්‍ර 74ක් රුපියල් එක් කෝටි පනස් දෙලක්ෂයක පමණ ඇස්තමේන්තු ගත මුදලකට මිලදී ගැනීමට සැලසුම් කර තිබුණද එම මුදල  ඉක්මවා පරිගණක යන්ත්‍ර මිලදී ගෙන ඇතැයි තොරතුරු  හෙළිවුණු බව  කෝප් කමිටුව පවසයි .

මේ අනුව  නවකෝටියක පමණ අමතර මුදලක්  ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය ගිණුම් හරහා වියදම් කර ඇති බවද කෝප් කමිටුවේදී  තොරතුරු  අනාවරණය විය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ 2017 සහ  2018 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ එහි වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොප් කමිටුව  පාර්ලිමේන්තුවේදී  ඊයේ  (6) රැස්විය.

මෙම තොරතුරු හෙළි වූයේ එම රැස්වීමේදීය.

එසේම  ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා සුඛෝපභෝගී බස්රථ 125 ක් සඳහා කැමරා හා ජී.පී.එස්. ( GPS ) පද්ධති පවත්වාගෙන යාමට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට  පෞද්ගලික සමාගමක් සමඟ රුපියල් රුපියල් කෝටි තුනක වටිනාකම් සහිත ව්‍යාපෘති ගිවිසුමකට එළඔ තිබුණද මෙම උපකරණවලින් කිහිපයක් හැර අනිත් උපකරණ නිවැරදිව ක්‍රියාකාරී මට්ටමේ නොපවතින බව කොප් කමිටුවේදී අනාවරණය විය.

විශේෂයෙන් මෙම බස් රථවල සේවකයින් මෙම  උපකරණවලට  හිතාමතාම හානි සිදුකර ඇති බවත් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරමින් පවතින බවත් මෙහි දී ලංගම ලංගම ප්‍රධානීහු පැවසූහ

එම පරීක්ෂණය අවසන්වූ වහාම වාර්තාවක් කෝප් කමිටුවට ලබාදීමට  ඔවුහු පොරොන්දු වූහ.

අදාළ සමාගමේ සේවා කාලය අවසන් වී නොමැති නම් එම උපකරණ අදාල සමාගම ලවා නැවත පිළිසකර කර ගැනීමට කටයුතු කරන බවත් එම නිලධාරීහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ.

මේ අතර 2018 දෙසැම්බර් 24 දින ලබාගත් රුපියල් රුපියල් කෝටි 15 ක බැංකු ණය මුදල, මුදල් අමාත්‍යවරයාගෙන් විමසා ඔහුගේ  එකඟතාව මත ලබා ගත යුතු වුවත් එසේ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය නොගැනීම පිළිබඳවද කෝප් කමිටුවේ  අවධානය යොමු විය.

මෙවැනි ණය ප්‍රමාණයක් නිලධාරීන් කිහිපදෙනෙකුගේ හිතුමතයට ලබාගත නොහැකි බව කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මේ නිසා මේ පිළිබඳව අවශ්‍ය පියවර  ඉක්මනින් ගැනීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව මෙහිදී නිර්දේශ කළේය.

එසේම 2017, 2018, 2019, 2020 යන වර්ෂ වලට අදාල වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ලබා නොදීම ගැන කෝප් කමිටුව  ලංගම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

මේ අතර 2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව ඉලෙක්ට්‍රොනික් බස් ටිකට් මැෂින් 1000ක්  රුපියල් කෝටි තුනකට වැඩි මුදලක්  වැයකර මිලදී ගැනීමට සැලසුම් කර තිබූ අතර  ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියද  ලබාගෙන ඇති බව කෝප් කමිටුව පවසයි .

නමුත් ඉලෙක්ට්‍රොනික් බස් ටිකට් මැෂින් 2000ක්  එම වර්ෂයේදී  මිලදී ගැනීමට රුපියල් 75,900,000ක මුදලක් වියදම් කර ඇත.මේ අනුව අනුමැතියකින් තොරව ඉලෙක්ට්‍රොනික් බස් ටිකට් මැෂින් 1000ක්  මිලදී ගෙන තිබූ අතර, මෙම මිලදී ගත් මැෂින් මගින් අපේක්ෂිත අරමුණු ඉටු නොවීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවිය.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් ඇතුලත ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව නිර්දේශ කළේය.

එසේම අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරු කිහිපයක ගැටලු පිළිබඳවද,දැනට ධාවනයෙන් ඉවත් කර ඇති  බස් රථ පිළිබඳවද,   වසර 10 ක් පැරණි   බස් රථ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,  රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රවුෆ් හකීම්, ජගත් පුෂ්පකුමාර, මධුර විතානගේ, ප්‍රේම්නාත් සී. දොලවත්ත යන මහත්වරුද සහභාගී වුහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය  හර්ෂ ද සිල්වා මහතාද  ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාද  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූයේ මාර්ගගත ක්‍රමයටය.



අදහස් (0)

ලංගම දූෂණ වංචා රැසක් කෝප් කමිටුවේදී හෙළිවෙයි

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 34 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 271 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 165 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 185 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2614 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1851 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 312 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1739 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site