IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ලන්සා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

(ඩයනා උදයංගනී)

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී‍ ඇත.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමුකර ඇතැයි වාර්තා වේ.

අමාත්‍යවරයකු ලෙස තවත් වසර තුනකට වැඩි කාලයක් තනතුරේ සිටිය හැකි නමුත් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින මෙම අවස්ථාවේදී කිසිඳු තැකීමකින් තොරව බලා සිටිය නොහැකි බවත්, තනතුරු, වරප්‍රසාද හා බලයට වඩා හෘද සාක්ෂිය බලවත් බැවින් මෙම පියවර ගන්නා බවත් ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇත.

නිමල් ලන්සා මහතා ඉකුත් මස 22 වැනිදා ද ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් යොමුකරමින් අමාත්‍යාංශයේ පවතින ගැටලු කිහිපයක් දැනුම් දී තිබූ බව ද වාර්තා විය.

පසුගිය කාලයේ මහාමාර්ග අමාත්‍යංශයේ මග නැගුම ඇතුළු ආයතන ගණනාවක සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව ද ලන්සා මහතා එහි සඳහන් කර තිබූ බවත් තමන් හෙළිදරව් කරන ලද කරුණුවලට අදාළ සාක්ෂි ද ඇති බැවින් ඒවා ගැන වහා පරීක්ෂණයක් කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලීමක් කර තිබූ බවත් සඳහන් විය.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඉවත්කරන ලෙස ද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

තමන් 22 වැනිදා ලිපියෙහි සඳහන් කළ කරුණු අමාත්‍යාංශය තුළ තවදුරටත් සිදුවෙමින් ඇතැයි ද ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇත.



අදහස් (11)

ලන්සා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

sharm warn Tuesday, 22 March 2022 09:41 AM

හැබැයි අර ශ්‍රී ලංකා කාරයෝ තවමත් නැට්ටේ එල්ලිච්චි ගමන්... ඡන්දෙ දුන්නු අයට තේරෙනවද මන්දා..?

:       0       0

C.K.Lankaputhra Tuesday, 22 March 2022 10:13 AM

ලයන් සා කෙනෙක් වීම ගැන අපේ ස්තුතිය...!

:       0       0

ජගත් ලියනගේ Tuesday, 22 March 2022 10:15 AM

මෙන්න තවත් මාධ්‍ය සංදර්ශනයක්...!

:       0       0

අගුපිලගේ Tuesday, 22 March 2022 11:18 AM

මෙයාට රාජ්‍ය නිලධාරින් පේන්නම බැහැනේ. ඉතින් කොහොමද ඇමතියෙක් හැටියට වැඩක් කරන්නේ? නටන්න බැරි එකා පොළොව ඇදයි කියනවා. බැරිදේ පුළුවන්ද? දත්මිටි කෑවාට කියනවා නේද? බැරි කෙනාට බැහැම තමයි...

:       0       0

Bunny Preena Tuesday, 22 March 2022 11:42 AM

රටේ ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය, කෘෂිකර්මාන්තය පිළිබඳව කොයි ආණ්ඩුවක් ආවත් වෙනස් කරන්න බැරි ජාතික ප්‍රතිපත්තියක් සඳහා ඔබ මූලිකත්වය අරගෙන කටයුතු කරන්න. එය රටේ ජනතාවට ලොකු සෙතක් වෙයි.

:       0       0

Hafeel Tuesday, 22 March 2022 12:11 PM

එදා මම මෙම පිටුවේ අදහස් පල කළා. කතෝලික ප්‍රජාව මේ ආණ්ඩුව ගැන කණස්සල්ලෙන් ඉන්නේ. මෙයා ඊළඟ පාර වෙන නැවකට ගොඩ වෙන්න අදහසෙන් ඉන්න වගේ. මේ මනුස්සයා දන්නවා දැන් ඉන්න නැව ඊළඟ පාර ගිලෙන බව. කොහොමද නාඩගම..?.

:       0       0

fairoos Tuesday, 22 March 2022 12:42 PM

අනිත් බයියන්ට කවදා මොලේ පෑදෙයිද දන්නේ නැහැ... සර් ෆේල්...!

:       0       0

Bamunuarachchi Tuesday, 22 March 2022 12:54 PM

ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින මෙම අවස්ථාවේදී ඔබ ඇමති ධුරයෙන් ඉවත් වුණාම ජනතාවට සහනයක් ලැබෙනවද? ඇමැති ධුරයේ සිටිමින් නේද ජනතාවට සහනයක් සලසන්න ඕනේ? කාවද මේ රවට්ටන්නේ?

:       0       0

DM Tuesday, 22 March 2022 02:58 PM

නැව ගිලෙන කොට මීයෝ එකා දෙන්නා එළියට පනිනවා. ඔබතුමා ඔය ඇමැතිධුරයේ හිටියා කියලත් වැඩක් නැහැනේ. රටට කළ ලොකුම සේවය තමයි අස්වීම...

:       0       0

Neeru Tuesday, 22 March 2022 07:13 PM

එතුමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නියැලීම, රජයේ නිලධාරීන්ට හිරිහැර කරන ආකාරයේ ක්‍රියා, රජයේ දේපළ අයථා පරිහරණය වැනි නරක නම් රැසක් ඔහුට තිබෙන බව මට මතකයි. මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් මම ඔහුට දිරිගන්වනවා.

:       0       0

Ran Wednesday, 23 March 2022 03:04 PM

"ඩීසල් නැතුව කොහොමද බෝට්ටු දුවන්නේ? බෝට්ටු දුවන්නේ නැතුව කොහොමද රස්සාව කරගන්නේ..." කියලා කියනවා එහෙම නෙවෙයි ඔන්න...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

තැපැල් ජන්ද සළකුණු කිරීම අද ඇරැඹේ
2025 අප්‍රේල් මස 24 45 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


සේවක අරමුදලේ කෝටි 2179කට වෙච්ච දේ
2025 අප්‍රේල් මස 24 400 0

සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.


දළදා වන්දනාවට ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය අද සිට නතර වෙයි
2025 අප්‍රේල් මස 24 498 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි


වනසන්න තිබූ විස්කි තේ කහට වෙලා
2025 අප්‍රේල් මස 24 1205 0

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක


අදත් තැනින් තැනට වැස්ස
2025 අප්‍රේල් මස 24 59 0

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පොලිසිය - හමුදාව දුම්රියටත් පනිති
2025 අප්‍රේල් මස 24 1438 0

දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 682 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 338 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site