IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


ලිත්‍රෝ ගෑස් සමාගම හඳුන්වා දුන් ප්‍රිමියම් සිලින්ඩරයේ ප්‍රමිතිය ගැන හොයන් බාරදුන්නා

(මුදිතා දයානන්ද)

ලිත්‍රෝ ගෑස් සමාගම හඳුන්වා දුන් කිලෝ නවයේ (ලීටර් 18) ප්‍රිමියම් සිලින්ඩරයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරිම සඳහා රජයේ ආයතන දෙකකට භාරදී ඇති බවද ඒ සම්බන්ධ වාර්තාව ලැබුණ වහා එය අලෙවියට අවසර දීම සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ලබන බවද සමූපකාර අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

මෙම වාර්තාව 29 වැනිදා වන විට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද අලගියවන්න මහතා කියයි.

නව නිෂ්පාදන හඳුන්වාදීමේ අයිතියක් නිෂ්පාදන සමාගම් සතුව ඇති බවද ඒ අනුව නව ප්‍රිමියම් ගෑස් සිලින්ඩරය වෙළඳපොළට හඳුන්වාදීම සම්බන්ධයෙන් විරෝධයක් දැක්විය නොහැකි බවද එහෙත් එයින් පාරිබෝගිකයාට යම් ගැටලුවක් මතුවන්නේ නම් ඒ ගැන සොයා බැලීම තමන්ගේ වගකීමක් බව පිළිගන්නා බවද ඔහු පැවසීය.

ඒ අනුව නව ගෑස් සිලින්ඩරයට අඩු ලීටර් ප්‍රමාණයකට වැඩි මිලක් ගෙවීමට පාරිභෝගිකයාට සිදුව ඇති බව බැලු බැල්මටම වැටහෙන බවද ඒ නිසා අදාළ සමාගමේ නිලධාරීන් සමග ඒ පිළිබඳව සාකච්ඡා කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

නව ගෑස් සිලින්ඩරයේ ගෑස් කිලෝ ප්‍රමාණය අඩුවී තිබුණද එහි ගුණාත්මක බව ඉහළ නංවා ඇති බවට සමාගම එම සාකච්ඡාවේදී කරුණු දක්වමින් සඳහන් කළ බවද අලගියවන්න මහතා පැවසීය.

සමාගම සඳහන් කළ කාරණාව සම්බන්ධයෙන් තාක්ෂණික වශයෙන් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ ආයතන දෙකකට භාරදී ඇති බවද එම වාර්තා අනුව ඉදිරි පියවර ගන්නා බවද ඔහු පැවසීය.

කුමන තත්ත්වයක් යටතේ හෝ ගෑස් මිල වැඩිකිරිමක් සිදුනොකරන බවද ගෑස් හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවද අලගියවන්න මහතා ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩිවීම නිසා සමාගම් මුහුණ දී ඇති ප්‍රශ්නයද සළකා බලා ජනතාවට ගැටලුවක් නොවන සාධාරණ පිළියමක් යොදන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (7)

ලිත්‍රෝ ගෑස් සමාගම හඳුන්වා දුන් ප්‍රිමියම් සිලින්ඩරයේ ප්‍රමිතිය ගැන හොයන් බාරදුන්නා

Rohana Tuesday, 27 April 2021 08:00 AM

මිල වෙනස් නොකර සිලින්ඩරයේ ගෑස් ප්‍රමාණය අඩුකර පෙන්වන කපටි ලෝකෝත්තරයින් ගේ ක්‍රම ඔස්සේ බලධාරීන්ට කොකා පෙන්වා ගෑස් අලෙවිකරන ක්‍රමයක් බව පෙනේ.

:       0       13

සිසිල් සුදේශ් Tuesday, 27 April 2021 11:31 AM

ගෑස් මිල වැඩිකරන්න ඕනෑ නම් කෙලින්ම කරන්න. අපිව ගොනාට අන්දවා බර අඩු කරන්න එපා. එතකොට අපට ප්‍රවාහන වියදම් වැඩිවෙනවා.. දැන් එක වතාවක් යන ගමන දෙවතාවක් යන්න වෙනවා.

:       0       8

WCA Tuesday, 27 April 2021 06:21 PM

ගෑස් හිඟයක් ඇති වීමට ඉඩ නොතබන්නේ කොහොමද අඩුගානේ අඩුගානේ සමාගම් ඉස්සරහට අවශ්‍ය තොග ඇනයුම් කරලද ,දිනපතා අවශ්‍ය තොග නිකුත් කරනවද කියලවත් ඔයගොල්ලෝ දන්නවද? කොහොමත් ඕවා පාලනය කරන අය කොහොමත් බුදියගෙන නේ ඉන්නේ නැත්නම් කොහොමද හොර සිලින්ඩරයක් දැම්මේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩියි ලු වැඩිවීම නිසා සමාගම් මුහුණ දී ඇති ප්‍රශ්නයද සළකා බලා ජනතාවට ගැටලුවක් නොවන සාධාරණ පිළියමක් කියන්නේ ඉතින් ඊලග ඡන්දෙන් පස්සේ ඇරියස් කවර් කරනවා කියල නේද ?

:       0       6

dhamneth Saturday, 01 May 2021 08:55 AM

මතකද චන්ද්‍රිකා මහත්මියගේ කාලෙදීත්, ශෙල් සමාගමට ගෑස් අලෙවිය පැවරුවට පසු ගෑස් සිලින්ඩරයකින් ගෑස් කිලෝ 1 1/2ක් පමණ අඩුකළ මිලත් වැඩිකරා..

:       0       0

Kandepola Friday, 07 May 2021 03:09 PM

පොඩි සම්තින් එකක් දීල SLS ගත්තා නම් ගොඩ ...

:       0       2

සෙන්ජී Wednesday, 12 May 2021 06:43 AM

මේක තනිකර බොරුවක් මෙයා අපිට බබා පාර්ට් දානවා. ඊයේ මම ගෑස් ගත්තා මේ හොර සිලින්ඩර් විතරයී තිබ්බේ. ගන්න වුනා ගෑස් නැති හින්ද. මොකක්ද මේ තාක්ෂණික කමිටුවෙන් පස්සේ දෙන අවසරය ? එහෙනම් කොහොමද විකුනන්නේ ? ඇයී නවත්තන්න බැරි ? මාස්ක් නැති අය කුදලන් එනවා වගේ ඇයී ලිට්රෝ ලොක්කෝ කුදලන් එන්න බැරි ? හඬ විතරයී වැඩ නැ. ගැසට් ගහනවා කවුරුවත් ගණන් ගන් නැහැ. හාල් මිල අඩු කළා ද ? ගෑස් මිල වෙනස් නොකළාද ? කාටද මේ බොරු ෂෝ ? ඔබ අසමත් නැද්ද හදවති අහන්න

:       0       6

Saliya Gooneratne Friday, 14 May 2021 02:21 AM

මට මතකයි ඇමතිවරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සමාගමට සිලින්ඩර 18l ක් නැවත කැඳවීමට රජය මාසයක් ලබා දී ඇති බවයි. නමුත් කනගාටුදායක සත්‍යය නම් එම සිලින්ඩර ආපසු ලබා නොගැනීම මෙන්ම ඒවා දිගටම විකිණීමයි. අප පත් කළ මෙම රජය තුළ පාරිභෝගිකයා පාවා දුන් පළමු අවස්ථාව මෙය නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

නවතා තිබූ ඊශ්‍රායල් කෘෂි රැකියා යළි ඇරඹේ
2025 අප්‍රේල් මස 10 4 0

තාවකාලිකව අත්හිටුවා තිබූ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීම යළි ආරම්භ කර තිබේ.


ප්‍රතික්ෂේප කළ නාමයෝජනා පත්‍ර 35ක් බාර ගන්නැයි නියෝගයක්
2025 අප්‍රේල් මස 10 5 0

උප්පැන්න සහතික සාම විනිසුරුවරු විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ සිදු කළ දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේ



දේශබන්දුට ඇප
2025 අප්‍රේල් මස 10 386 1

වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්දිය සම්බන්යෙන් රිමාන්ඩ් ගතව සිටි අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක


ජේ.ආර් - ප්‍රේමදාස පාලනය වයස 14ට අඩු තරුණයන් 44 ක් මැරුවා
2025 අප්‍රේල් මස 10 383 0

අවුරුදු 14 ට අඩු තරුණයන් 44 දෙනෙක් ම්ලේච්ඡ ජේ.ආර් - ප්‍රේමදාස පාලනය විසින් ඝාතනය කර තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා


’’ආණ්ඩුව රනිල්ට අත තියන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 10 484 3

ආණ්ඩුව රනිල්ගේ නම පාවිච්චි කර එතුමාට ප්‍රහාරයක් එල්ල කරන්න නාට්‍යයක් දැම්මට රනිල්ට අතවත් තියන්නේ නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 45 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 332 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 895 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site