(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව ලබන සතියේත් දින දෙකක් පමණක් රැස් වනු ඇතැයි පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.
මේ අතර පාර්ලිමේන්තු රැස්වීම් එක දිගට පැවැත්වීම අවදානම් බවට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පාර්ලිමේන්තු බලධාරීන්ට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ (පක්ෂ නායක රැස්වීම) විශේෂ රැස්වීමක් ලබන(16) පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.
කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී තීරණයක් ගැනෙණු ඇත.
පාර්ලිමේන්තු අවසාන රැස්වීමේදී මැතිසබය ලබන 21 වැනිදා දක්වා කල්තබා ඇති හෙයින් පාර්ලිමේන්තුව
ස්ථාවර නියෝග අනුව එදින අනිවාර්යෙන්ම සීමිත වේලාවකට හෝ රැස් විය යුතුව ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයට එහි සේවකයන් මේ දිනවල කැදවෙන්නේ
අවශ්‍යතා අනුව ඉතා සීමිත කණ්ඩායම් වශයෙන් යැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
මැතිවරණ නිති රිති උල්ලංඝණය කරමින් නිති විරෝධි ලෙස දේශපාලන පක්ෂයක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (14) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්ල පෙලිසි
මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ
කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ
ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන
ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලබන සතියෙත් පාර්ලිමේන්තුව දින දෙකයි
ලමය Monday, 13 September 2021 05:12 PM
ඔය මල හත්තිලව්ව වහලම දාන්න...