IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ලාබ ලබන්න නම් රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුමයි

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසාගත හැකි බව ජනාධිපති වෘත්තිය සමිති  අධ්‍යක්ෂ ජනරල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

ලෝකයේ දියුණු රටවල් අධ්‍යනය කිරීමේදී රාජ්‍ය ව්‍යාපාර සිදු කරන රටවල් පසුගාමී ආර්ථිකයක පසුවන බවත් රජය ව්‍යාපාර නොකරන රටවල් සංවර්ධනය වී ඇති බවත් රත්නප්‍රිය  මහතා කීය. 

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරල් සමන් රත්නප්‍රිය මහතා මේ බව කීවෙි  ‘නව සංවර්ධන ප්‍රවේශයක් සඳහා රාජ්‍ය  ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම‘ මැයෙන්  මුදල් අමාත්‍යාංශයේපැවැති විද්වත් සම්මන්ත්‍රණයට එක්වෙමිනි.

රට ආර්ථික වශයෙන් ඉතා අසීරු තත්ත්වයක පවතින අවධියක රටේ ආර්ථිකයට උසුලා ගත නොහැකි බරක් වන පාඩු ලබන රාජ්‍ය  ව්‍යවසායන් සම්බන්ධයෙන් කළ යුතු දෑ පිළිබඳ වෘත්තීය සමිති නායකයින්, සිවිල් සංවිධාන ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් ඇතුළු වැඩබිමේ ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබිණි.



අදහස් (16)

ලාබ ලබන්න නම් රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුමයි

SAHAN Wednesday, 27 September 2023 01:23 PM

යකෝ ඇටෙන්ඩන්ලා දන්න දේවල්

:       1       31

Perera Wednesday, 27 September 2023 01:24 PM

ඔක්කොටම ඉස්සෙල්ලා මේ වගේ ජනතා මුදලින් යැපෙන වැඩකට නැති එවුන්ව ගෙදර යවන්න ඕන

:       1       30

Bunny Preena Wednesday, 27 September 2023 01:27 PM

තනතුර රැකගන්න මොනවා හරි බොරු කියලා නායකයාව සතුටු කරන්න පුළුවන් .නමුත් ජනතාව රවටන එක බොරු

:       1       24

Kazi Shajahan Wednesday, 27 September 2023 01:42 PM

කවුද අනේ සමන් කියන දේවල් අහන්නේ .කිසිම ජනපදනමක් නැති පක්ෂයක කෙනෙක් නේ

:       1       25

පැරකුම් Wednesday, 27 September 2023 02:03 PM

ඒ විතරක් මදි. ගජමිතුරන්ට වාසි නොවන පරිදි බදු අයකිරීමත් කාර්ය්‍යක්ෂම විය යුතුය. අපට ආරංචි විධියට ආදායම්බදු දෙපාර්තමේන්තුව හොර ගුහාවක්. කවුරුත් ඒ ගැන සොයා නොබලන්නේ කාටකාටත් උවමනා දේ කරගැනීමට පහසු වීම සදහා බව පැහැදිලියි. අන්තිමට තැලෙන්නේ පොඩි මිනිහා නේද?

:       0       0

Amal Wednesday, 27 September 2023 02:06 PM

‘නව සංවර්ධන ප්‍රවේශයක් සඳහා පාර්ලිමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කළ යුතුමයි. ඒ සඳහා ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය තියන්න.

:       0       3

Prabha Wednesday, 27 September 2023 02:23 PM

උණු වතුර බෝතලේ

:       0       1

කිරිපුතා Wednesday, 27 September 2023 02:25 PM

රජය සතු හොර ගුහාවල් නම් සුද්ධ කරගන්න ඕන තමයි. හැබැයි මේ ගොටු මාමා වගේ අයත් එක්කම. මෙයාගෙත් හැඩ බලන්න තිබුණා වෙනත් ආණ්ඩුවක් තිබ්බා නම්. සියලුම වෘත්තිය සමිති කාරයෝ කියන්නෙ මේ වගේ තමන්ගේ වාසියට රටට හානි කරන පිළිල තමයි.

:       0       1

wedage Wednesday, 27 September 2023 02:25 PM

පිරිමි හෙදිය මොනාවද මේ කියන්නේ .පිනාපති ඉන්නකම් ඔය මොනවා හරි කියවකියව ඉන්නවා නේ

:       0       1

Aravinda Monarawila Wednesday, 27 September 2023 02:35 PM

ගාල්ලේ ඉස්පිරිතාලේ ලෙඩෙක්ගෙන් හොරා ගත්ත උණු වතුර බෝතලය දීලා හිටපන් රට අහන්න කලින්

:       0       1

Mohan Mapa Wednesday, 27 September 2023 03:00 PM

කතාව හරි කියලා තියෙන්නේ හොරෙක්

:       0       1

saman Wednesday, 27 September 2023 03:32 PM

අනිවාර්යයෙන්ම ,ලංකා බැංකුව ,මහජන බැංකුව ,විදුලිබල මණ්ඩලය ,දුම්රිය සේවය ,ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල,රෝහල්

:       0       0

Anura kumara Wednesday, 27 September 2023 03:59 PM

මේ වටුවට පිස්සු

:       0       1

චන්දිම ෆොන්සේකා Wednesday, 27 September 2023 06:24 PM

ඔන්න ඕක තමයි මේ රටට වෙලා තියෙන හේනේ. තමන් ඉගෙනගත්ත රස්සාව පැත්තක තියෙද්දී තමන්ගේ පුද්ගලික වාසි ලබාගන්න දෙසපාලනයෙන් ඇවිල්ලා හැම දේම දන්නවා කියලා පෙන්නගෙන රට වල පල්ලට දක්කනවා. මේ කිනිතුල්ලෝ තමයි ලක් මාතාවගේ ලේ ටික බොන්නේ.

:       0       1

චන්දන Thursday, 28 September 2023 08:30 AM

මේ ඇටෙන්ඩන්ට් කැමති ඇති සෞඛ්‍ය පුද්ගලිකකරණයට. මෙයත් ප්‍රයිවෙට් හොස්පිටල් එකක් දමාවි. දැන් මෙයා ප්‍රෙකෝටිපතියෙක්. වෘත්තිය සමිති නායකයො නියෙමෙට වෘත්තිකයන් රකිනව. මුන්ට හෙන නොගහ තියේද?

:       0       2

Bamunuarachchi Thursday, 28 September 2023 06:36 PM

පළමුවෙන්ම කළයුත්තේ රජයේ සේවයේ යෙදෙන ගමන් දේශපාලනයේ යෙදෙන එවුන් හිටෝපස් ගැහීමයි. එහෙම දේශපාලන කරන්න බැහැ කියලා නීති තිබුණත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නර්ස් නම් නර්ස් වැඩේ කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 119 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 131 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1852 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1552 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 456 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 582 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40026 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25953 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 235 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site