IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලන්සාගේ සංධානය බැසිල්ට ගැටළුවක්?

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතකු බවට මෑතකදී පත්ව සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ ප්‍රබලයන් අතර ගැටුම මේ වන විට පොහොට්ටුවේ දේශපාලන අර්බුදයක් බවට කල එළි බැස ඇතැයි වාර්තා වේ.

නිමල් ලන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින පිරිසක් සහ තවමත් පොහොට්ටුවේ සිටින පිරිසක් සම්බන්ධ කර ගනිමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට මේ වන විට සැලසුම් කරමින් සිටීම මෙම අර්බුදයට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ගිය සතියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ලන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවේ පිරිසක් සම්බන්ධ කරගනිමින් මෙලෙස කටයුතු කිරීම පක්ෂයේ කටයුතුවලට ගැටලුවක් වී ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතාගේ එහිදී පවසා ඇතැයි ද වාර්තා වේ .

නිමල් ලංසා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින අනුර ප්‍රියදර්ශන යාපා , ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න ,ප්‍රියංකර ජයරත්න, සුසිල් ප්‍රේම ජයන්ත යන මැති ඇමතිවරුන් මෙන්ම,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින පිරිසක් ද,එකතු කර ගනිමින් මෙම නව සන්ධානය ගොඩනැගීමට කටයුතු කරමින් සිටින අතර,පොහොට්ටුවෙන් තවත් පිරිස් ගැනීමටද සූදානමින් සිටින බව වාර්තා වේ.

මේ අතර ,නිමල් ලන්සා මහතා ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති භාරව කටයුතු කරන අතර,ඔහුට ජනාධිපති කාර්යාලයෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක්ද ලබාදී ඇතැයි පැවසේ.

 



අදහස් (13)

ලන්සාගේ සංධානය බැසිල්ට ගැටළුවක්?

කිරිපුකා Saturday, 05 August 2023 02:21 PM

කවුරුත් හදන්නේ මොන වෙට්ටුව හරි දාලා බලේට ඇවිත් කාගෙන කාගෙන යන්න. ඒක තමයි වත්මන් දේශපාලකයාගේ ඒකායන අරමුණ...

:       2       115

නිර්මාල් Saturday, 05 August 2023 03:22 PM

මොන දඟර නැටුම් නැටුවත් ඡන්දෙට එන්න එපැයි... වරෙල්ලා දෙන්නම් කවුරු කොහොම ආවත් අමතක නොවෙන්න. හැංගි හැංගි වෙස් බැන්දත් එළියේ නටන්න එපැයි...

:       2       111

MVHSaturday, 05 August 2023 11:04 PM

JVP කියන්නේ බලය නැතිව රට කාපු එකක්... බලය දුන්නොත් කොහොමට හිටීද?

:       1       2

Sunil Saturday, 05 August 2023 04:48 PM

මෙවර ‌රට කාබාසිනියා කළ අයට උත්තර දෙන්නට සැවොම හිතට ගමු. ආයේ වසර පහක් බලන් ඉන්න එපා. ඉඳීද දන්නේ නෑනේ...

:       2       101

MVHSaturday, 05 August 2023 11:02 PM

ජවිපය නැතිව... රට තුනෙන් පාරක් විනාශ කරපු අය... බස්ම 5000 ක් විතර ගිනිතිබ්බා.

:       1       1

ගමේ එකාලා Saturday, 05 August 2023 07:14 PM

කුඩු ලන්සා ගිය උඩ. ඔය කවුරු කවුරුත් දඟලන්නේ වතුර රත් වෙනකම් තමයි. දූෂිත දේශපාලුවන් තුරන් වූ දාට රටට යහපතක් වෙයි...

:       0       2

C.K.Lankaputhra Saturday, 05 August 2023 07:54 PM

මේ තමයි තිත්තයාගෙ වාරේ. සුද්දම වෙන්න දෙමු. ලන්සා බන්සා අපිට වැඩක් නෑ. ඔවුන් ඔක්කෝම එකයි. කොටින්ම කියනව නං මහින්ද රනිල් කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත.

:       1       1

Nimal Saturday, 05 August 2023 11:29 PM

රාජිත වර්ෂන් 2

:       0       2

Perera Sunday, 06 August 2023 01:51 AM

මේවා ජවනිකා... ඕවට අහුවෙන්න එපා... මොවුන් ඔක්කොම එකගොඩේ ඉන්න තමුන්ගේ වාසියට ජනතාව රවටන අපතයින්...

:       0       2

swene Sunday, 06 August 2023 06:19 AM

ඔය කියන හැම කෙනෙක්ම රටට වින කරනවා මිසක් යහපතක් නැහැ...

:       0       1

don Sunday, 06 August 2023 06:29 AM

ඕකට හේතුව මම හොඳින්ම දන්නවා. මොන ජනාධිපති පත්වුණත් මෙයා ඊට වැඩ කරන්න ඕනෑ. උදව් ආධාර කරන්න ඕනෑ. මෙයාට එළියට වෙලා තම ව්‍යාපාර ආරක්ෂිතව කරගෙන යන්න ඕනෑ නම් එසේ කළයුතුමයි. නැතිනම් මෙයට පැවැත්මක් නැහැ. ඇතුලේ තමයි ඉන්න වෙන්නේ. අපි කවුරුවත් දන්නවා මෙයා මොනවද කරන්නේ කියලා.... ඕක මෙක්සිකෝවේ වෙනවා.

:       0       3

Willow Drive Sunday, 06 August 2023 09:14 AM

අපිට මේ මුලු හැත්තම ගැටලුවක්...!

:       0       1

Tikiri Sunday, 06 August 2023 10:47 AM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා...! බලු රාජපක්ෂ පවුලට කඩේයන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 764 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site