IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ලෙඩා ගොඩ ගන්නවාද? මැරෙන්න අරිනවාද

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ආර්ථිකය නැමති ලෙඩා බෙහෙත් දීලා සුව කරන්න උත්සාහ කරනවාද?බෙහෙත් නොදී මැරෙන්න ඉඩ දෙනවාද?කියා තීරණය කළ යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සියලු දේශපාලන පක්ෂ එක්කර ගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට මුහුණපා ඇති සමාජ, ආර්ථික හා දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා නව මාවතක ගමන් කිරීම තම අරමුණ බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කරන එම වැඩපිළිවෙලේදී මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා නොමදව අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන්ය.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැකීමට පැමිණි ජනාධිපතිවරයා මෙි බව කීය.

මල්වතු මහා විහාරයීය උපෝසථාගාරය වෙත රැස්ව සිටි මල්වතු මහා නාහිමියන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් සහ කාරක සංඝ සභික භික්ෂුන් වහන්සේ ආගමික වතාවත් සිදු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද පළ කළහ.

 



අදහස් (30)

ලෙඩා ගොඩ ගන්නවාද? මැරෙන්න අරිනවාද

Cisco Saturday, 30 July 2022 09:21 PM

ඔබතුමාලා ඇතුළු සියළුදෙනාම එකතුවෙලා අවු 74 ක් තිස්සෙ ලක් අම්ම ලෙඩ කරපු එකයි ලෙඩ වැඩිකරපු එකනෙ කලේ

:       0       0

ප්‍රසාද් Saturday, 30 July 2022 09:48 PM

ලෙඩා ගොඩගන්නේ මොහුයි රටේ සියලුම දෙනාගේ ආශීර්වාදයෙන් රට ගොඩගන්න ශක්තිය දයිර්ය ලැබේවා. ඇත්තටම මෙතුමා අපේ රටට ඉන්න එක ලොකු හයියක් මෙතුමාට බැරිනම් අපේ රට ගොඩගන්න වෙන කෙනෙක් අයෙ නැති තරම්. ජාත්‍යන්තර ප්‍රජාව ගොඩක් දෙනෙක් දැන ඇඳුනුම්කම් ඇති කෙනෙක්ට තමයි අපේ රටට ඕනි අත්‍යවශ්‍ය ආහාර ආධාර,බෙහෙත් ආධාර,ණය ආධාර ගන්න පුළුවන් ඉතින් මේ අවස්ථාවේ අපේ රටේ සියලුම දෙනා මෙතුමාත් සමඟ එකතුව වැඩකරන එක තමයි හොඳ. මේ දවස්වල ඔය දියසෙන්ලා පහළවෙනවා කියකිය මිනිස්සු බලාන ඉන්නවා එහෙම දියසෙන් කෙනෙක් එනවා කියන්නේ තුන්වන ලෝක යුද්ධය අතරතුරදී ලෝකයේ තුනෙන් දෙකක් විනාශවුනාම ඒ අවස්ථාවේදී ඉදිරියට ඉදිරිපත්වන තරුණ කෙනෙක් දියසෙන් නමින් රටේ ප්‍රසිධ්ධ වෙනවයි කියලා කියන්නේ' එහෙම උනත් මම කියන්නේ අපේ රටේ උද්ගතව ඇති මේ ආර්ථික අර්බුධයන් පවා විසඳන්න පුළුවන් එකම තැනැත්තා රට ගොඩදාන දියසෙන් මොහුයි.

:       0       0

Chandima Saturday, 30 July 2022 10:04 PM

ළොඩා මැරෙන්නට හැරිම හෝ සුවකිරිම කල යුත්තේ ලෙඩේ බෝකල, ලෙඩේ ඔඩුදුවන තුරු පිලියම් නොකල, ලෙඩා දෙස බලමින් බාල් නැටු, ලෙඩා අසාධ්‍යය වනතුරුත් පිස්සු නැටූ උන්මය.

:       0       0

එකමුතු Saturday, 30 July 2022 10:05 PM

ලෙඩෙක් ඉස්පිරිතාලයට අරන් ආවහම ඒ ලෙඩාගේ කුලය ජාතිය ආගම බලය දක්‍ෂ වෛද්‍යවරයා සොයා බලන්නේම නැත... වෛද්‍යවරයා සොයා බලන්නේ ඔහු වටේ ඉන්නා පරිනත වෙද හෙද සේවකයන්ගේ නොමසුරු උත්සාහයයි ලෙඩා අවදානමෙන් ගොඩ දාගන්න තුරුම .! ලෙඩා අවදානමෙන් සැවොම එකමුතුවෙලා ගොඩ දාගත්තහම හැමෝම සතුටය..!

:       0       0

Kumar (Gulf) Saturday, 30 July 2022 10:45 PM

බොරු දොස්තරලාව අයින් කරන්න...

:       0       0

lakvidu Saturday, 30 July 2022 11:56 PM

මේ හොර වෙදා හයසැරයක්ම බෙහෙත් කරලා තමයි ලෙඩා මැරෙන තරමට අසාධ්‍ය වුණේ...!

:       0       0

Perera Sunday, 31 July 2022 12:30 AM

එජාපය මරපු කෙනා රට ගොඩගන්නවා බොරු..

:       0       0

Raja Sunday, 31 July 2022 01:20 AM

අවුරුදු ගානක් රටේ අගමැති වෙලා ඉද මෆියා ක්‍රමයට ජනාධිපති වූ ඔබ ලෙඩා. හොදකිරිමට කතාකිරිම පුදුමක්! ! ලෙඩාව ( ලක්මව) ලෙඩ කර මරනාසන්න කෙරුවේ ඔබලාමය. දැන් ඔබ මේ ලෙඩා ගොඩ ගන්න කතාකරයි කොහිමද? කියන්න මහජනතාවට ආයෙත් ලෙඩාගෙ අතපය කපා විකුනාද? ඉස්සර කෙරුවා වගේ? ඔබගේ වයස ගැන හිතා නම්බුකාර පිට අයින් ව් රට තරුණ පරපුර දෙන්න තවහ් ලක්මාතාව ටිකටික මරන් කන්නෙ නැතුව බලය අතඅරින්න අකමැති හිරේට බයේද ආඩම්බරෙයෙන් රටේ නම කියපු අපි එම රට ලෝකෙන්ම නය ගෙවන්න බැරි රටක් කරපු ඔබලට අයිති නිතිමයේ දඩුවම පමනයි බුදු හා දෙවි පිහිට මගේ මව් රටට.

:       4       22

සකල ගුරු Sunday, 31 July 2022 03:51 PM

දුටුගැමුණු කුමාරයා දෙමළු සමග යුද්ධයට යන්න කාවන්තිස්ස පිය රජුගෙන් අවසර ඉල්ලුවා කියලා අහල නැතුවා වගෙයි. අවසර නොලැබුණාම පියාට කාන්තා ඇඳුම් එවලා කුමාරයා කොත්මලේ නැන්දම්මා ළඟට ගියා. ඒවා තරුණ සිත්වල ඇතිවන හැඟීම් මිස ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නොවෙයි. ඉන් පස්සේ රජතුමා සේනා සංවිධානය කළා. ආහාර නිෂ්පාදනය වැඩිකරන්න ආරම්භ කළා. මෙහෙම කාලයක් කරනවිට රජතුමා මියගියා. නමුත් යුද්ධය වුනේ නැහැ. පස්සේ කුමාරයා ඇවිත් කාලෙකට පස්සේ තමා යුද්ධය කළේ. දුටුගැමුණු රජවුන ගමන්ම යුද්ධය කලේ නැත්තේ ඒ වනවිට තමා ඔහුටත් එම කාර්යයේ අවධානම් බව පෙනුණේ. ඒ නිසා කොල්ලන් මොනවා කිව්වත් වැඩිහිටි ඔබලා ඔහොම කිව්වාම හරිනෑ රජෝ...!

:       5       0

Chathuri Sunday, 31 July 2022 01:36 AM

මේ රටෙ වනයක් කෙරුවෙ ජනතවද නැතිනම් මොළයක් නැති ඔලුගෙඩි 250? අසරන ජනතව. නොකා නොබි වැඩ කෙරුවෙ. ඔය මි හරක් වගෙ සැප වින්දෙ නැහැ දැන් ඔය රට නරකාදියක්. සෙරම මී හරක් වට වෙලා. දැන් ජනතාව ට එන්න කියනව හාන්න. ඉස්සර අප්පච්චි නැති බොම්බත් පත්තු කරනවා. රටේ ප්‍රශ්නයක් ආවම දැන් කිසිම ස්ද්දයක් නැහැ. හොරා කලා ගිමන් අරිනවා ඇති. තොපිට වැහි නැති හෙන වදින්න ඔන රටට කරපු විනසෙට. අනුර කුමරට රට දිලා. අයින් වෙන්න. 250 හිර ගෙදරට දැම්මම රට නිකම්ම ගොඩ එනවා.

:       5       15

nihal Sunday, 31 July 2022 01:51 AM

අයිසෙ රනිල්, ලෙඩාට බෙහෙත් කිරීමත් ලෙඩේ බෝ කරපු උන්ව හිරේට දැමීමත් තමන්ගේ වගකීම වෙන්නෙ.

:       3       14

Sena Sunday, 31 July 2022 03:54 AM

ඔයාට කව්ද බෙහෙත් දෙන්ඩ කිව්වෙ. රටෙ ඉන්න 99% ක්ම මිනිස්සු ඔයට යන්ඩ කියල කියන්නෙ. ඔයාගෙ බෙහෙත් ගෑන අපි හොදටම දන්නවා.

:       5       19

ලමය Sunday, 31 July 2022 04:40 AM

වෙදා ආර්ථිකේ ගොඩගන්න සිංගප්පූර් දොස්තර අර්ජුන මහේන්ද්‍රන් ගෙනැල්ලා ලෙඩා පරලෝකෙට යවපු හැටි අපි දැක්කා ආයුබෝවන්...!

:       0       0

Hemantha kumara Sunday, 31 July 2022 05:00 AM

ඔය වගේ හොර දොස්තරලා බෙහෙත් කළොත් ලෙඩා බේරගන්න නෙමෙයි වෙන්නේ ලෙඩාට, සබ්බේ සංඛාරා කියන්න තමයි වෙන්නේ...

:       0       0

චින්තක Sunday, 31 July 2022 05:53 AM

මල්වත්තෙ හාමුදුරුවෝ පෙනුණේ නැහැ කතාවක් කලෙත් නැහැ සංඝ සභාවෙ කාරක සසභික හාමුදුරුවෝ කෙනෙක් තමා කතා කලේ නමුත් අස්ගිරි නායක හාමුදුරුවෝ අනුසාසනා කලා.කමක් නැහැ ලංකා ආර්ථිකය නැමති ලෙඩා මලොත් සජිත් හෝ අනුර ගොඩයාවි,ලෙඩා සුව වුනොත් රනිල් ගොඩ පුතාණෝ හෝ අනුර කචල් ඇද ඇද රටට වින කරාවි .

:       6       12

Nihal Sunday, 31 July 2022 06:10 AM

ඔයා හය වතාවක් බෙහෙත් කරලත් බේර ගන්න බැරි උනා කියන්නේ ඔයාට ආයේ බෙහෙත් කරන්න දෙන එක වැඩක් නෑ.

:       3       19

ramsi Sunday, 31 July 2022 06:28 AM

මරු වෙදා.

:       3       16

Akila Sunday, 31 July 2022 06:28 AM

2015 දීත් යහපාලනය කියල ලස්සන නමක් හදාගෙන බලයට ආපු දවසෙත් මෙය ඔය වගේම ලස්සන කතාවක් කියුව මතකයි . ඊටපස්සේ කරේ හොරු රකින එකයි , ලෝකේ වටේ රවුන් ගහපු එක විතරයි , ඊට අවුරදු 5කට පස්සේ රට බංකොලොත්.

:       3       17

Charitha Sunday, 31 July 2022 07:09 AM

ලෙඩා හොර දොස්තරෙක්ට අහුඋනොත් කොහොමත් මැරෙනවා. අවාසනාවකට ලෙඩා ගිහින් තියෙන්නේ හොර ඉස්පිරිතාලයකට.

:       0       2

WIMAL Sunday, 31 July 2022 07:17 AM

ඔබතුමා පක්ෂය ප්‍රතිසංවිදානය කළා කළා හොඳටම ඒ ලෙඩා ගොඩේ ගොඩ ඔබතුමාටත් ඇපත් නැතුවම ගියානෙ,.ඒ නිසා ඔය වෙදකම් ඕනෙ නැහැ නම්බු පිටින් ගියොත් ...තවමත් පුලුවනි

:       0       2

dm Sunday, 31 July 2022 10:10 AM

යුද්දේ වෙනුවෙන් එකතු නොවිච්චි මිනිස්සු දැන් එකතුවෙයි. බලාගෙන ඉමුකො.ඔය කාට කාටත් ඕන රට හෝ ආර්ථිකේ ගොඩගන්න නෙමෙයි තමන්ගේ පක්ෂේ ගොඩගන්න බලේ ගන්න.

:       1       11

සඳුන් Sunday, 31 July 2022 10:30 AM

ඒක ඔබතුමාගේ හදවතින් ඇසිය යුතු ප්‍රශ්නයක්. ඔබතුමා රටේ ජනතාවගෙ ජනාධිපතිද ? නැත්නම් දියවන්නාවෙ හොර කල්ලියකට නතුවෙච්ච ජනාධිපතිද ?

:       3       11

sam Sunday, 31 July 2022 11:54 AM

ලෙඩා ගොඩගන්න මුවාවෙන් කාලකින් රට විනාශ කළා. මන්ත්‍රීලගෙ පෙට්‍රොල් දීමනාව වැඩි කිරීම්, උන්ගෙ සුබසාධනය සඳහා නොයෙක් අකාරයෙන් එක එක දීමනා දීම්, ලොක්ක වයස හින්දා එක් එක උපදේශකයො පත් කිරීම් කර කර , තරුණයින්ට නානාප්‍රකාර අඩම්තේට්ටම් කර කර බල තන්හා කාරයෝ ඔක්කොම බලේ ඉන්ඩ තමයි දඟලන්නේ. තොපි ඔක්කොටම හෙනම ගහන්ඩ ඕනි මේ රට විනාශ කළ සහ කරන අසමජ්ජාති දේශපාලුවෝ.

:       2       14

Malith Sunday, 31 July 2022 12:49 PM

කිසිම ලෙඩක් නොතිබුණ එකාව ලෙඩෙක් කරේ ඔයාලම තමයි, අන්තිමට ගොඩ ගන්න බැරි ගානටම කෙළවල දැම්ම.

:       2       15

fairoos Sunday, 31 July 2022 12:59 PM

ලෙඩා මැරුණට ඔපරේෂන් එක success නේද?

:       2       9

BamunuarachchiMonday, 01 August 2022 05:30 PM

අරගලය සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කළ යුතුය.

:       0       0

ගමේ එකාලා Sunday, 31 July 2022 04:47 PM

හිටපු දූෂිත නායකයෝ හැමෝම මල්වතු අස්ගිරි ගිහින් මහානායක හිමිවරුන්ගේ ආශිර්වාද, අනුශාසනා ලබාගත්තු අය.. වැඩක් වුණාද? අන්තිමට සිද්ද කෙරුවේ රටේම ආර්ථිකය බංකොළොත් කරපු එක. ඒවාට වගකිවයුතු දූෂිත නායකයින් අද සුවසේ සැපසේ ඉන්නවා. හරි නම් කරන්න තියෙන්නේ දූෂිත දේශපාලුවන්ව නීතිය ඉදිරියට ගේන එක...

:       0       11

ගුනපාල Sunday, 31 July 2022 10:49 PM

කතාව නම් දෝලාවෙන් ඒත් ගමන පයින්. ඔබතුමා එදා කිව්වෙ හුනුවටයේ කතාවෙ ගෘශා වගෙ එල්ලෙන පාලමෙ ලමයා පරෙස්සම් කරගෙන එගොඩට යනවා කියලා. ඒක අහපු පාලමෙ හිටපු අය හයිය සපත්තු දෙකක් දුන්නා. දන් බය නැතුව ලමයා ගෙනියන්න පුලුවන්. කැමති අයගෙ උදව් අරගෙන ඉක්මනින් ලමයා බෙරාගන්න. අනම් මනම් වානා. වැඩෙ තමයි ඕනා.

:       0       1

sharm warn Monday, 01 August 2022 09:02 AM

දැන් ලෙඩෙක්ව නිර්මාණය කරපු එකේ ගෞරවය හිමි වෙන්නේ කාටද? හයවතාවක් වගකීම ලැබිලත් මුකුත් කරගන්න බැරි කෙනෙක් කියලා ලෝකෙටම ඔප්පු කරලා තව කියවන්නත් එනවා. රට ගිනි තියන්න මහ අමාරුවක් නැහැ කියලා අපි දන්නවා.

:       0       2

Bamunuarachchi Monday, 01 August 2022 05:27 PM

රට ලෙඩ වුණොත් බේරගන්න, අරගලකාරයෝ ලෙඩ වුණොත් මැරෙන්න අරින්න.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 812 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 17 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 872 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 15 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 510 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 311 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site