(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය බිසෝපුර ප්‍රධාන මාර්ගයේ වටදාගෙය හතර මංසන්ධිය ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් ඒකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පාසල් දියණියක් මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ බිසෝබණ්ඩාරගම කේ.ඒම් සංජනා සත්සරණි ජයරත්න නමැති මැදිරිගිරිය ජාතික පාසලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකි.
මෙම දැරිය සහ ඇගේ තමත් යෙහෙලියන් පස් දෙනකු සමග නවනගරය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් සියලු දෙනාම තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මොවුන් කොහොඹදමන ප්‍රදේශයේ සිට නවනගරය දෙසට ගමන් කරමින් සිටියදී බිසෝපුර ප්‍රදේශයේ සිට මැදිරිගිරිය ප්‍රදේශයට ගමන් කළ ලොරි රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථය ඒම ප්‍රදේශයේ ප්‍රපාතයකට පෙරලී ඇත.
අනතුරින් තුවාල ලැබූවන පොලොන්නරෙුව මහරෝහලට ඇතුළත් කර ඇති අතර එහි දැඩිසත්කාර ඒ්කකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි මියගිය සංජනා සත්සරණි තවත් වැඩිදුර ප්‍රතිකාර සදහා වැලිසර රෝහලට මාරු කර යවා ඇති අතර ඒම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත.
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ලොරි - ත්‍රිරෝද රථ ගැටී දැරියක් මරුට
Udhuli Tuesday, 18 April 2023 08:44 AM
දියණියනි ඔයාට නිවන්සුව පතමු.