විසර්ජන කෙටුම්පතඉදිරිපත් කරනු ලබන නොවැම්බර් 12 වැනිදා පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (09) තීරණය කළේය.
ඒ අනුව පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා විසර්ජන කෙටුම්පත දෙවන වර සහ තෙවන වර කියවීම සිදුවනු ඇත. ඉන්පසු පස්වරු 5.00 සිට රාත්‍රී 8.00 දක්වා විපක්ෂය විසින් ගෙනු ලබන යොජනාව සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගනු ලබනු ඇත.
එදින පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීමේ අවස්ථාව නොපැවැත්වෙන අතර දිවා ආහාරය සඳහා සභාව කල් තැබීමක්ද සිදු නොවනු ඇත.
2021 වර්ෂය සඳහා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබන 17 වැනිදා සිදු කරනු ලබයි.
කොවිඩ් 19 අර්බුදය නිසා අයවැය දෙවන වර කියවීම සහ කාරකසභා අවස්ථාව දින 11 කට සීමා කළ යුතු යැයි මෙම රැස්වීමේදී යෝජනා වුවද විපක්ෂය ඒ සඳහා සම්පූර්ණ දින ගණන ලබා දිය යුතු බව ප්‍රකාශ කර සිටියහ.
මේ අනුව අයවැය දෙවන වර කියවීම සහ කාරකසභා අවස්ථාව පවත්වන දින ගණන සම්බන්ධව අවසන් තීරණයක් නොගැණුනු අතර ලබන 12 වැනිදා නැවත පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීමක් පවත්වා ඒ පිළිබඳව තීරණයක් ගැනීමට එකගතාවය ඇතිවිය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, අනුර කුමාර දිසානායක, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මැති ඇමතිවරු සහභාගී වූහ.
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලබන 12 වැනිදා පාර්ලිමේන්තුව පැය 10 කට රැස්වේ
chandima Monday, 09 November 2020 04:52 PM
ඒ පැය 10ත් වනචාරින් වගේ වල්පල් කියවන්නයි සංදර්ශන පවත්වන්නයි, බැනගන්නයි බඩුමුට්ටු කඩාබිද දමන්නයි ගියොත් වැඩක් වෙන්නේ නැහැ.