IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ලියාපදිංචි නැති ඖෂධ රජයේ රෝහල්වල භාවිතය වරදක්

(විනීතා එම් ගමගේ)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නැති ආයුර්වේද ඖෂධමය පැණියක් බටහිර වෛද්‍ය ක්‍රමය භාවිතා වන රජයේ රෝහල්වල භාවිතා කිරීම නීතීවිරෝධී කටයුත්තකැයි ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන අජිත් අමරසිංහ මහතා පෙන්වා දෙයි.

වසර දහස් ගණනක් පැරණි දේශීය වෛද්‍ය ක්‍රමය ගැන ඇති සැකයක් නොව ප්‍රශ්න පවතින්නේ එය භාවිතයට ගැනීමට සූදානම් වන ක්‍රමවේදය පිළිබඳව යැයි ද අමරසිංහ මහතා කිය.

බටහිර ක්‍රමයේ පුහුණු වෛද්‍යවරයකු විසින් ආයුර්වේද ඖෂධයක් හෝ වෙනත් වෛද්‍ය ක්‍රමයක ඖෂධයක් රෝගියෙකුට තුණ්ඩුවව ලියා දීම බරපතල වෘත්තිය ආචාර ධර්ම කඩකිරීම් ගණයට වැටෙන වරදක් බවත් එයට දඬුවම වන්නේ ලියාපදිංචිය අහෝසි කිරීම වන බවත් පෙන්වා දුන් අමරසිංහ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නැති බෙහෙතක් රජයේ රෝහලක නියම කිරීම ද එවැනි වරදක් වන්නේයැයි පෙන්වා දුන්නේය.

මෙරට නිෂ්පාදිත ඖෂධයක් වුවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට පෙර සායනික පරික්ෂණවලට යොමු කර යම් යම් මට්ටම්වලින් පරික්ෂා කර ඇත් ද ඖෂධය ක්‍රියාකාරිද වැනි තත්ත්වයන් අධ්‍යයනය කළ යුතුව ඇතැයි  පෙන්වා දුන් වෛද්‍ය අමරසිංහ අධිකාරියේ ලියාපදිංචිය  ලබා ගැනීමට ඉදිරිපත් කළ හැක්කේ අනතුරුව යැයි ද කියා සිටයේය.

මෙම නිත්‍යානුකූල ක්‍රමවේද කිසිවක් නැතිව එම පැණිය බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රෝහල්වට භාවිතයට නිර්දේශ කිරීමෙන් පවතින ක්‍රමවේද උල්ලංඝණය කිරීම ද, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විහිළුවකට හා හෑල්ලුවට ලක්කිරීමක් ද සිදුවන්නේ යැයි කී අමරසිංහ මහතා එයත් බරපතල වරදක් වන්නේ යැයි ද කීය.



අදහස් (22)

ලියාපදිංචි නැති ඖෂධ රජයේ රෝහල්වල භාවිතය වරදක්

sana Wednesday, 28 October 2020 11:00 AM

එතකොට දොස්තර මහත්තයො ඔය මෙඩිකල් රෙප් ලා ලියන්න කියලා දෙන බේත් ඒ වෙළෙඳ නාමයෙන්ම කියන්නේ ඒවා ඒ ලියාපදිංචිය අරන්ද කියලා හොයලාද?

:       24       29

Wca Wednesday, 28 October 2020 11:18 AM

අනේ මේ අයට බෙහෙතක්වත් හදාගන්න බෑ. නිකන් බෙරිහන් දෙනවා.

:       25       25

Nuwan Wednesday, 28 October 2020 11:27 AM

කාට හරි ගානක් යනවානම් කසාය මුට්ටි ගණන් පොවයි උදේ හවා.

:       9       27

Siripala Wednesday, 28 October 2020 11:41 AM

දැං රෝහල් පිරිලා අවසන් වූනාම ආයුර්වේද රොහල් භාවිතා කරන බවක් සඳහන් වුනා. ඒකත් වෘත්තිය අපචාරයක් වේවි ,කුහක කම හැර වෙන කුමක්ද ? මෙතැනදී බලන්න ඕන රෝගීන් මිය යෑම වැලැක්වීම මිසක් එක එක අයට ළකුණු දමා ගැනීම නොවේ!!

:       17       36

Kapila Wednesday, 28 October 2020 11:41 AM

ලංකාවට ගේන බෙහෙත් වලින් කොමිස් හම්බුවෙන්නෙ නැහැනෙ සිංහල බෙහෙත් සාර්ථක වූනොත්

:       18       33

[email protected] Wednesday, 28 October 2020 11:42 AM

තමන්ගේ වෙදකමේ ලෙඩේට බෙහෙතක් නැති නිසා, ලෙඩ්ඩුන්ට උඩබලාගෙන ඉන්න කියන එකද මෙයාගේ වෘත්තීය?

:       16       34

සමීර Wednesday, 28 October 2020 11:44 AM

සර්ගෙයි සර්ගෙ එහෙයියො කියන දේවල් ටිකයි තමයි චක්‍රලේඛ කියල කලින්ම කිව්වනේ. දැන් ඉතින් කියන දේ කරලා පැත්තකට වෙලා ඉන්න එකයි තියෙන්නෙ.

:       14       33

sanath kumara Wednesday, 28 October 2020 11:58 AM

බටහිර වෛද්‍ය විද්‍යාවේ ඔය ලියන බෙහෙත්වල සයිඩ් ඉෆෙක්ට් ගැන දොස්තරලා කී දෙනෙක් දැනුවත්ද.?

:       10       28

RaveendraWednesday, 28 October 2020 03:11 PM

"දැනගන්න කියවන්න ඕනනේ".... කොහෙද ඒවාට වෙලාවක්..... අපි ඉස්සර නම් අහල තියෙනවා "දොස්තර මහත්තයලට" මාසෙකට එක දවසක් හෝ කියවීමේ දිනයක් තියෙනවා කියලා.... එහෙම එකක් දැන් තියෙනවද මන්ද. තිබුනත් මුදල් පස්සේ කාමරාගනිමින් ඉන්න මිනිසුන්ගෙන් ඒවගේ දෙයක් බලාපොරොත්තුවීම විහිළුවක්.... එලෙසම ඔය කියන බෙහෙත බටහිර හෝ නැගෙනහිර වෛද්‍ය ක්‍රමවලට නොගැලපුනත් ලෙඩේ හොදවෙනවා නම් අප එය ඉක්මනින් අවශ්‍ය නිර්ණායක පිලිබදව සොයා බලා ලියාපදිංචි කිරීමට දිව්‍ය ලෝකේ ඥාණය අවශ්‍යද යන්න මෙම දොස්තර මහත්තයාගෙන් විමසීමට කැමැත්තෙමු..

:       7       29

Dasa PWednesday, 28 October 2020 09:38 PM

සමහරවිට හැම දොස්තරම දැනුවත් නැතුව ඇති.

:       0       0

pathiranaThursday, 29 October 2020 05:02 AM

මෙතන එතුමා කියන්නේ බටහිර වෛද්‍යවරුන්ට දේශීය වෛද්‍ය ක්‍රමය භාවිතා කිරීම වැරදියි කියන එක.

:       1       6

පුන්තිලා Wednesday, 28 October 2020 04:05 PM

ආචාර ධර්ම අනුවම කටයුතු කරන අයනේ මේ කතා කරන්නේ අනේ මගේ රට

:       1       1

Amila Indrajith Wednesday, 28 October 2020 05:07 PM

මහත්තමයා.ඕනෑම බෙහෙතක් ලංකාවට ගෙන්නපුවාම වරායෙන් හෝ එයාර්පෝර්ට් එකෙන් එලියට දෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියෙන් පස්සේ.. ඒ ඕනෑම බෙහෙතක ඒවට වෙන්වෙන බැජ් නම්බර් එකක් තියෙනවා.. ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් එකෙන් ඒ නම්බර් එක යොදලා චෙක් කරන්න පුළුවන්. සම්පූර්ණ විස්තර එනව එතනින්. නිශ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය වගේ..එහෙම නැහැ කියන්නේ හොරෙන් ගෙනාව ඒවා. මම මේ සරලව කිව්වේ.. අපිට ඕනෑ විදියට බෙහෙත් ප්‍රමෝට් කරන්න බැහැ..

:       0       2

kamal Wednesday, 28 October 2020 09:59 PM

මේ අදහස් දැක්කම 69 ලක්ෂයක් බයියෝ හොයාගන්නේ කොහොමද කියලා තේරෙනවා.

:       0       4

ranjith Wednesday, 28 October 2020 10:57 PM

මේ නීති රීති ගැන හොයලා බලන්නේ නැතුව තීරණ ගැනීම වරදක් තමයි.

:       0       1

සමන් Thursday, 29 October 2020 02:04 AM

මහත්තයෝ ඔය බෙහෙතම සුද්දෙක් දෙන්න කියලා අනුමත කලොත් දොහොත් මුදුන් දීලා වැදලා පිළිඅරගෙන මාධ්‍ය සාකච්වඡාකුත් තියලා ප්‍රචාරයකුත් දෙනවා නේද? වහල්භාවයෙන් මිදෙන්න, උගත්කම වැඩක් නෑ බුද්ධිය නැත්නම්.

:       2       2

අමල් Thursday, 29 October 2020 02:17 AM

අපිට වෘත්තීය ආචාර ධර්ම පිළිබඳ පැහැදිලි කළොත් හොඳයි. ඒක ගැන දැනගන්න. හැබැයි ලියාපදිංචිය තහනම් කලොත් කීදෙනෙක් ඉතිරි වෙයිද දන්නේ නැහැ. පොතට ,මාන්නයට ,මූදලට යට නොවී මනුස්සකම සහ රොගියාගෙ යහපත සඳහා කටයුතු කිරීම ඒකට අයත් නැතිද.

:       1       0

මුණසිංහ Thursday, 29 October 2020 02:29 AM

මම දන්න විදියට දොස්තරලට අයිතියක් නැහැ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න. දොස්තරලගෙ රාජකාරිය ලෙඩේ හඳුනා ගැනිම පමණයි. බෙහෙත් නියම කළ යුත්තේ ඖෂධවේදීන්. ඖෂධවේදීන් ඉන්නේ දොස්තර නියම කළ බෙහෙත් තුණ්ඩුවට බෙහෙත් නිකුත් කිරීමට නෙවෙයි. ලංකාවේ සියලු බලාධිකාරයන් දොස්තරලා පවරාගෙන. මෙය නිවැරදි කළ යුතුයි. මෙයාල විදේශගත වුනොත් ඔය වැඩේ හරියන්නේ නැතිබව එයාල දන්නවා.

:       2       1

සමන්ත Thursday, 29 October 2020 05:29 AM

විද්‍යාව බැහැර කරලා අවිද්‍යාව අදහන බයියොන්ට, චන්න ජයසුමන මහතාට දෙයියෝ හීනෙන් පෙනිලා කිව්ව බෙහෙතුත් ඇත්ත වූන එකේ මේවා මොනවාද? ඇඳගෙන ඉන්න එකේ ඇදගෙනම නාන බව නම් ශුවර් ඕං. බටහිර වෙදකම කියන්නේ එකක්. ආයුර්වේදය කියන්නේ තව එකක්. හැමඑකම පටලාගත්ත අයට යා යුතු මගක් පේන්නේ නෑ. ඔහොම යං.

:       5       9

දිමුත් Thursday, 29 October 2020 05:45 AM

ඕකෙන් ලෙඩ්ඩුන්ට මොනාහරි වුනොත් වගකීම කවුද ගන්නේ?

:       5       8

chandana Thursday, 29 October 2020 05:33 PM

මා හට වැටහෙන විදිහට මෙහි සැඟවුනු සත්‍යයක් ඇත. එනම් බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තේ වුවද බටහිර ගැති එහෙයියන් නොවන දේශීය වටිනාකම් අගයන වෛද්‍යවරු පිරිසක්ද, බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ඒ මතම නහිමින් අලුතින් යමක් නොසිතන පරගැති වෛද්‍යවරු පිරිසක්ද අපේ රටේ සිටින බවයි. බටහිර වෛද්‍ය විද්‍යාව රෝගයේ ප්‍රතිපලවලට ප්‍රතිකාර කරයි. දේශීය වෛද්‍ය ක්‍රමය රෝග මූලයට ප්‍රතිකාර කරයි. උපකරණවලට කොටුවුනු බටහිර සායනික පරීක්ෂවල ප්‍රතිපල කෙරෙහි මෙන්ම වසර සිය දහස් ගණනක අත්දැකීම් කරපින්නා ගත් දේශීය වෛද්‍ය ක්‍රමවල ප්‍රතිපල කෙරෙහිද විශ්වාස තැබිය හැකිය. කෙසේවුවද දේශීය වෛද්‍යක්‍රම සඳහා යොදාගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය බැවින් බටහිර පෙති, කරල් තරම් ශරීරයට අහිතකර වේ යැයි සිතිය නොහැක. මෙම ප්‍රතිකාර ක්‍රම දෙක තුලම අවස්ථානුකූලව වටිනාකම් ඇත. කිසිවක් නොදැන මෙලෙස නිර්දය ලෙස විවේචනය කිරීම වෛද්‍යවරයෙකුට නොගැලපෙන ලජ්ජා සහගත ක්‍රියාවකි.

:       3       1

මුණසිංහ Friday, 30 October 2020 02:17 AM

100% නිවැරදි සත්‍ය කතාවක්. බටහිර ඖෂධ වලින් දෙන කරල් සහ පෙතිවල අන්තර්ගත වන්නේ ශාක සාර බව දන්නේ කී දෙනාද? එම ශාකසාර කෘත්‍රිමව දැන් හදනවා. බටහිර ⁣රටවල් බොහෝ ශාක සාරවල පේටන්ට් බලපත්‍ර ඔවුන් සතු කරගෙන තිබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1034 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 4 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 397 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 239 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 838 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 256 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 342 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site