(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ජාතික ලොතරැයි මණ්ඩලය කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන යෑමට පසුගිය වසර හතේදී පමණක් රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
ජාතික ලොතරැයි මණ්ඩලය ආරම්භ කරනු ලැබ ඇත්තේ 1963 වර්ෂයේදීය.
ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා අලුත් ගොඩනැගිල්ලක් ඉදිකිරිම සහ ඒ වෙනුවෙන් උපදේශාත්මක සේවා ලබා ගැනීමට රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැය කිරීමට අනුමැතිය ලබාදී තිබුණද එම ගොඩනැගිල්ල ඉදි කර නොතිබූ බව එහි දැක්වේ.
මේ අතර මණ්ඩලය නීති විරෝධි ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගෙන 2020 මැයි මාසයේ සිට 2022 අප්‍රේල් මාසය දක්වා රුපියල් කෝටි දෙකකට ආසන්න කුලියක් ගෙවා තිබූ බව පවසන ජාතික විගණන කාර්යාලය මෙම ගොඩනැගිල්ල විධිමත් අනුමැතියකින් තොරව සිදුකෙරුණු අනවසර ඉදිකිරීමක් බවද සඳහන් කරයි.
මෙම ගොඩනැගිල්ල සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේදී එහි යථා ස්වභාවය පිළිබඳව දැනුවත් කර නොතිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.
මේ අතර මණ්ඩලයේ ව්‍යාපාරික පරිශ්‍රය ඉදිකිරීම වෙනුවෙන් උපදේශාත්මක සේවා ලබාගැනීමට 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂය පමණ මුදලක් වැය කර ඇතැයි එහි සඳහන් වේ.
මණ්ඩලය අලෙවි ප්‍රවර්ධන සහ ප්‍රචාරක කටයුතු සඳහා මිලදීගෙන තිබූ ලක්ෂ 63 කට වැඩි වටිනා භාණ්ඩ ගබඩාවල නිෂ්ක්‍රීය පැවතුණු බව සඳහන් කරන විගණන කාර්යාලය ලොතරැයි තෑගි ලෙස ලබාදීම සඳහා මිලදීගෙන තිබූ රුපියල් ලක්ෂ 18 කට ආසන්න වටිනා රත්රන් කාසි, මාල ඇතුළු රන් භාණ්ඩ 53 ක් එම කටයුතු සඳහා යොදා නොගෙන සේප්පුවල තැන්පත් කර තිබූ බවද සඳහන් කරයි.
මේ අතර මණ්ඩලය 2016 වර්ෂයේදී මුද්‍රණය කළ ඩොලර් ෆෝචූන් ලොතරැයිපත් තිස්දාහක් අතුරින් ලොතරැයිපත් 569 ක් අස්ථානගත වී තිබූ බවත් එම ලොතරැයිපත් අස්ථානගතවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ පාර්ශ්වයන්ගෙන් අලාභ අය කර ගැනීමට කටයුතු කර නොතිබූ බවත් වාර්තාවේ සඳහන් වේ.
මෙම ලොතරැයිය 2016 වර්ෂයේදී දිනුම් ඇදීමට නියමිතව තිබුණත් පසුගිය වසරේ අප්‍රේල් 30 වැනිදා වනවිටත් සිදුවී නොතිබූ බව විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන
අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්
නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය
මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලොතරැයිය කුලී ගොඩනැගිලිවලට කෝටි 40ක් පුදලා
පැරකුම් Monday, 24 July 2023 02:14 PM
ඕව එලි කරල අපේ කාලය හා සම්පත් විනාශ නොකර ප්‍රයෝජනවත් වැඩක් කලොත් නරකද? කල වැරදි යලි ඇති නොවන්න පියවර ගෙන තිබේද? වරද කරුවන්ට දඩුවම් කල බවක් කිසිදා අසා නැත.
Hasith Monday, 24 July 2023 03:18 PM
අනේ කමක් නෑ .ඕකේ පාඩුව පියවන්න ටිකට් එකක ගාන වැඩි කරන්න රු .100 ක් වෙනකම් .අපි ගෙවන්නම් .ඊට පස්සේ මෙච්චර ලාබයි කියලා