(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතයෙන් අඩපණ වෙමින් තිබූ පසු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම, මේ වනවිට රුපියල් මිලියන 68 දක්වා ඉහළ ගොස් ඇතැයි එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා ලංකාදීපයට අද(24) පැවසීය.
කොරෝනා වසංගතයෙන් පසු ලංගම දෛනික ආදායම යථා තත්වයට පත්වෙමින් තිබෙන බවත් පැවසූ සභාපතිවරයා මෙයට පෙර එම ආදායම රුපියල් මිලියන 50ත් 55ත් අතර අගයක් ගත් බවද සඳහන් කළේය.
මේ වනවිට ලංගම බස්රථ 5600ක් පමණ දෛනිකව ධාවනයට එක්කර ඇති බවද රණවක මහතා කියා සිටියේය.
ධාවනයෙන් ඉවත්කර තිබූ බස්රථ විශාල සංඛ්‍යාවක් අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීමට පියවර ගෙන ඇති බව පැවසූ සභාපතිවරයා ඒ මගින් රුපියල් මිලියන 55ක පමණ මුදලක් ඉතිරිකරගැනීමට හැකිවූ බවද සඳහන් කළේය.
මේ වසර මුලදී ඩිපෝ 47ක වැටුප් ගෙවා ගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට ලක්ව තිබූ බවත් එම සංඛ්‍යාව මේවනවිට 6 දක්වා අඩුකරගැනීමට හැකිවූ බවත් කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් පැවසීය.
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංගමයේ දෛනික ආදායම මිලියන 68 දක්වා ඉහළට
sachith Monday, 24 August 2020 02:26 PM
මිනිස්සු ලංගම බස්වල යන්න කැමැතියි. මොකද පුද්ගලික බස්රථවල කොච්චර සෙනග හිටියත් ගාට ගාට යන නිසා .. ඒක නිසා සේවය තවත් කාර්යක්ෂම කරනවා නම්, ඒ කිව්වේ කොළඹ නගරය ඇතුලේ සුඛෝපභෝගී සේවාව වගේ ආරම්භ කරලා.. මීට වැඩිය දෙනෙක් පාවිච්චි කරයි. ඒ වගේම ආදායමත් වැඩිවේවි..!!!