IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

ලිට්‍රෝ  ගෑස් සමාගමේ  නව සභාපතිවරයා ලෙස  ලෙස නිවාස  සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත් කර තිබේ.

හිටපු  සභාපති  තෙසාර  ජයසිංහ මහතා  අද (13) එම තනතුරින්  ඉවත් කිරීමෙන් පසු මෙලෙස නව සභාපතිවරයා පත් කෙරිණි.


( අජන්ත කුමාර අගලකඩ)

ලිට්රෝ  ගෑස් සමාගමේ සභාපති තෙසාර  ජයසිංහ මහතා  අද (13) දිනයේ දී ඉන් ඉවත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

සමාගමේ   නව සභාපතිවරයා ලෙස නිවාස  සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත් කිරීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.

ගෑස් හිඟය සහ  ගෑස්වල සංයුතිය සම්බන්ධයෙන් රට තුළ ඇතිව තිබෙන බරපතළ අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කෙරෙන  බව ද පැවසේ.

 සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ඉවත්වීමෙන් පසුව තෙෂාර ජයසිංහ මහතා එම ධුරයට පත් කරනු ලැබීය .

නව රජය බලයට පත්වීමෙන්  පසුව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා සභාපතිවරුන් දෙදෙනකු පත්කර පත්කළ අතර,රේණුක පෙරේරා මහතා එම ධුරයට පත් කරනු ලබන්නේ තෙවැනි සභාපතිවරයා වශයෙනි .

 



අදහස් (23)

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

ravin Thursday, 13 January 2022 10:04 AM

ඉවත් කලාටනම් කම් නැත, පත් උනාටද කම් නැත,

:       0       0

Bunny Preena Thursday, 13 January 2022 10:13 AM

මෙයාවත් පාරිභෝගික වංචා කරන්නේ නැතුව.

:       0       0

Sunil Thursday, 13 January 2022 10:15 AM

ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ.

:       0       0

Hafeel Thursday, 13 January 2022 10:16 AM

මේ ආණ්ඩුව ලේකම්වරු, උපදේශකවරු, සභාපතිලා අයින් කරනවා, අමාත්‍යංශ විෂයම් වෙනස් කරනවා. නමුත් තාම ප්‍රශ්න නම් විසඳිලා නැහැ. ක්‍රයාත්මක කරන්න බැරි දේවල් කරන්න ගිහින් මේ ආණ්ඩුව අනාගත්තා. ඊයේ මහින්දානදත් කිව්වා කාබනික පොහොරට මගඩියක් කියල. ඉතින් ඔහු නොකියාම කියන්නේ ආණ්ඩුව ෆයිල් අසාර්ථක කියල.

:       0       0

පැරකුම් Thursday, 13 January 2022 10:44 AM

ප්‍රශ්නයට පිළිතුර අස්කිරීම විතරද? වරදට දඬුවම් නැද්ද? ජීවිත දේපල හානිවලට වගකිවයුත්තෝ කවුරුන්ද?

:       0       0

Malika Thursday, 13 January 2022 11:04 AM

මෙහෙම ඔළු මාරුකරලා පවතින බැරෑරුම් ප්‍රශ්නයට කඩිනම් විසදුමක් ලැබෙයිද ???

:       0       0

Senarath Thursday, 13 January 2022 11:40 AM

ගෑස් වල ප්‍රමිතිය තියාගන්න බැරි මොහු කලින්ම ඉවත්කරන්න තිබුනා.

:       0       5

jayath Thursday, 13 January 2022 11:52 AM

මේ හාදයත් මේ ගෑස් ව්‍යසනයට වගකියන්න ඕන තමයි නමුත් මෙයත් එක්කම මෙයාට කලින් ඉවත්කරන්න ඕන කට්ටිය ඉන්නවා උන්නැහේ අසමත් විත්තිය මුළු රටමදන්නව දැන් පොහොර ප්‍රශ්නේ නිර්මාතෘ කව්ද ? අන්තිමට ද මහින්දානන්දගේ කරපිටින් ඔක්කොම යනවා මේකත් එහෙම තමයි කුබුරේ ගොයම් ටික මුවන් කනකොට ගෙදර තියන මුව හමට තඩිබානවා ( හැබැයි දැන් මුවන්ට නෙමී ඕන එකෙකුට කන්න කුබුරුවල ගොයම් තියනවා මොකද කාබනික පොහොර දමල ගොයම් හැදිලා කියන්නේ මාර හැදිල්ක්!)

:       3       29

සන්ක Thursday, 13 January 2022 11:54 AM

ලිට්රෝ සභාපති පනුවෝ ගහල කුණුවෙලා ඕජස් ගලනකොට තමය් අයින්කරේ...අනේ මෙහෙම ගොන් පාලනයක්???හරි ආණ්ඩුවක් තිබුනානම් ගෑස් බෝම්බ වලින් විනාස වුනු මිනිස් ජිවිත,ගෙවල් දොරවල් වලට නඩු අහල ලිට්රෝ සබාපතිව හිරේ දාල ඉවරය්.රටේ ජනතාවගේ අවනඩුව කාට කියන්නද? මේවා ඉතින් හෙන ගහන අපරාද.

:       1       31

Rakitha Thursday, 13 January 2022 12:09 PM

මිනිස්සුන්ට සහ රජයට සිදු වු හානිය සුලු පටු නැත. කල් වැඩියි ඉවත් කරන්න

:       1       19

fairoos Thursday, 13 January 2022 12:40 PM

මේ ආණ්ඩුවට පුළුවන් එක දෙයයි. සභාපති සහ ලේකම් ඉවත් කිරීම් විතරයි .තවත් 3ක් මෙහෙම ගියොත් රටට අබ සරණයි

:       6       29

Hafeel Thursday, 13 January 2022 01:27 PM

නමුත් මේ සභාපතිව අයින් කරපු එක සාධාරණයි. ප්‍රමාද වැඩි. ඒ වෙනුවට තවත් තනතුරක් නොදියයුතුයි.

:       0       4

සෑම් Thursday, 13 January 2022 01:32 PM

අවුල තියෙන්නේ රට කරවන පවුලේ. තව තවත් අනිත් අය අස් කරලා වැඩක් නැහැ. රාජපක්ෂ පවුල පිටින් පාලනයෙන් වහා ඉල්ලා අස්වෙන්න.

:       0       8

Prabha Thursday, 13 January 2022 01:36 PM

අලුත් සභාපතිට තියෙන පරණ සභාපතිට නැති විශේෂ සුදුසුකම් මොනවද.?

:       0       5

pradeep Thursday, 13 January 2022 01:47 PM

මෙම දේශපාලන හෙංචයියන් ඉතා දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයින්, ඔවුන් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව එක් ආයතනයකින් තවත් ආයතනයකට මාරු කළ හැකිය, ඕනෑම ආයතනයක් පවත්වාගෙන යා හැකිය,

:       0       5

චමින්ද Thursday, 13 January 2022 01:54 PM

මොහු තමන්ගේ හිටපු නායකයෙක්ට සිදුකල මඩගැසීමක් 12 දින රාත්‍රි පුවත් මගින් දැක්කා. මෙහෙම මඩයෙක් ගෑස් වලට මොනවා කරයිද හිතාගන්න බැහැ

:       0       2

udaya Thursday, 13 January 2022 02:15 PM

රේණුකා පෙරේරා-මාධ්‍ය සංදර්ශන තියනකොට අපිට හිතුනා ලොකු පිනක් පලදෙන්න යන බව

:       0       4

මහසෙන් Thursday, 13 January 2022 02:21 PM

කැහි ගෑනී දීලා හොටු ගෑනී ගත්තා වගේ වියත් මගෙන් පස්සේ තවත් සුදුසුම කෙනක්ව පත් කරලා. මේවා තමා විද්‍යානූකූල පත් කිරීම් කියන්නේ. මේ ආන්ඩුවේ ගැසට් ගැහිල්ල වගේම තමා සභාපති ලා පත් කිරීමත්. රට්ටුන්ට උන හානිය ඕතනින් ඉවරයි. චෝදනාත් ඉවරයි. ලෙඩා මැරුනත් බඩ සුද්දයි.

:       0       4

pinpin Thursday, 13 January 2022 02:22 PM

කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මුහුණේ වෙනසක් පමණි.

:       0       4

Rohan Thursday, 13 January 2022 03:00 PM

අලුත් සභාපතිගේ ගෙදරත් දර ලිපෙන් ලු උයන්නේ.

:       0       4

Willow Drive Thursday, 13 January 2022 03:01 PM

කොට්ට මාරු කරලා හරිද

:       0       6

ජගත් ලියනගේ Thursday, 13 January 2022 03:11 PM

කට ඇද කර කර කෙබරම කිය කිය හිටියා මිසක් මහජනයාගෙ යහපතට කිසිම දෙයක් කරපු නැති එක්කෙනෙක් .

:       0       7

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 15 January 2022 01:49 PM

සභාපති මාරුකරලා විතරක් හරියන්නේ නැහැ.ප්‍රශ්නයට නිසි පිළියම් යෙදිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 298 0

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 174 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


දළදා වඳින්න ආවොත් මඟ නතර වෙන්න වෙයි
2025 අප්‍රේල් මස 24 6 0

දළදා වන්දනාවට ඉදිරි දින දෙකට සරිලන බැතිමතුන් විශාල පිරිසක් මේ වන විටත් පෝලිම්වල රැඳී සිටින බැවින් මහනුවරට නොපැමිණෙන්නැයි මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ට නි


ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි
2025 අප්‍රේල් මස 24 299 0

නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස


ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ට ඇප
2025 අප්‍රේල් මස 24 232 0

ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය


දළදා වන්දනාව හැම වසරකම?
2025 අප්‍රේල් මස 24 935 8

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 707 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 349 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 498 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site