(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ නීතීඥ පුතෙකුගේ නිවසක සුරතලයට ඇතිකරන සුනඛයකුට වස දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක් (25) දා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක බව පොලීසිය කියයි.
කිරිවත්තුඩුව තලගල වත්ත ප්‍රදේශයේ පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවස පිහිටි භූමිය අවට ස්ථාන කිහිපයක ඉකුත් 12 දා කුඩා ප්‍රමාණයේ සැකකටයුතු පාර්සල් කිහිපයක් තිබී ඇති අතර ඒ බව දුටු මෙහෙකාරිය නීතිඥවරයා දැනුවත් කර ඇති අතර ඒ පිළිබඳව සොයා බලමින් සිටියදී එක්වරම නිවසේ ඇතිකරන සුනඛයා සෙම පෙරාගෙන සිහිසුන්ව බිම ඇද වැටී තිබේ.
ඒ අනුව පශු වෛද්‍යවරයෙකු නිවසට කැඳවා සුනඛයා පරික්ෂා කොට ඇති අතර එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ කිසියම් වස වර්ගයක් ශරීරගත වීමෙන් සුනඛයා මියගොස් ඇති බවයි.
ඒ අනුව නිවසේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පරික්ෂා කිරීමේදී ඉකුත් 12 දා නිවස ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණි රතු පැහැති මෝටර් රථයක් පැමිණ ඉන් බැසගත් පුද්ගලයෙකු කිසියම් ද්‍රව්‍යයක් වත්ත තුළට විසි කරන අයුරු දැක තිබේ.
ඒ අනුව නිවස හිමි නීතිඥවරයා සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේදී සැකකටයුතු ලෙස පැමිණි මෝටර් රථය මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි ශ්‍රේෂ්ඨාධිකරණයේ රාජකාරියේ නිරත නීතිඥවරියක ට අයත් එකක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.
ඒ අනුව සැකකාර නීතිඥවරියට 25 දා පොලිසියට පැමිණෙන ලෙසට කළ දැනුම්දීමකට අනුව පොලිසියට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශයක් සටහන් කොට ගෙන කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගැණිනි.
මීට වසර පහකට පෙර පැමිණිලිකාර නීතිඥවරයා ඝාතනය කිරීමේ අරමුණෙන් පුද්ගලයින් සිව් දෙනෙකු පැමිණිලිකරුගේ නිවසට පැමිණ කලහකාරීව හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද මීට පෙර පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ. පැමිණිලිකරු මෙරට කීර්තිමත් මියගිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ගේ පුත්‍රයෙකි.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝයර්ගේ බල්ලා මැරුවැයි ලෝයර් අත්අඩංගුවට
ලුම්බිණි Wednesday, 26 April 2023 11:15 AM
දුෂ්ඨ ගැණියෙක්. හිරේ දැමිය යුතුයි.