IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ලියාපදිංචි සමාගම් යළි ලියාපදිංචි කරන්න වෙයි

(අංජුල මහික වීරරත්න)

සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද හෝ ලියාපදිංචි කරන ලද සමාගම් නැවත ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සැලසීම පිණිස විශේෂ විධිවිධාන පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබිණි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සමාගම් වලට අදාල ක්‍රියා පටිපාටි, මෙහෙයුම් සහ වෙනත් අවශ්‍යතා 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ දැක්වෙන අතර 2024-03-31 දින වන විට එම පනත යටතේ සංස්ථාපනය කර හෝ ලියාපදිංචි කර ඇති සමාගම් සංඛ්‍යාව ආසන්න වශයෙන් 199484 ක් පමණ වේ.

මේ වන විට එකී පනත යටතේ සංස්ථාපනය හෝ ලියාපදිංචි කර ඇති සමාගම් අතුරින් සක්‍රීය තත්ත්වයේ පවතින සමාගම් ප්‍රමාණය හඳුනා ගැනීම සඳහා දැනට පවතින පනතෙහි ප්‍රතිපාදන නොමැති බැවින් ඒ සඳහා නව නීතියක් පැනවීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ. 

ඒ අනුව 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද හෝ ලියාපදිංචි කරන ලද සමාගම් නැවත ලියාපදිංචි කිරීමට විධි විධාන සැලසීම සඳහා නව නීතියක් හඳුන්වා දීමටත්, ඒ සඳහා සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් කර්‌මාන්ත අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.

 

 



අදහස් (2)

ලියාපදිංචි සමාගම් යළි ලියාපදිංචි කරන්න වෙයි

පාඨකයෙක් Thursday, 11 July 2024 04:34 PM

දැනට පවත්වා යන සමාගම්වල නියම සංඛ්‍යාලේඛන ලබාගැනීමට නම්, එම ආයතනවල ලියාපදිංචි ලිපිනයට ලිපියක් යවා, දින 7ක් ඇතුළත ලිඛිතව ව්‍යාපාරය සක්‍රිය ද යන්න තහවුරු කර පිළිතුරු එවන ලෙස දැනුම් දිය හැකියි. නමුත්, මෙම නව විධිවිධානවල සැබෑ අරමුණ ලියාපදිංචි ගාස්තු ලෙස මුදල් ඉපයීම විය නොහැකිද? යහපාලන සමයේදී, ආදායමට සාපේක්ෂව වියදම් බොහෝ ලෙස වැඩි වූ සුලු පරිමාණ ව්‍යාපාර රැසක් වසාදමන තත්ත්වයට පත්විය. එයින් ද මුදල් ඉපයීමේ පරමාර්‍ථයෙන්, එවකට මුදල් ඇමැතිවරයා ව්‍යාපාරයක් වසාදැමීමේදී රුපියල් 50,000ක් අදාළ රජයේ ආයතනයට ගෙවිය යුතු බවට නීතියක් ක්‍රියාත්මක කළේය. එමගින් ව්‍යාපාර නිසි ලෙස ක්‍රියාත්මක නොවුණත්, නීතිප්‍රකාරව එම ව්‍යාපාර අවසන් නොකිරීමට පොළඹවන තත්ත්වයක් උදා විය. දැන් මේ අත්විඳින්නේ එහි ප්‍රතිඵල නොවේද?

:       0       0

de silva Thursday, 11 July 2024 11:23 PM

ලියාපදින්චිවෙලා තිබෙන සමාගම් විසින් වාර්ෂිකව ගාස්තුවක් රජයට ගෙවනවා. ඒකෙන් පෙනෙනවා සක්‍රීය සමාගම් මොනවද නැද්ද කියලා? පසුගිය වසර 3 තුළ සහ ඉන්පෙර වාර්ෂික ගාස්තු ගෙවීම් පැහැර හරින ලද සමාගම් වෙතොත් ඔවුන්ට ඒවා ගෙවන්න මාස 1 ක පමණ කාලයක් ලබාදීලා එසේ නොකරන සමාගම් වල ලියාපදිංචිය අවලංගුකර ඒවාට නම් හිඟ ගාස්තු දඩයක් සමග ගෙවලා නැවත ලියාපදිංචි වන ලෙස දැනුම් දුන්නාම මේ ප්‍රශ්නේ විසඳෙනවා.... මේ සියලුම සමාගම් නැවත ලියාපදිංචි කරන ලෙස ගත් තීරණය නිසා කලින් වාර්ෂිකව ගාස්තු ගෙවීම පැහැර හැරි සමාගම්වලට ඒවා ගෙවන එක පැහැර හැර අලුතෙන් ලියාපදිංචි වෙන්න පුළුවන්... නිසිලෙස ගාස්තු ගෙවමින් පවත්වාගෙන එන සමාගම් වලටත් අගතියක් සිදුවෙනවා.. රජය මේ ගැන නැවත සිතා බලන්න. මේ අවස්ථාවේ රජය කළයුත්තේ රටේ ආර්ථිකය දුවවන සමාගම්වලට ව්‍යාපාර කටයුතු පහසු කිරීමට කටයුතු කිරීම මිස ඔවුන් අපහසුවට පත්කිරීම නොවේ. මේ වැඩ සඳහා ව්‍යාපාරිකයාගේ සහ රජයේ නිලධාරීන්ගේ විශාල කාලයක්, ශ්‍රමයක් නිකරුනේ නාස්ති වෙනවා.. මෙම කාලය සහ ශ්‍රමය වැය කර පසුගිය කාලයේ රජයේ ගාස්තු නොගෙවපු සමාගම් හඳුනාගෙන එම මුදල් අයකර ගැනීමට කටයුතු කිරීම ඵලදායක බව මගේ අදහසයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2135 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1385 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2201 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 542 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3117 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24487 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site