(නිමල කොඩිතුවක්කු)
ගෑස් ටැංකි පුපුරා යාම සහ ඒවායේ සංයුතිය පිළිබඳව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් කෙළවරපිටියේ පිහිටි ලිට්රෝ සමාගම අද(09) නිරීක්ෂණය කරනු ලැබීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සී. අලවතුවල, මුජුබර් රහුමාන්,හෙක්ටර් අප්පුහාමි, එස්. වේලුකුමාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ලිට්රෝ සමාගම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මෙසේ කීය.
එහිදී සමාගමේ අධ්‍යක්ෂවරයකු සමග අප සාකච්ඡා කළා. පාරිභෝගික සේවා අධිකාරිය ලබා ලබාදුන් නිර්දේශ මත දැනට ක්‍රියාත්මක වන බව ඔහු අපට දැනුම් දුන්නා. ඒ වගේම පසුගිය දිනවල ගෑස් සංයුතියේ යම් යම් වෙනස්වීම් සිදු වූ බවටත් ඔහු පිළිගත්තා.
සමගි ජන බලවේගය විදිහට අපි මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම මේ ගෑස් පුපුරා යාමෙන් හානි සිදු වූ ජනතාවටත් දේපලවලටත් වන්දි ලබාදීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.
අපේ රටේ ජනතාවගෙන් සියයට හතළිහක් පමණ ගෑස් පරිභෝජනය කරනවා. අද මේ ගෑස් සිලින්ඩරයක් ගන්නවා කියන්නේ නිවසට බෝම්බයක් ගන්නා වගේ වැඩක් වෙලා. ඒ නිසා වහාම රජය මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතුයි.
මේ සම්බන්ධයෙන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, පාරිභෝගික සේවා අධිකාරියටත් පැමිණිලා කළා. එහිදී ගෑස් ටැංකි වල සංයුතිය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස අප ඉල්ලා සිටියා. මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර අපරාධ නීතිය අනුව අවශ්‍ය පියවර ගන්නා තුරු අපි අවධානයෙන් පසුවෙනවා" යැයි ද ඔහු එහිදී පැවසීය.
(ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ)
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලිට්රෝ ගෑස් බලන්න සජබ පිරිසක් කෙරවලපිටියට
මහසෙන් Thursday, 09 December 2021 02:18 PM
ඇති යාන්තම්.දැන් ඉතින් ගෑස් පුපුරන එකක් නෑ.ඔස්තාර්ලා ටික අදනේ ගිහින් තියෙන්නේ. ඒ උනාට ඔතනට ඕනම කෙනා නෑ.ඇයි ඉක්මන් නොවුනේ.එහෙනම් මෙහෙම ගෑස් පුපුරන් නෑනේ.
Bamunuarachchi Thursday, 09 December 2021 07:50 PM
අතට ටික ටික දෙන්න පාට මොන වගේද? බර කොහොමද? කියා බලන්න...
SUNIL MILANO Thursday, 09 December 2021 08:32 PM
මේ ගොයියෝ මොනවද දන්නේ නෑ ගෑස් ගැන දන්නේ? විකාර...!
ශීලාචාර චන්ද දායකයා Friday, 10 December 2021 01:08 AM
ලංකාවේ ඉන්න දේශපාලකයින්ට වඳින්න පුරුදු අය හිතන්නේ විපක්ෂයක් යනු පෞද්ගලික එදිරිවාදිකම් හේතුවෙන් ආණ්ඩුව කරන හැමදේටම විරුද්ධ පිරිසක් කියලා. ඕනෑම රටක ජනතාවට සාධාරණය ඉටුවන තැනට ආණ්ඩුව විවේචනාත්මකව යොමු කිරීම විපක්ෂයේ කාර්ය භාරයයි. විශ්ව විද්‍යාල අධ්‍යාපනයේදීද විවේචනාත්මක කරුණු ඉදිරිපත් කරන අය යමක් සෑම කෝණයකින්ම දැකිය හැකි අයයැයි සැලකේ. එහෙත්, මෙය මුග්ධ ලෙස අවේගශීලී නොවී, එක් පැත්තකට ලැදිකමින් තොරවිය යුතුවේ. අප වැනි දුප්පත් රටවල මෙවැනි මානසිකත්වයක් වටහා ගන්නා මිනිසුන් විරලයි...