IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ලොතරැයි වර්ජනය දිගටම

(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)

ලොතරැයි සඳහා මෙතෙක් දුන් ශත 50 ක කොමිස මුදල අඛණ්ඩව දෙන ලෙස ඉල්ලමින් ක්‍රියාත්මක කර ඇති වර්ජනය හෙට (8) දිනයේ ද ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ලොතරැයි අළෙවි නියෝජිතයන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් අද (7) පස්වරුවේ පැවසීය.

වර්ජනය අවසන් කළේ යැයි ලොතරැයි ආයතන දෙකම බොරු ප්‍රචාර සමාජගත කරමින් සිටින බවත් මෙතෙක් දුන් ශත 50 ක කොමිස් මුදල ඉල්ලා අනිද්දා (9) කොළඹ කොටුවේදී විරෝධතාවක් පවත්වන බවත් එම නියෝජිතයා වැඩි දුරටත් කීය.

සමස්ත ලංකා ලොතරැයි අළෙවි නියෝජිතයන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවූයේ යැයි එම සංගමය දැනුම් දුන් බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඊයේ පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

වර්ජනය සති දෙකකට කල් දමන බව ද දන්වා ඇති බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කීය.

ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 40 දක්වා ඉහළ දමන විට ලොතරැයි අළෙවි නියෝජිතයන්ගේ කොමිස් මුදල රුපියල් 3.75 සිට රුපියල් 7.50 ක් දක්වා ඉහළ නැංවූ බවත් ඒ අවස්ථාවේදී විශේෂ දීමනාවක් ලෙස දුන් ශත 50 ක කොමිස මුදල පමණක් අත්හිටුවා ඇති බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව කී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා මේ අවස්ථාවේදී එම විශේෂ දීමනාව දියනොහැකි යැයි ඔවුන්ට පැවසූ බව ද සඳහන් කළේය. 



අදහස් (0)

ලොතරැයි වර්ජනය දිගටම

ඔබේ අදහස් එවන්න

දියත

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 214 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 341 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 159 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ලංකා -ඊශ්‍රායල් ගුවන් ගමන් සාමාන්‍ය පරිදි
2024 ඔක්තෝබර් මස 04 16 0

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් යලි අද (4) සිට සාමාන්‍ය පරදි ක්‍රියාත්මක වන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි .


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 423 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1075 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site