IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලබන මැතිවරණයේදීත් ආණ්ඩු බලය ගන්නවා

(අංජුල මහික වීරරත්න)

ඉදිරි මැතිවරණයේදීත් ආණ්ඩු බලය ලබා ගැනීම තම බලාපොරොත්තුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ආණ්ඩු බලය ගන්නවා මිස විපක්ෂයට යෑමට හෝ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම ලබා ගැනීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවද රාජපක්ෂ මහතා කීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ  "කිරිඳිවැල සතුටු පවුල" අධ්‍යාපනික හා වෙළෙඳ  ප්‍රදර්ශන සැණකෙළියේ දෙවැනි දින සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.   

එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනපතිගෙන් ඇසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු මෙසේ ය. 

ප්‍රශ්නය:- ඉදිරි වසර මැතිවරණ වසරක්. පක්ෂයට අලුතින් ආසන සංවිධායකයන් පත්කරන්න බළාපොරොත්තු වෙනවද?

පිලිතුර:-එහෙම එකක් නැහැ. ඉන්න සංවිධායකයන්ගෙ වරදක් නැහැ. මැතිවරණයකුත් තියෙනවනේ.

ප්‍රශ්නය:-පක්ෂය හැරගිය අය සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද?

පිළිතුර:-පක්ෂය හැර ගිය අය වෙනුවට අලුත් අය පත් කරනවා. මම හිතන්නේ දැනටම ඒ දේවල් කරල තියෙනවා. 

ප්‍රශ්නය:- මේ දවස්වල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නවා.

පිළිතුර- මම හිතන්නෙ මේ ආණ්ඩුව කරන හොඳම වැඩක් ඒක. මේ රටම විනාශ වෙන්නෙ මත්ද්‍රව්‍ය නිසයි. 

ප්‍රශ්නය:- විපක්ෂනායක ධූරය ගන්න ඔබතුමා සූදානම් වෙනව කියල කතාබහක් යනවා. ඒක ඇත්තද?

පිළිතුර:-තාම එහෙම කතාවක් නැහැ. අපේ බලාපොරොත්තුව ඊළඟ මැතිවරණයේදී  බලය ලබාගැනීමයි. විපක්ෂයට යන්න බලාපොරොත්තුවක් නැහැ. 

ප්‍රශ්නය:-ඉදිරියේදී බදු අඩුකරනවද? වැඩි කරනවද?

පිළිතුර:- බදු නැතිකරන්න බැහැනේ.බදු තියේවි. මම කියන්නේ මිනිස්සුන්ට සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕන.



අදහස් (33)

ලබන මැතිවරණයේදීත් ආණ්ඩු බලය ගන්නවා

ප්‍රනීත් Wednesday, 27 December 2023 11:56 AM

අපි දෙන්නා ඉන්නේ ඔයාට...!

:       3       16

මහින්ද රාජපක්ෂ Wednesday, 27 December 2023 06:53 PM

චික්... මට එපා...!! ඔයගොල්ලෝ රනිල් ගාවට යන්න.

:       3       13

Asanga Wednesday, 27 December 2023 12:02 PM

ඔබවැනි බලලෝභීන්ට කවදාවත් එන්න බෑ. කරපු හරිය මදැයි ඔක්කොම එකතු වෙලා... තවත් කන්නද ඕනේ..?

:       2       29

සෙනෙවිරත්න Wednesday, 27 December 2023 12:04 PM

තමන් කරන්නේ, කියන්නේ මොනවාද කියලා දන්නේ නැති වයෝවෘද්ධ මහල්ලෙකුගෙන් ප්‍රශ්න අහන අය ගැන කුමක් කියන්නද?

:       1       32

Sara Wednesday, 27 December 2023 12:07 PM

මේ ආත්මේ නම් ඕක ගන්න බෑ...

:       1       22

අඹගහහේනේ දයාසේන Wednesday, 27 December 2023 12:10 PM

රාජපක්ෂ කල්ලියට බැලමෙහෙවර කළ එහෙත් රට ගැන අබමල් රේණුවක තරමින් කැක්කුමක් නැති මිනිස්සු හිටියොත් පමණක් මයිනා මාමාගේ අදහස ඉෂ්ඨ වේවි... එහෙම නැතුව නම් නැවතත් කිසිම දිනක රාජපක්ෂ පරම්පරාව හෝ පොහොට්ටුවේ අය ජයක් ලබන්නේ නැහැ...

:       3       33

abaran Wednesday, 27 December 2023 12:16 PM

මගේ හිතේ පිටසක්වල අය ඡන්දෙ දෙන්න අවොත් වෙන්න ඇති... ඊළඟ චන්දෙදී දිනනවා කියන්නේ... ඉල්ලලා බලන්න ඔහෙලාට ඕනේ නම් ආසන 10 ක් ලැබේවි..!

:       3       20

fairoos Wednesday, 27 December 2023 12:33 PM

බයියන් ඉන්නකන් මේ රටේ ඕන දෙයක් වෙන්න පුළුවන්...!

:       3       20

Lakmal Wednesday, 27 December 2023 12:41 PM

බලය තමයි දෙන්න ඕනේ...!

:       1       15

Buddika Wednesday, 27 December 2023 12:41 PM

මේක වයසේ වැරැද්ද? වලපය සහ ගොඩපය තියාගෙන ඉන්නේ දැන්... ඇවිදගන්න බැහැ. කතාකරද්දී වචන පැටලෙනවා. උසාවියෙන්ම තීන්දු කළා රට බංකොළොත් කළේ මේ මිනිස්සු කියලා. තවත් බලෙට ඇති තණ්හාව. දෙයියන්ගේ නාමෙන් දැන්වත් රට ගැන හිතලා පිනක්, දහමක් කරගෙන උණු වතුර ටිකක් නාලා ගෙදෙට්ටවෙලා හිටියා නම් ඒක මේ රටට කරන ලොකු සේවයක්...!

:       5       30

NAMAL Wednesday, 27 December 2023 12:47 PM

වල් වහල්ලු ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි. කල කල දේ ඵල ඵල දේ.

:       4       27

චන්දන Wednesday, 27 December 2023 01:37 PM

යුද්දේ ඉවරවුණාට පස්සේ ගෞරවාන්විතව ගෙදර නවතින්න තිබුණු වෙලාවේ ඒක කළේ නැහැ. දැන් සේරම ගෞරවයන් විනාශ කරගෙන ඉවරයි. දැන්වත් පින්සිද්ධ වෙයි දේශපාලනෙන් අයින්වෙලා පැත්තකට වෙන්න.

:       5       37

මහින්ද රාජපක්ෂ Wednesday, 27 December 2023 05:08 PM

එහෙම කොහෙද? මගේ දරුවන්ට, මුණුපුරන්ට, කාන්තාවන්ට සුඛිත මුදිත ජිවිතයක් ගතකරන්න මුදල් අවශ්‍යයි.

:       5       19

Kazi Shajahan Wednesday, 27 December 2023 01:47 PM

ලොක්කා මොනවා කියනවාද කියලා... අපිට නිකන් පිස්සු වගේ... දැනුත් තියෙන්නේ ඔයාලාගේ ආණ්ඩුවක්නේ... ඔයාලා තමයි බජට් එකට අත උස්සලා ඡන්දෙ දුන්නේ... අනික රනිල් ගේන ගේන පනත්වලට ඡන්දෙ දීලා, ලොක්කා එළියට ආපුවාම වෙනස් වෙනවානේ... අපිටද පිස්සු? නැතිනම් ලොක්කාටද?

:       4       29

Amal Wednesday, 27 December 2023 01:57 PM

"රාජපක්ෂ සතුටු පවුල".... මිය ගියත් බලාපොරොත්තුව ආණ්ඩු බලය ලබා ගැනීමයි.

:       4       32

Shantha - Qatar Wednesday, 27 December 2023 01:59 PM

විකාර කියවන්නේ... හැඳිගෑවිලා යන්න ඕනේ කරපු විනාශයට...

:       6       31

ගමේ එකාලා Wednesday, 27 December 2023 02:16 PM

ජනතාව එළෙව්වා මතක නැතුවා වගේ? බල තණ්හාවෙන් පිස්සු වැටිලා, ඊට වැඩිය දෙයක් නැහැ. ආණ්ඩු බලය ගැනීම කෙසේ වෙතත් කොහේ යයිද කියන්න බැහැ, රටට කරපු විනාසෙට...! 

:       4       32

Deva Wednesday, 27 December 2023 02:34 PM

බලය මාලිමාවට දෙන්න ඕනෑ... හොරු රැළ එළවන්න ඕනෑ...

:       12       37

Dharmatileke Wednesday, 27 December 2023 02:42 PM

බඩ රිදෙනවා හිනාවෙලා...!

:       5       30

achini Wednesday, 27 December 2023 02:45 PM

මේ සාපය 2024දීවත් අවසන් වේවා..!

:       6       34

Baiyya Wednesday, 27 December 2023 03:00 PM

යම ලෝකෙද?

:       4       30

Athula Wednesday, 27 December 2023 04:25 PM

මරබයට පිටවෙන වචන.. මේවා මෙයාගේ වයසටද?

:       3       24

විජිත් Wednesday, 27 December 2023 05:02 PM

මේ හලෝ, මේ රට කාලා කාලා විනාශ කරලා, ආයෙත් බලය ගන්න... මගේ ගෙදර ඉන්න කවුරුවත් ඔයාලාට ඡන්දෙ දෙන්නේ නැහැ...!!! ඡන්දෙ කිට්ටුවෙද්දී මිනී කන බල්ලන්ව ලිහලා තියනවා ගෙවල්වල... ඡන්දේ හිඟාගෙන එන තමුන්ගේ අම්බ්‍රෂ්ටයින්ව හපා කන්න. ඡන්දෙන් පස්සේ ඔයා හිරේ යන්න බලාගෙන ඉන්න. මුළු සාටක පවුලත් එක්කම ඔයාගේ කූඩුවට අල්ලපු කූඩුව වෙන්කරලා තියෙන්නේ... ඔයාලාව ආරක්ෂා කරන හපුයියාට... ඔය සාටකයෙන් තමයි, ඔයාලාට අමුඩේ ගහන්න වෙන්නේ හිරේදී... හිරේ යන්න බය නම් අදම ඔය සාටකය ගෙදර බාල්කයට දමලා එකෙන් එල්ලිලා 'අපායට' චුතවෙනවා...!!!

:       5       25

C.K.Lankaputhra Wednesday, 27 December 2023 05:03 PM

මර බය තමයි දැන් තියෙන්නේ...

:       2       14

Kumara Wednesday, 27 December 2023 05:32 PM

බලාගෙන ඉන්නකෝ...!

:       2       11

Chathuri Wednesday, 27 December 2023 05:40 PM

ච්‍ය්යානා අක්කා ළඟපාත ඉන්නවා නම් ගෙදරට ගෙනත්. සේරම ඇඳුම් ගලවලා තෙල් ගාලා. පහළ ඉඳන් උඩට හම අදින්න කියන්න. බකන් ඉද්දී තරුණ වෙනවා. ටයි එකයි බෝ එකයි. බෙල්ල ළඟට එනවා. මරු නේද? එතකොට මැතිවරණ වලදී සෙනඟ පිටරටිනුත් එනවා සෙනඟ. ටයි එකයි, බෝ එකයි... බලන්න. ඔබ දිනුම් කියලා හිතාගන්න එතකොට....!

:       3       8

RanjanWednesday, 27 December 2023 06:49 PM

ඔයා කියන ටයිඑකයි, බෝ එකයි ඒ කාලේ කෙල්ලන්ට ප්‍රදර්ශනය කරලා, " පත්වීම් " එහෙමත් දුන්නා. ඊටත් පස්සේ ජනාධිපති කාලේ හැමෝටම පෙන්නුවා බලෙන්ම. ඒවගේ ප්‍රතිඵලත් තැන් තැන්වල ජීවත්වෙනවා. එක ප්‍රතිඵලයක් තිබුණා... එංගලන්තේ ශ්‍රී ලංකා එම්බසියේත් කාලයක් තංගල්ලේ ප්‍රතිඵල වැඩිම දිස්ත්‍රික්කයලු... එහේ 4 හෝ 5ක් තියෙනවලු. දැන් ඉතින් හාන්චිපයිෂ් ගහලා ඇවිද ගන්නවත් බැරුව වැටී වැටී, ගෙදර ගෑනිගෙන් ගුටිකකා, කොල්ලන්ගෙන් බැනුම් අහ අහා හතර පස් දෙනෙක්ගේ වාරුවෙන් පන රැකගන්න නිසා " ටයි " එක නිකම්ම නිකම් හම් කැල්ලක් වගේලු. බෝ එක කපලා දැම්මාලු නේද?

:       1       8

kanchana Wednesday, 27 December 2023 07:36 PM

මගේ සෙරෙප්පුව ඔබගේ මුහුණේ පහස ලබන්නට පුල පුලා බලා සිටිනවා...

:       0       0

Dilan Wednesday, 27 December 2023 07:43 PM

තවත් කාලා මදිවෙලා ...

:       0       0

විපරමා Wednesday, 27 December 2023 09:11 PM

රටට පෙන්නපු ආශ්චර්යය හැටියට, ආණ්ඩු බලය ගැනීම කෙසේවෙතත් ඊළඟට ඉන්න වෙන්නේ අවීචි මහා නරකාදියේ නැත්නම් මහ උලුගෙදර...

:       0       0

Bayi samaithiya Thursday, 28 December 2023 09:53 AM

පොහොට්ටුව බැබළේවා... ජයවේවා...!

:       1       0

M. SAMAN PERERA Thursday, 28 December 2023 10:01 AM

වලපයයි, ගොඩපයයි තියාගෙන විකාර කියවනවා.

:       0       1

G J Fernando Thursday, 28 December 2023 09:09 PM

අපි බලන් ඉන්නේ ලබන සැරේත් හොරාට දෙන්නමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 363 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 577 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 323 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 232 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1004 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 852 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39210 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site