(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව අභිලාශ (පෞද්ගලික ආයතනවලින් කැමැත්ත) කැඳවා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය.
ලිට්‍රෝ සමාගම පසුගිය වසරේ රුපියල් කෝටි 700 කට ආසන්න ලාභයක් ලැබූ බව කී සභාපතිවරයා එම ආයතනය විකිණීමට තමන් තුළ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති වුවද ආණ්ඩුවේ තීරණවලට බලපෑම් කළ නොහැකි බව ද සඳහන් කළේය.
මෙරට ජනතාවගේ ගෑස් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සභාපතිවරයා ලෙස සිය ඉලක්කය බවත් ජාතික මට්ටමේ තීන්දු තීරණ ගැනීමේදී කැබිනට් මණ්ඩලය වැනි වෙනත් තළයක් තීරණ ගන්නා බවත් ඒ මහතා කීය.
රාජ්‍ය ආයතනය පෞද්ගලිකරණය සඳහා තීරණ ගැනීමට වෙනත් කමිටුවක් ඇති බව කී පීරිස් මහතා එම කමිටුවේ තීරණය පිළිබඳව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස තමන්ට වගකීමක් හෝ වගවීමක් නොමැති බව ද සදඟන් කළේය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලාභ ලබන ලිට්‍රෝ විකුණන්න යයි
අරවින්ද මොනරවිල Friday, 26 January 2024 03:33 PM
හොරාකන එකයි, විකුණාගෙන කන ඇරෙන්න වෙන මොනවත් නොදන්නා කල්ලියෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
NimalFriday, 26 January 2024 08:05 PM
ලිට්‍රෝ ගෑස් සමාගම Sri Lanka Insurance Corporation අයත් රජයේ සමාගමකි. ලාබ ලබමින් පවතින ආයතන පුද්ගලික කරණය කිරීමට පෙර පාඩු ලබන්නා වූ ආයතන පළමුව පුද්ගලික කරණය කලයුතුවේ. ලාබ ලබන්නාවූ රජයේ සමාගම් පුද්ගලිකකරණය නොකර පුද්ගලික ආයතන මෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයන් සහ ප්‍රතිපත්තීන් සහ කළමනාකරණය නිසි ආකාරයට පවත්වාගෙන යා යුතුවේ...
සෞභාග්‍යයේ දැක්ම Friday, 26 January 2024 04:34 PM
රත්‍රන් බිත්තර දැමූ කිකිළි මතක් වුණා... ඒක වෙනම දෙයක් කියමුකෝ.. ඒත් රජය ව්‍යාපාර නොකරනවා නම් හොඳයි... ඒ අතර රජයේ අයිතිය තිබිලා පුද්ගලික අංශයට දෙනවිට විකිණීමට ඇතුළත් කරන කොන්දේසි ජනතා හිතවාදී වීමට සකසන්න ඕනෑ... එහෙම නොකළොත් තමයි ප්‍රශ්න හා ගැටළු වෙන්නේ... උදාහරණයක් හැටියට කිව්වොත් මේ වනවිට කීප වාරයක් භාණ්ඩාගාරයට මුදල් යවලා තියෙන්නේ පුද්ගලික වුණොත් ඒවා නැතිනොවෙන ආකාරයට ගිවිසුම් ගතවීමට බලපාන ආකාරයට කටයුතු කරන්න ඕනෑ...
ajith Friday, 26 January 2024 07:14 PM
ගෑස් විකිණීම, ඉන්ධන විකිණීම, හෝටල්වල අයිතිය වැනි ව්‍යාපාර කිරීම රජයක් විසින් කළයුතු දේවල්ද?
රංබොඩ Friday, 26 January 2024 07:39 PM
තියෙන තියෙන එක විකුණාගෙන කන එකයි, ණයට ගන්න එකයි ඇරෙන්න වෙනනම් කරන දෙයක් පේන්න නෑ. කට මැත දෙඩවනවා රට ගොඩදැම්මා කියලා. දැන් සමාජ ජාලා එහෙමත් තහනම් කරගෙන තමයි ජනාධිපතිවරණයට එන්න හදන්නේ... ඇත්තටම කිසිම පක්ෂයක ජාතික නායකයෙක් නෑනේ ඡන්දයක් දෙන්න...
pakeer Saturday, 27 January 2024 06:53 AM
දැන් ඕක විකුණුවේ නැතිනම් අපිට ලාබෙට ගෑස් ලැබෙනවද? එහෙම නැතිනම් නිකන් ගෑස් ලැබෙනවද? අනේ නිකන් පලයල්ලා යන්න... ඔයාට ඕනේ නම් කාපල්ලා.. ඒත් මට නම් දැන් වැඩක් නැහැ... මට වීසා දෙන්න යුරෝපයට යන්න...
Vithana Saturday, 27 January 2024 06:58 AM
ව්‍යාපාර කරන රාජ්‍ය ආයතන සියල්ල පුද්ගලික අංශයට දී ආණ්ඩුව ඔවුන්ගෙන් බදු අය කරගත යුතුයි. එසේත් නැත්නම් ආණ්ඩුවට සුළුතර කොටස් තියෙන සමාගම් කළ යුතුයි. එවිට ආණ්ඩුවේ අඩු ආදායම ඉහල යනවා මෙන්ම වෙළඳපොළ තරඟකාරිත්වයක් ඇතිවෙලා ඒකාධිකාර පවත්වාගෙන යන්න බැරි වෙනවා. මුදල් උපයන ව්‍යාපාර ආණ්ඩුව සතු වුණාම එවායේ දූෂණ වංචා වෙනවා වැඩියි...
රාජේශ් ඛන්නා Saturday, 27 January 2024 08:43 AM
දියුණු වෙන රටකට අවශ්‍ය ලාභ ලබන ආයතන. ඒවා රජයේද පවුද්ගලිකද කියන එක අදාළ නැහැ. ප්‍රශ්ණය තියෙන්නේ ලංකාව වගේ රටක, ලාබ නොලබන විට රජයේ ආයතනවල පව් මහජනයා මත පැටවෙන විටයි. එනිසා රජය කළ යුත්තේ ව්‍යාපාර සියල්ල පවුද්ගලික අංශයට පමණක් පවරා ශක්තිමත් නීති පද්ධතියකින් එම ව්‍යාපාර සහ බදු ප්‍රතිපත්තිය ආරක්ෂණය කිරීමයි. එදා, බස්, ට්‍රාන්ස්පෝමර ආදී රජයේ දේපොළ මෙන්ම විරුද්ධවාදීන් ගේ ජිවිත හා දේපොළ ද ගිනි තබා විනාශ කර අපේ රට ගොඩගන්න බැරි තරම් ආපස්සට ඇදීමට එකතු වූ රතු මල්ලිලා අදත් පාරවල් අවහිර කරමින් පිස්සු කෙළින්නේ රජය මගින් කරන මේ ව්‍යාපාර දඩමීමා කර ගනිමිනි. අතීතය නොදත් තරුණ පරම්පරාව තවදුරටත් නොමඟ යැවීමට ඇති වේදිකාවලට පාටක්, පක්ෂයක් නොබලා තිත තැබිය යුතුමයි...
සිල්වා Saturday, 27 January 2024 09:25 AM
ඇයි ලාබ ලබන ආයතනයක් විකුණන්නේ? පෞද්ගලික අංශයට තරගකාරි ලෙස නව ආයතන පිහිටුවන්න ඉඩ දෙන්න...!
Rata Perata Saturday, 27 January 2024 10:45 AM
ලාබද? පාඩුද? කියන එක අදාළ නැහැ. ගන්න කෙනෙක් ඉන්නවා නම් රටේ ඕන සම්පතක් විකුණනවා. ඒක තමයි රනිල් ඇතුළු මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ...!
මුදළාලි Saturday, 27 January 2024 11:31 AM
වෙළෙන්දා කියන්නෙ එකෙක්, පාලකයා කියන්නේ තවත් එකෙක්... ඉතින් පාලකයා වෙළෙන්දා වුණාම වැඩක් කෙරෙන්නේ නැහැ... මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ... එහෙම නැතුව රට හදන්න බැහැ. රජය කඩවල් දාගෙන හෙංචයියො සේවයේ යොදාගෙන ආයතන පාඩුවෙනකොට ජනතා මුදල් පඩිගෙවීමට හා වර්ෂය අවසානයේ ලාභ නැතත් ලාභාංශ ගෙවිම් සඳහා ගත්තාම රට අගාධයකට යනවා... මිනිස්සු එදාවේල නැතුව දුක් විඳිනවා මේනිසා රජයේ ජනාධිපති අගමැති ඇමතිලා වෙළෙන්ඳන්ට වෙළඳාම බාරදීලා ඔවුන් පාලකයෝ විය යුතුයි...!
මහසෙන් Saturday, 27 January 2024 01:27 PM
පාර්ලීමේන්තුව දුවන්නේ පාඩුවටද? ලාබයටද? විකුණාගන්න බැරිද? ලාභ ඒවයි. අලාභ ඒවායි. දෙක විකුණන නිසා ඇහුවේ...!
dhamneth Saturday, 27 January 2024 04:02 PM
චන්ද්‍රිකා මහත්මිය ජනාධිපති කාලයේ ගෑස් අලෙවිය විදේශ සමාගමකට දීලා ජනතාවට සෑහෙන්න ප්‍රශ්න ඇතිවුණානේ... ඒ මෝඩකම නැවත කරන්න එපා.
Chandanie Sunday, 28 January 2024 05:36 AM
දෙනකොට අනාගතයේ ඇතිවියහැකි ප්‍රශ්න ගැටලු ගැන දුරදිග නොසිතා තමන්ට ලැබෙන ලාභය ගැන පමණක් සිතා සකසා ගන්නා ගිවිසුම් මගින්ම පැවරීම කලාම එහෙම දේවල් වෙනවා. චන්ද්‍රිකා කාලයේ එහෙම කරන්න ඇති...