IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


ලයිෂන් නැති අයට පාර්ලිමේන්තුව දුන්නොත් යන තැන හිතාගන්න බෑ

(අංජුල මහික වීරරත්න)

ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවී දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ සැබෑ ප්‍රශ්නය වන ආර්ථික අර්බුදය ගැන කතා නොකර සිල්ලර දේශපාලනය කිරීමෙන් රට තවත් අනතුරට ඇද වැටෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කොළඹ ආකේඩ් පරිශ්‍රයේ පැවති තරුණ හමුවකට අද(03) වැනි දා සහභාගී වෙමිනි.

"මේ යන විදියට රට කොහේ යයිද කියලා අපි දන්නේ නෑ. මේ අයට කිසිම පලපුරුද්දක් තිබෙන බවක් පේන්න නෑ. ඒක තමයි ප්‍රශ්නේ.ඉතින් පලපුරුද්දක්  නැති අය දාලා කොහෙද යන්නේ.තරුණයන්ගේ අනාගතය ඔවුන්ට භාර දෙන්න පුළුවන්ද, බස් රියක් එලවන රියැදුරුටත් ලයිෂන් එකක් තිබෙනවා. මේ අයට ලයිෂන් එකක් තිබෙනවාද, ඒ නිසා දන්න අය, පලපුරුදු අය පාර්ලිමේන්තුවට එවන ලෙස මා පවසනවා. දැන් කොහොම හරි අප ඉන්නේ පලපුරුදු නැති තැනක. පාර්ලිමේන්තුවත් පලපුරුදු නැති අයගෙන් පුරවන්න යනවාද කියා ප්‍රශ්න කළ යුතුයි. පලපුරුදු නැති අය පාර්ලිමේන්තුවට ගෙනවිත් පුරවන්න කියා ඇතැම් අය කියනවනේ. මේ ඇවිත් ඉන්න පිරිස කවුද, අඩුගානේ දැකලා තියෙනවාද, මේක හරියට සැඟවුන අමුත්තා වගේ" යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.



අදහස් (38)

ලයිෂන් නැති අයට පාර්ලිමේන්තුව දුන්නොත් යන තැන හිතාගන්න බෑ

සෞදි-සිංහ Sunday, 03 November 2024 04:31 PM

අඬන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්නවද අංකල්....?

:       150       180

ගමේ එකාලා Sunday, 03 November 2024 04:49 PM

අවුරුදු 47ක් දේශපාලනේ කරලා, පිනට ජනාධිපති වෙච්චි තමුන්ගේ පළපුරුදු කම් ගැන නම් අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මාරුවෙන් මාරුවට බලයේ හිටපු බලලෝභී, බඩගෝස්තරවාදී, කාලකන්නි, දූෂිත දේශපාලුවන් රටට කරපු විනාසේ හොඳටම ඇති...

:       136       176

Don simanWednesday, 06 November 2024 12:44 PM

ගමේ එකාලා මහත්තයෝ - මගේ හිතට නැගුන අදහස ඔබ ලස්සනට පළ කරලා තියෙනවා. ලංකාවේ ජනතාවගේ චින්තන රටාවේ වෙනස ගැන සතුටුයි. ඒත් මේ ඩිස්ලයික් දැක්කම තේරෙනවා තවත් වහල්ලූ කොච්චර ඉන්නවද කියල

:       4       22

sugath Sunday, 03 November 2024 04:52 PM

ඇයි මතක නැද්ද අවුරුදු 75ක් ලයිසන් තිබ්බ සෙට් එකක් එකතුවෙලා 2021 දී රට බංකොලොත් කළා...!

:       138       163

J.Dhayalan Sunday, 03 November 2024 04:54 PM

ලයිසන් තිබුණු ඔය අය මෙච්චර කල් මොකද කළේ? ලංකාවේ නිෂ්පාදනයක් කියලා ලෝකයට කියන්න මොනවා හරි තියෙනවාද? අවුරුදු 70 කට වැඩිය ආණ්ඩු මාරු කර කර ඔබ සියලුදෙනා රජ සැප වින්දා, සාමාන්‍ය ජනතාව දවසින් දවස කබලෙන් ලිපට වැටුණා...

:       131       149

සෙනෙවිරත්න Sunday, 03 November 2024 05:07 PM

මේ කියන්නේ බාර්, පස්, වැලි, ගස්කපන, කැලෑ කපන, එතනෝල් ගෙන්වනවා වගේ ලයිසන් ගැන. බොරුවක් නෙවෙයි, ඒ ලයිසන් තියෙන අය මාලිමාවේ ලැයිස්තුවට නැහැ.

:       118       139

Jagath Sunday, 03 November 2024 05:11 PM

ඕකට උත්තරේ ළඟදිම හරිනි නෝනාගෙන් ලැබේවි, කලින් කියපු මෝඩ කතාවට වගේ කලිසම ගැලවිලාම යන්න.

:       103       119

sachith Sunday, 03 November 2024 05:30 PM

මෙයාලාට තියෙන සුදුසුකම් නම් ලෝකයේ වෙන කාටවත් නැතිව ඇති... තාමත් ලැජ්ජා නැතිව අර රිය අනතුරින් මැරුණ අහිංසක ළමයින්වත් උදාහරණ වලට අරගෙන දේශපාලනේ කරනවනේ.

:       100       109

පිටරටවැසියා Sunday, 03 November 2024 06:09 PM

දෙපාරක්ම ලයිසන් කැන්සල් කරලා ගෙදර ඇරපු ඔයත් කරේ පස්ස දෙරෙන් ඇවිත් ටෙම්පරියක් කියලා හොඳට මතක තියාගන්න. ඒ ටෙම්පරියත් ෆේල් හින්දා තුන්වෙනිපාරටත් ලයිසන්එක ලයිසන් කරලා ගෙදරම ඇරියේ...

:       7       40

කුකුල් චමින්ද Sunday, 03 November 2024 06:12 PM

ලයිසන් තිබ්බ අය වසර 76ක්ම රජසැප වින්දා. ලයිසන් නැති අපි වගේ අය, එක බත් කටක් විතරක් කාලා, වතුර කළයක්ම බීලා, හැමදාම හීල්ලුවා...

:       5       31

DHARMATILEKE Sunday, 03 November 2024 06:29 PM

මහින්ද මහත්තයා, රනිල් මහත්තයා... හොර ලයිසන් කාරයෝ... ඒක නිසා තමයි රටට මෙහෙම වුණේ...

:       0       3

Mohan Sunday, 03 November 2024 06:40 PM

මෙයාගේ පවුලට ලයිසන් තියනවා... ඒත් එයාලානේ රට කෑවේ

:       0       3

ජගත් ලියනගේ Sunday, 03 November 2024 06:57 PM

ඔය රනිල් අංකල් අපේ රටට කරපු කිසිම දෙයක් නැහැ. හැබැයි එයාගෙ ගජ මිතුරන්ට හිතේ හැටියට හොරකම් කරන්න නං ඉඩ දුන්න.

:       0       3

SANATH Sunday, 03 November 2024 07:11 PM

ලයිසන් තිබ්බ ඔහෙලා අවුරුදු ගානක් කාලා දැම්මා රටට දැන්වත් නැගිටින්න දීලා ගෙදරට වෙලා සතෙක් හදාගෙන ඉන්න මහත්තයෝ

:       0       3

කිරූ Sunday, 03 November 2024 08:06 PM

ලැයිසන් තියනවා කියන උං රට ගෙනිහින් තියෙන තැන මදෑ.

:       0       2

අභය ගුරුසිංහ Sunday, 03 November 2024 08:34 PM

ඉතා හොඳයි...!

:       0       1

අභය ලාල් ගුරුසිංහ Sunday, 03 November 2024 08:38 PM

මේයාලට තියෙන්නේ දැන් තියෙන චෝදනාවල් වලට දඬුවම් ලැබෙයි කියන එකයි.

:       0       2

Joli Seeya Sunday, 03 November 2024 08:45 PM

අපි මේ ලයිෂන් තිබ්බයි කියපු අය කරපු හරිය හිතාගන්ඩ බැරුව ඉන්නවා.

:       0       2

Bernard Perera Sunday, 03 November 2024 09:04 PM

මේ රට පාලනය කරන්නේ තුන්දෙනෙක් එකතු වෙලා.. තොපි හැත්ත බුරුත්ත 225 ක් උපදේශකයෝ 95 ක් ඉඳලා මුළු රටම හොරා කලා බංකොලොත් කළා. ඔයාව දකිනකොට අපේ ඇගේ මාළු නටනවා. ලැජ්ජයි...

:       0       3

ලක්විදු Sunday, 03 November 2024 09:13 PM

අර ගීතාට, ඩයනාට තිබුනේ මොන ලයිසන්ද සීයේ?

:       0       4

lalith Sunday, 03 November 2024 11:00 PM

ඔබ මුලින්ම පාර්ලිමේන්තුවට එන විට license තිබුණද?

:       0       4

Mslika Monday, 04 November 2024 12:28 AM

ඔය කියන මහත්තයා ඡන්දයකින් දිනලා ලයිසන් එක ගන්නකෝ පාර්ලිමේන්තුවට එන්න. ඒ ආවාම වැඩිදුර කතා කරමු...

:       0       3

බමුණු Monday, 04 November 2024 01:32 AM

රනිල් මහත්තයෝ කලබල වෙන්න එපා. ඒගොල්ලෝ පිළිවෙලට ලැයිසන් දෙන්නේ. ඉස්සෙල්ලාම ලැයිසන් දෙන්නේ සමන්මලී ගුණසිංහ පොරොන්දු වෙච්චි කෂ්ටියලු. අනිත් පාර්ලිමේන්තු එන ගොයියන්ට ලැයිසන් නැතිකම අපිට හොඳයි. ඔවුන් හප්පාගෙන අනාගත්තාම කාටද ආඩම්බර? එතකොටයි ඔබේ වටිනාකම පෙනෙන්නේ...!

:       0       3

Perera Monday, 04 November 2024 04:17 AM

තමුන් ඇතුළු ලයිෂන් තියනවා කියන අය රට පල්ලමකට යවලානේ තියෙන්නේ

:       27       34

Perera Monday, 04 November 2024 06:41 AM

ලයිසන් තියන අය වාහන පල්ලමට ඇරපුවාම ගොඩගන්න අයගේ ලයිසන් එක අදාළ නැහැ

:       28       28

ThilinaTuesday, 05 November 2024 04:43 PM

මම දැකපු ලස්සනම වචන ටික...!

:       4       5

විමල් Monday, 04 November 2024 07:54 AM

වචනෙන්ම පේනවා ලයිශන් තියෙන්නෙ ප්‍රභූන්ට විතරයි.අනේ ලොක්කො?

:       31       34

Lakmal Monday, 04 November 2024 08:13 AM

අනේ ලොක්කා .සාගල එක්ක පාඩුවේ ඉන්නකෝ වාතයක් නොවී

:       31       31

Sumudu Monday, 04 November 2024 09:54 AM

ඔයාලා අපේ රටට කරපු හරිය හොදටම ඇති. දැන් පාඩුවේ ඉන්න. කියන්න බැරි තරම් මහා ලොකු සේවයක්නෙ රටට කරලා ගියේ. ඔයාලගේ කාලේ දෙන් ඉවරයි. දැන් තව කෙනෙක් නිවැරදිව රට හොද තැනකට ගේන්න යද්දී කකුලෙන් අදින්නේ නැතුව පාඩුවේ බලන් .ඉන්න. රටකට ඕනේ රටට ආදරේ කරන, රටේ මිනිස්සුන්ට වගේම , රටේ සම්පත් වලටත් ආදරේ කරන, නායකයෙක් මිසක් රට විකුණන් කන දේශපාලකයෝ නොවේ.

:       24       32

Nishan Monday, 04 November 2024 11:57 AM

ඇත්තටම හොයලා බැලුවොත් රටට වැඩිම හානිය කලේ කොටි ත්‍රස්තවාදීන් සහ ජේවීපී ත්‍රස්තවාදීන්. ඒ හානිය බිලියන 250 ට වැඩි බව වික්ටර් අයිවන් කියලා තිබුණා.

:       26       9

පොඩිඑකා Monday, 04 November 2024 02:53 PM

තමුන්නාන් සේ මේ පාර ඉල්ලුවේ නැත්තේ ලසිසම එක්ස්පයර් වෙලාද?

:       6       24

Ama Monday, 04 November 2024 05:49 PM

ලයිසන් කියන්නේ මොකද්ද මෙතැන, රට දුප්පත් බවට පත් කිරීමට ලැබුණු ලයිසන් එක නේද? වෙන දෙයක් අපට මේ දර්ශක වලින් පේන්‌නේ නෑ...!

:       0       1

Sany Monday, 04 November 2024 05:59 PM

අනේ මහත්තයෝ ඔයා කියන්නේ ඔය හොරකමට ලයිසන් ඕනෑ කියල‍ාද? මම හිතන්නේ ජනතාව තණකොළ කන එක නවත්තලා...!

:       0       2

wimal Tuesday, 05 November 2024 08:13 AM

කරුණාකර මේ මනුස්සයා කියන දේ අසාපල්ලා, එන්ගලන්තෙන් අලුත්ම වාහන කෑලි ගලවල ගෙනල්ල මෙහෙ සවිකරල අනුන්ගේ තෙල්වලින් පදිනවා කියන්නෙ එසේ මෙසේ පල පුරුද්දක් නෙවෙයි නෙ

:       3       21

kumara Wednesday, 06 November 2024 07:34 AM

හරියට හරි. රනිල් බලයට පත් වුනේ ජනතා පරමාධිපත්‍ය වන ඡන්ද බලය නැතිව. ඒ කියන්නේ ලයිසන් නැතිව. රනිල් රට කෑවා. හරියටම හරි රනිල්ම කිව්වා ඒක. ජනතා ඡන්දෙන් පවතින ව්‍යවස්ථාව යටතේ බලය ලබා ගත් අයෙක්ට ලයිසන් නැහැ කියනවා නම් ඔබ යා යුත්තේ අධිකරණයට.

:       3       10

m. saman perera Wednesday, 06 November 2024 01:20 PM

එතකොට හොරුන්ට විතරද ලයිසන් තියෙන්නේ

:       2       8

Sameera Salgado Friday, 08 November 2024 09:23 PM

ලයිසන් නැති. අය එක්ක ගමනක් යනවා. ලයිසන් අරගෙන හොරා කාලා රට විනාශ කරපු ඔබලා වගේ අය එක්ක ගමනක් යනවාට වැඩිය ඒක හොඳයි...

:       0       3

Lakmal Bandara Saturday, 16 November 2024 12:06 PM

දැන් සැපද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රක්ෂණ අනතුරු වන්දියෙන් මගඩියක්
2025 අප්‍රේල් මස 02 81 0

ඇතැම් රක්ෂණ සමාගම් හදිසි අනතුරු රක්ෂණ වන්දි නියම තක්සේරු වටිනාකමට ගලපා ලබාදීම පැහැර හරින තත්වයක් පවතින බව රක්ෂණ ප්‍රතිලාභීහු රජයට පෙන්වා දෙති.


ඇඹිලිපිටිය ප්‍රා.ස.හිටපු නිලධාරීන් පිරිසක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 02 14 0

සබරගමු පළාත් සභාවට අදාල ව්‍යාපෘති 77 කට අදාලව රුපියල් 71,645,226.32 ක සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිධාරීන් කිහිප දෙනකු ම


දේශබන්දු ඉවත් කරන යෝජනාව අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 02 134 2

පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව අප්‍රේල් 8 වැනිදා සම්මත කිරී


සහල් රටින් ගේන්න ආහාර කමිටුව නිර්දේශ කරයි
2025 අප්‍රේල් මස 02 377 0

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.


කෝටිපති නිවසට පැන රන්බඩු සොරගත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 02 263 0

දෙහිවල කළුබෝවිල ශ්‍රී වන රතන පාර කෝටිපති ව්‍යාපාරික නිවසකින් රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික වටිනා රන් ආභරණ සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බ


බස් ගාස්තු ජූලි ඉහළ යනවා
2025 අප්‍රේල් මස 02 214 0

බස් ගාස්තු ලබන ජූනි මාසයේ අනිවාර්යෙන්ම සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බාස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2)


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 189 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 781 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 777 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site